(අජන්ත කුමාර අගලගඩ)
කෝවිඩ් ව්‍යාප්තිය හමුවේ රට වසා දැමීමක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ අද (6) දහවල් පැවැති කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකා රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
කෝවිඩ් රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් පෙන්නුම් කර ඇතත් රට වසා දැමීමේ හැකියාවක් නැතැයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.
ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශවලට එහිදී උපදෙස් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් වහන්න එපා. එකා පිට එකා මැරි මැරී වැටුණත් වහන්න එපා. මහන්තත්තකමයි, මෝඩ තීරණයයි මිනිස් ජීවිත කනත්තට දක්කලා හමාරයි. හොඳටම කරනවා.
රටේ ජනාධිපති ජනතාවගෙන් පළිගන්න..., හේතුවක් තියෙනවද?
වහන්න එපා. ඔහොම්ම යන්න... ඔයාලා හොඳම එව්වායින් විදගන්න. අපි නම් හරි කියලා හිතාගෙනනේ ඉන්නේ. මතක තියාගන්න... මේ බල්ලො බළල්ලු වගේ මැරෙන්නේ ඔයගොල්ලන්ට ඡන්දෙ දීපු මෝඩයින් තමයි.
රිවර්ස් නන්දෙ කියන දේවල් වැඩිය ගණන් ගන්න එපා. හෙට උදේ වෙනකොට මොනවා කරයිද දන්නේ නැහැ.
රටේ ආර්ථිකය රැක ගන්න. මිනිස්සු මැරුණාට කරන්න දෙයක් නැහැ නේද?
මෙයාගේ තීරණ ගැන මට සත පහක විශ්වාසයක් නෑ. ශුවර් එකට හෙට කියයි රට වහනවා කියලා...
ආන්න ඒ කෙලින් තීරණවලටයි අපි ඔබතුමාට ඡන්දෙ දුන්නේ මහත්තයෝ..!
අපි හිතුවේ සිංහයින් රජ වුණා කියලා... දැන් බලාගෙන ගියාම රජ වෙලා තියෙන්නේ බූරුවන් ටිකක්නේ... ඇත්තටම අපි කළකිරිලා තමයි ඉන්නේ...
ශ්රී ලංකාවට දෙවි පිහිටයි.
අපි ජන්දෙ නුදුන්නත් ජවිපෙ කියූ සියල්ලම අද සත්‍ය වෙලා..
මොලේ කොරෝනා හැදුණාම ඔය වගේ "මරු කියවනවා.." ලු. ඔහොම යමු නන්දේ.. ඔබට වැඩි කලක් ඔය " වැඩ බැරි ටාසන් " චිත්‍රපටය පෙන්වන්න බැහැ.
රට වහන්න බෑ. සරලව හිතන දේශපාලන පාට පමණක් හඳුනන මිනිසුන්ට ඒක තේරුම් ගන්න බෑ. ඒ පටු මිනිසුන් විවිධ හිස්වදන් දොඩනවා. රටක් කරන්න මුදල් ඕනෑ. එදිනෙදා හම්බ කරන් කන මිනිසුන් රැකෙන්න ඕනෑ. නිෂ්පාදන සිදුවෙන්න ඕනෑ. තම තමන් ආරක්ෂා වෙනවා නම් රට වහන්නේ මොකටද? මම ඉන්නෙත් පිටරටක. මේ රටෙත් රෝගීන් ඕන හැටියේ. නමුත් රට වහලා නෑ....
හැම රැල්ලක් පටන් ගන්නකොටම මෙයා ඇවිල්ල ඕක කියනවා , ඇමරිකාව දාලා මෙහේ ආවේ දුක් විඳින්න නෙමෙයි නේ
ජනාධිපති කෙනෙක් තමාව ජනාධිපති කරවපු ජනතාවගෙන් පළිගන්නවා... අහලා තියෙනවද?
රතුපාට නූල... අනුරාධපුරේ සාස්තර කියන කෙනා වෙන්නැති දෙන්න ඇත්තේ...
නැහැ ඇරගෙන ඉන්න, අපි ඡන්දෙ දුන්නු පව් ගෙවන්නම්...!!!
මෙවැනි වසංගත තත්වයක් පාලනය කිරීම රජයකට පමණක් කල නොහැකි දෙයක්. ඒකරාශී නොවී සිටීම, මුඛ ආවරණ පැලදීම, අත් සේදීම වැනි දේ මහජනයාගේ වගකීම වන අතර, එයින් රෝග ව්‍යාප්තිය බොහෝ දුරට අවම කර ගත හැක.
රට වහන්නේ නැතිනම් ඔහොම හරි මේ රටේ ව්‍යවසනය පාලනය කරලා ජනතාව බේරගන්න. අන්තිමට ජනතාවට වරද පටවන්නේ නැතිව පාලනය වුණොත් තමන් හොඳට කළා... පාලනය වුණේ නැතිනම් ජනතාව උපදෙස් පිළිපැද්දේ නෑ කියන න්‍යාය ගේන්න එපා...
එහෙම නං ෂුවර් එකටම එක දවසක් හරි රට වහනවා...
රට වහන්නහ ඕනද තමන් රස්සාවට විතරක් ගිහින් ගේ ළඟ කඩෙන් ඕනෑම බඩු ටික අරගෙන පරිස්සමින් ඉන්න බැරිද .උද්ඝෝෂණ වලටයි මගුල් ගෙවල් වලටයි බොන පාටි වලටයි නොයා
රජයේ රස්සාවක් කරන නිකන් පඩි ගන්න මිනිස්සුන්ට, පිටරටක ඉඳන් මෙහේ තමන්ගේ දේශපාලන මතය කරන අයට ඕනේ මේ රට වහන්න. ඒත් මේ රට ලක්ෂ 80කට වඩා ඉන්නේ එදිනෙදා රස්සාවක් කරලා බිස්නස් කරලා ජීවත් වෙන මිනිස්සු. රට වහලා තව තවත් බංකොළොත් වෙලා මේ රට විනාශ වෙනවා දකින්න ඔය කෑ ගහන බහුතරයකට ඕනෑවෙලා තියෙනවා. තමන් හරියට මාස්ක් එකක් දාගෙන සෞඛ්‍ය නීති පිළිපදිනවා නම් මොකටද රට වහන්නේ? එහෙම නොකර අනිත් අයටත් මේක බෝ කරලා බලාපොරොත්තු වෙන්නේ මේ රට වහන එකද...?
වහන්න රටක් අපට දැන් නෑ...
එන්නත් දෙවැනි එක විඳිනකන් ටිකක් වහන්න බැරිද..? ජීවිතයේ වටිනාකම කියා නිම කළ නොහැකිය. මම ජනාධිපති නම් එන්නත් කරණය වේගවත් මෙන්ම විධිමත් කරනවා.. රට අත්‍යාවශ්‍ය දේ හැර සියලු දේ වහනවා ටිකදවසකටවත්... දුප්පත් ජනයාට ආහාර පාන සේවාවන් හමුදාව පොලිසිය යොදවා හෝ සපයනවා... සෞඛ්‍ය අංශයට එන්නත්කරණය සහ රෝගින් ආරක්ෂක සේවාවන් සඳහා සම්පූර්ණ බලය ලබාදෙනවා..
මෙහෙම ගියොත් වහන්න රටක් ඉතුරු වෙයිද?
වහන්න ඕනෑ... මොකක්ද කියලා මම කියන්නේ නැහැ..!
මොන අමාරුකම් තිබුණත් කළහැකි එම එකම දේ, රට වසා දැමීම අඩුම වශයෙන් සති 3ක් වත් කළොත් පමණක් බොහෝවිට මේ රෝගය පැතිර වීම අඩු කරගන්න වෙනත් විකල්ප ලංකාවට නැත...
රට වැහුවට කමක් නැහැ... බාගෙට වහන් නැතුව...
ටීචර් කිව්වා දන්න මෝඩයෙක් ගැන රචනාවක් ලියන්න කියලා. මම ඔයා ගැන ලියන්නද සර්?
නිලධාරීන් මොන සංඛ්‍යාෙල්ඛන දුන්නත් රටේ තත්වය හොඳ නෑ. ඒ නිසා කෙසේවෙතත් සංචරණ සීමාවන් ක්‍රියාත්මක කළ යුතුයි. අත්‍යාවශ්‍ය සේවාවන් සහ ශ්‍රමිකයින් ආරක්ෂිතව සේවයේ යෙදවීම කළ යුතුයි. මේක ඉන්දියාවේ තත්වයට පත්වෙලා ඉවරයි දැන්...
මේ ඔක්කොම වලකට දාලා වහපු දවසකට තමයි මේ රටට හරියන්නේ.. පුදුම සාපයක්..!!!
රට වහන්නෙත් නෑ.. ආර්ථිකය හැදුනෙත් නෑ... ලෙඩේ කෙළවරකුත් නෑ... බලනකොට දෙකම නෑ.
කෝවිඩ් වසංගතයට අවසන් විසඳුම එන්නතයි කිව් කටින්මනේ මේකත් කියන්නේ, වම් කණින් අහලා දකුණු කණින් එළියට දාමු. අපි බොරු විවාද කරගන්න ඕනෑ නැහැ...
හොඳටම කරලා තියෙන්නේ... ඒකයි වහන්න බැරි...!
තුන්සිය ගාණක් මැරුණු සාපෙ තමයි ඉතිං...
රට වහන්න අමාරුයි තමයි. මොකද මිනිස්සුන්ට රට වහන්නත් ඕනෑ තමයි. පඩි වැඩිකරන්නත් ඕනෑ. වී ටික ගන්නත් ඕනෑ. බඩු මිල අඩුකරන්නත් ඕනෑ. පඩිය හරියට ලැබෙන්නත් ඕනෑ. මේ ඔක්කොම කරන්න ආණ්ඩුවට සල්ලිත් ඕනේ... රට වැහුවාම ඔය වහපන් කියන අයගේ කවුද සල්ලි දෙන්නේ ආණ්ඩුවට..? රට ගෙනියන්න. පුදුම මිනිස්සු ඉන්නේ මේ රටේ. පක්ෂ දේශපාලනයක් අල්ලන් නටන්න විතරයි දන්නේ...
ජනාධිපතිතුමනි. තත්වය ඉතා නරක ය, මිනිසුන් තව තවත් මිය යනු ඇත. ඉක්මන් ක්‍රියාමාර්ග කිහිපයක් ගන්න. අපට වඩාත් දැඩි ගමන් සීමා අවශ්‍යයි.
මම නම් කියන්නෙ රට වහන්න ඕනි නෑ. අපේ හෙළ වෙදැදුරෝ සේරම මැරිලා නෑ. එයාලත් කියනව එයාලට අවස්ථාවක් දෙන්න කියලා. මම දන්න තරමින් නිලූ ඉශිවර ,සම්පත් අතුකෝරළ , අමිල සන්ජීව , වික්‍රමාරච්චි වෙද මහතා, හොරණ දනුෂ්ක, නුවර වෙද මහතා වගේ අය අච්චර කෑ ගහලා අවස්ථාවක් ඉල්ලද්දිත් අපේ දේශපාලන නායකයො එයාලට අවස්ථාවක් නොදෙන්නෙ ඒවයින් කොමිස් නැති නිසාද? අපේ ගෙදර අයට හැදුන වෙලේ අපි නම් බිවුවෙ නිලූ මිස්ගෙ බෙහෙත් සහ වික්‍රමාරච්චි මහත්මයාගෙ ආහාර අතිරේකය. මෙච්චර බෙහෙත් තියෙද්දි මේ මැරෙන මිනිස්සු වෙනුවෙන් හිතලවත් සාධාරණයක් ඉටු කරන්න හෙළ වෙද කමට. මාස ගණන් බලා ඉන්න ඕනි නෑ. දවස් 3 හොදටම ඇති මේ ලෙඩ නැති කරන්න. ජනාධිපතිපති තුමාට මේ ගැන කියන්න .
ලන්කා ඔබ හරියට හරි .නමුත් ලංකාවේ වස්සන්ට ඕක තේරෙන් නෑ
පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ගේ ශාපය හේතුවෙන්!
පාස්කුදා පල්ලි ගිය මිනිස්සුන්ව මරවපු එකාට රටේ මිනිස්සු ලක්ෂයක් දෙකක් මරණ එක කජ්ජක්ද...? හැබැයි නන්දසේන, කර්මය පඩිසං දෙනකොට පොලිත් සමගමයි ලැබෙන්නේ. බොහෝවිට මේ ආත්මයේදීම , බැරිවුනොත් අපායේදී...!!!
මොලේ කළඳක් හරි තිබුණා නම්....
තවම 5000 ක් මැරුනේ නැති නිසා වෙන්න ඇති. වෙන රටවල පැතිරීම වලක්වන්න රට වහද්දී අපේ රටේ පැතිරීම වැඩිවෙද්දී තව තව අරිනවා. මේවා ක්‍රිමිනල් අපරාධ.
දැන් වැහුවොත් ජෙප්පො කියයි උද්ඝෝෂණ වලක්වන්න වැහුව කියල.
පෙර බොහෝ අවස්ථා වල මෙන් ඔබත් පසු බසී. ඔබ නැවත වරක් සමච්චලයට ලක් වනු ඇත. ඔබ අහංකාරය .
රටේ අවාසනාවට මේ වගේ හිතුවක්කාර පාලකයෙක් ආවනෙ. ලොක් ඩවුන් කරන්නේ නැතුව කොහොමද මේකෙන් ගොඩ එන්නේ. තාම හිතාගෙන ඉන්නේ වැක්සින් ගැහුවම කොවිඩ් බෝ වෙන්නෙ නැහැ කියලද?
ඔබතුමා හැටනවලක්ශයකගේ දැවෙන ප්‍රශ්නයක්වූ මරනදන්ඩනය හිමිවූ සිරකරුවෙක් නිදහස් කිරීමෙන් මහා ජාතික කර්තව්‍යක් ඉටුකලා.... තවත් ඔබට රට වෙනුවෙන් කිරීමට දෙයක් ඉතිරිව නැත.
දශක හතරක් මේ රටේ ආර්ථිකය හදාගන්න පුළුවන් වුනාද ? මේ හදිස්සියේ ආර්ථිකය ගොඩ ගන්න පුලුවන්ද ? දවකට මැරෙන සියයක් පමණ මිනිස්සු නිසා දුකට පත්වන පවුල් වල සාමාජිකයෝ රෝහල් වල ඉඩ නැතුව බිම වැතිරිලා .දුක් විඳින ජනතාව මේ විදියට රටේ කොපමණ කණ්ඩායමක් දුකට පත් වෙලාද .මේ දුක තේරුම් ගැනීමට සංවේදී විය යුතු නැතිද ?
කාලකන්නි තීරණ හැර ඊට වැඩි යමක් බලාපොරොත්තු නොවෙමි. 2020 සැප්තැම්බර් වලින් පසු, එනම් පූර්ණ බලය ලබාගත් පසු සියල්ල උඩු යටිකුරු කරමින් සැබෑ තත්ත්වය මතු වී ඇත.
ආගමික ස්ථානවල දෙවනත් වෙන්න මහ හයියෙන් ලවුඩ්ස්පීකර් දමාගෙන සෙනඟ එකතු කරන් කරන අනේකවිධ පුද පූජා..., යාග හෝම, යාඤා, කන්නලව් වලින් කොරෝනා බෝ වෙන්නේ නැද්ද? මේ දැන් කැළණි පන්සලට ගිහින් බලන්න. මිනිස්සු කිසිම සෞඛ්‍යාරක්ෂාවක් නැතිව වන්දනාමාන කරන හැටි.
එක එකාගේ දේවල් ඉල්ලගෙන පාරට බහිනවාට වැඩිය හොඳයි නේද? මැතිවරණයක් ඉල්ලලා උද්ඝෝෂණ පවත්වනවා නම්... මුළු රටම ඒකමතිකවම මැතිවරණයක් ඉල්ලුවොත් දෙන්නම ඕනේ...!
එම මොහොතේ රට වහන්න එපා .උද්ඝෝෂණ කරන්න පුලුවන්නම් රැකියා වලට එන්න බැරි කමක් නැහැනේ .සෙනසුරාදාට ඉරිදා දවස් වල ගමන් සීමා කරන වැඩ සටහනක් ඉදිරි පත් කරන්න
මේ වගේ මිනිස්සුන්ගේ ජීවිත ගැන හිතන්නේ නැති කෙනෙක්ට ජනපති කියන්න පුලුවන්ද?
ඔබ අහංකාර දුර දිග නොබලා ක්‍රියා කරන අත්දැකීමෙන් අඩු පාලකයෙකි .ඔබ ගත් පෙර තීරණ මෙන් මෙම තීරණයද ඉක්මනින් රිවස් කරනු ඇත
බලමු වහන්නේ නැතිව කරයිද කියලා...