(නිමන්ති රණසිංහ)
පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඉදිරියේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමේ සූදානමක් පවතින බව කොවිඞ් පාලන මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
විශේෂයෙන්ම බස්නාහිර පළාත සහ කොවිඞ් උවදුර සීග‍්‍රයෙන් වර්ධනය වෙමින් පවතින පළාත්වල මෙම සංචරණ සීමා පැනවීමට හැකියාව ඇති බවත්, කිසිදු අයුරකින් රට වසා දැමීමේ සූදානමක් මෙතෙක් නොමැති බවත් යුධ හමුදාපතිවරයා සඳහන් කළේය.
එසේ සංචරණ සීමා පැනවුවද අත්‍යාවශ්‍ය සේවා, භාණ්ඩ, ඇඟලූම් කර්මාන්ත ශාලාවට අවශ්‍ය අමුද්‍රව්‍ය, වරාය ආශ්‍රීත කර්මාන්ත සම්බන්ධ සේවා වැනි රටේ ජනතාවගේ ජීවනෝපායමාර්ගයන්ට අදාළ ප‍්‍රවාහන සේවා සදහා එය බල නොපැවැත්වෙන බව ද යුධ හමුදාපතිවරයා කියයි
පළාත් අතර සංචරණ සීමා පැනවීම සඳහා මේ වන විට අවධානය යොමුව ඇත්තේ විනෝද චාරිකා, උත්සව වැනි අත්‍යාවශ්‍ය නොවන ගමන් බිමන්වල යෙදෙන ජනතාව ඉන් වළක්වා කොවිඞ් වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා බව ද යුධ හමුදාපතිවරයා ප‍්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු කියන්න එපා
පලමු රැල්ලේදි ක්‍රියාත්මක වූ අයුරුත් මේ මොහොතේ ක්‍රියාත්මක වන අයුරුත් අහසට පොලොව මෙන් බව නොරහසකි. අධි මාන්නයෙන් මිදි දෝලාවෙන් බිමට බහින්න.බිම් මට්ටමේ තත්වය භයංකාර වග තේරුම් ගන්න.ඔබ තුමාට ඇති ගෞරවය කෙලෙසා නොගන්න.කැස්බෑව සිදුවීම් ගැන සිතන්න..
ඒක හොඳයි. මොකද වහල වැඩක් වෙන්නේ නෑ. වැහුව ගමන් අර මනුස්සයා ඇවිත් " අපි පත්කරලා ඉන්නේ මහජනතාවට සේවය කරන්න" කියල ඇරලා දානවනේ.
තව දෙයක්..තවත් සති 3 විතර රටේ කොරෝනා තත්වය උග්‍ර වුනොත් අනිවාර්යයෙන්ම රට වහන්න වෙනවා මාසෙකට...!!! එසේ නොකලොත් අපේ රට ඉන්දියාවට නොදෙවෙනි වෙයි. රට වැසුවොත් ආර්ථිකය ප්‍රශ්න ගොඩක , රටේ සල්ලි නැතිබව ඇත්ත. ඒවාට රටේ ජනතාව පලි නැහැ ..ජනතාවගේ මුදල් කොල්ල කාපු හොර දේශපාලුවෝ ඊට වගකිව යුතුයි.
මිනිසුන් මැරි මැරී යන එක ගැන කනගාටුවක් නෑ වගේ.
කොරෝනා කවදාවත් ඉවර වෙන්නේ නෑ
කිව්වාට අමනාප වෙන්නට එපා. ඔබතුමා ගැන අපේ කිසි අහිතක් නැහැ. ඔබතුමාට මේ තනතුර ලැබුණේ වෛද්‍ය වූර්තීය සුදුසුකම් නිසා නොව, දේශපාලනික හේතූන් මත බවයි බොහෝ දෙනාගේ පිළිගැනීම. එසේ හෙයින් එක එක දේශපාලන උවමනාවන් මත ගන්නා තීන්දු තීරණ නිසා රට විපතට පත්වුවහොත්, ජනතාවට හා වෙනත් වගකිව යුතු අවස්ථාවලදී ඔබතුමාලට මුහුණ දෙන්න වෙන්නේ තනියම බව අමතක කරන්න එපා...
අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීම ලාංකිකයන්ගේ ජන්ම පුරුද්දකි. දූපතක්ව පවතින රටක මෙවැනි වසංගතයක් පාලනය කළ නොහැකි නම් එවැන්නක් පාලනය කළ හැකි රටක් තවත් තිබිය නොහැක. කුසීත ජනතාවක්ද එදාවෙල ගැන සිතන පාලකයන්ද සිටින රටකට වෙන දෙයක් බලන් දෙන දෙයක් කීම පමණක් ඉතිරි වී ඇත.
මෙතුමා ක්‍රියාත්මක කරනුයේ ජනාධිපතිවරයාගේ අදහස හෝ යෝජනාව පමණි, ඒ අනුව මෙතුමාට දොස් පැවරීම නුසුදුසුය, අනික මෙතුමා රටේ ජනාධිපති වරයා නොව...රට අගුළු දානවාද නැද්ද යන්න තීරණය කලයුත්තේ ජනාධිපතිවරයා මිස වෙන අයෙකු නොව, නමුත් ජනාධිපතිවරයාට අහිමිවන ජීවිත පිළබද වගකීමක් හො වගවීමක් නැතිබව ඉතා පැහැදිලිය...
බොරුවට කෑගහන්න එපා මේ අය කියන දේ ඇහැව්වා නම් අද ලංකාවේ තත්වය භායානක නැ මිනිස්සු තමයි මුල වරද්දගත්තේ
මැලේසියාවෙ මැයි 10 දින කෙරෝනා රෝගීන් 3080 ක් හා මරණ 17 ක් වෙද්දි තුන් වෙනි වතාවටත් මැයි 10 සිට ජූනි 07 වෙනකල් රට වැසුවේ ජනතාව හා ආර්ථිකය යන දෙකම රැක ගන්න. ලංකාවේ රෝගීන් 2624ක් හා මරණ 26 ක් වෙලත් පළාත් අතර සංචරණ සීමා දැමීමත් මැයි 11-30 ට සීමා කරලා මහදැනමුත්තා (?) වගේ මුට්ටියත් එලුවත් ( ජනතාව හා ආර්ථිකය) දෙකම නැති කර ගන්න හදන්නේ.