
( තිලකරත්න දිසානායක)
ලංකාව තුළ ලොකු කුඩා පරිමාණයෙන් සිදුවන දුෂණය, හොරකම, බොරුව හේතුවෙන් රටෙහි ප්‍රගතියට බාධාවක් නිසා පුද්ගලයන්ගේ පමණක් නොව මුලු මහත් ශ්‍රී ලංකාවෙහිම හෘද සාක්ෂිය මිය ගොස් ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ පැවැසූහ.
"හෘද සාක්ෂිය තමයි අපිට පෙන්වන්නෙ හරිදේ කරල දෙවියන් වහන්සේටත් , අසල් වැසියාටත් ප්‍රේම කරන්නට, අපි වීරෝධාර විය යුත්තේ ඇයිද කියල. අද හෘද සාක්ෂියක් අපිට තිබෙනවාද ? හුගක් වෙලාවට මරල නේද තියෙන්නෙ. බලන්න මාධ්‍යවල ප්‍රචාරය වන දේවල්. හැමදාම වගේ තියෙන්නෙ මිනී මැරුම්, හොරකම්,දුෂණ , අපරාධ තමයි.
මේ අපේ රට ධර්මද්වීපයක් කියා කිව්ව. ආගම් අදහන මිනිස්සු ඉන්න රටක් කියා අපි පම්පෝරි ගැහුව. අනෙක් රටවල් ඉදිරියේ අපි ආගම හරියට අදහන, ආගම ව්‍යවස්ථාවේ දාල තියෙන දෙයක් විදියට අපි හැඳින්වූවා.විදේශ රටවල ව්‍යාවස්ථාවට ආගම ඇතුල් කර නැහැ. නමුත් අප රටේ ආගම ව්‍යවස්ථාවේ කොටසක් බවට පත්ව තිබෙනව. අපි ආගම ගැන පාරට්ටු කර ගත්තත් අපේ සමාජය තුල මේ ඇතිව තිබෙන තත්ත්වයට හේතුව කුමක්ද ?හේතුව අපේ රටේ වගකිව යුත්තන් පමණක් නොව සෑම කෙනෙක්ම වාගේ තමන්ගේ හෘද සාක්ෂිය අමතක කරල එයට විරුද්ධව කටයුතු කිරීමට පුරුදුව සිටීමයි. හුගක් දෙනෙකුට හරිදේ වැරදි දේ අතර වෙනස දැන් පෙනෙනේ නැහැ. ඒ නිසා අද සමාජය තුල වැරදි දේ කරන්නට මනුෂ්‍යයා පෙළැඹී සිටින්නෙ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්තමාන සමාජයේ පුද්ගල, දේශපාලන,ආගමික හෝ වෙනත් සමාජීය කණඩායම් ඔවුන්ගේ පුද්ගලික හෝ පොදු ලාබ හෝ ප්‍රයෝජන වෙනුවෙන් හරිදේ වැරදි ආකාරයටත් වැරදි දේ නිවැරදි ආකාරයටත් දැකීමට පෙළැඹී සිටි. මේ සදහා දේශපාලන, නිතිය සහ ආගම් තුලින් පවා නිදහස ලබාදී තිබෙන බවක් පෙනෙන්නට තිබේ.
100% correct.
කාදිනල්තුමා කියන්නේ ඇත්ත තමයි. ඒත් අපේරටේ ඇත්තට තැනක් නෑ. දේශපාළුවන් වන්දනාමාන කරන එකයි අපේ රටේ සම්ප්‍රදාය. නීතියක් රීතියක් නෑ. පොඩි මිනිහව තලාපෙලන්නයි නීතිය යොදාගෙන තියෙන්නෙ. බල පුළුවන් කාරයින් නීතියෙන් රිංගලා ගිහින් මොකුත් වරදක් නැති ශුද්ධවන්තයින් වගේ ජීවත් වෙනවා.
පලමුව පල්ලියේ ස්වාමිලා සිස්ටර්ලාගෙ හෘද සාක්ෂිය මැරිලා කියලා බලන්න
ආගම දහම බිස්නස් එකක් උනු රටක, පාසල් පද්දතිය ආගම් වෙනුවෙන් බෙදුණු රටක, පුංචි කාලේ ඉදන් තනියම හිතන එක වෙනුවට අනුන්ගේ මති මතාන්තර හිතන්න පුරුදු කරපු රටකට,මිනිස්සුන්ගේ මොළවලුත් මැරිලා.
ඒ කාලෙ අපිට මේව තෙරෙද්දී ඔබතුමාලත් තේරැම් ගත්තනම්....
ඔබගේ හෘදය සාක්ශියෙනුත් අහල බලන්න පාස්කු ප්‍රහාරය දැන දැන මිනිස්සු මැරෙනකන් නැවැත්තුවෙ නැති එකට ඔබත් විත්තිකාරයෙක් නෙමේද කියලා. අපි බලමු දෙවියන් දඬුවම් දෙන දවසට..
ඇත්ත. ඒකට ප්‍රධාන වශයෙන් වගකියන්න ඕනේ තමන්ගේ ආගමේ කටයුතු හැර දේශපාලනය ඇතුලු අනෙක් සියළුම දේවල් කරන ආගමික නායකයින්.
ජාතිවාදීන්ට කොහෙද ඔව තේරෙන්නෙ.. ණන්දදසේන රට කෑව
Happy be as SRI Lankan, සුනඛයින්ගෙන් බේරිමට පිම්මේ දිව ආ දැවැන්ත මුවකු විදුලි වැටක ගැටි වැටිමෙන් පසු උදැල්ලකින් ගසා මරා දැමිමේ චෝදනාවක් සම්බන්ධව කරුවලගස්වැව එගොඩපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු ඊයේ ( 30 ) දින අත් අඩංගුවට ගත් බව වනජීවි නිලධාරිහු පවසති. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කරුවලගස්වැව එගොඩපිටිය පදිංචි 55 හැවිරිදි අයකු බව කරුවලගස්වැව අඩවි වනජීවි කාර්යාල නිළධාරින් පවසයි. ආසන්නයෙ රක්ෂීතයක රැදි සිටි මුව රංචුවකින් අතරමං වී ඇති මුවා නැවත රක්ෂීතයට ගමන් කරමින් සිටියදී සුනඛයින්ගේ ග්‍රහණයට ලක්වි ඇති අතර සුනඛයින්ගෙන් බේරිම සදහා දිව යමින් සිටියදි ඉඩමක් වටා ඇද තිබු විදුලි අලි වැටක ගැටි ඇති බව කියයි. විදුලි අලි වැටෙ ගැටිමත් සමග ඇද වැටි ඇති මුවා ඒ ආසන්නයෙ ඉඩමක් වැඩ කරමින් සිටි පුද්ගලයකු මුවා බේරා ගැනිම පසෙක තබා අත වු උදැල්ලෙන් ගසා මුවා මරා දමා ඇති බව වන ජීවි නිළධාරින් පවසයි. අදාල සිද්දිය දුටුවෙකු වනජීවි නිළධාරින්ට මේ බව දැනුවත් කිරීමත් සමග අදාල ස්ථානයට කඩිනමින් ගිය වනජීවි නිළධාරින් උදලු පහරින් මරණයට පත්වි සිටි දැවැන්ත අගමුවා සමග සැකකරු අත් අඩංගුවට ගැනිමට හැකිව තිබෙයි.
රටක් ආර්ථික වශයෙන් අන්තිමට පිරිහු පසු සියළුම මානව බැඳීම් ගිනිබත් වෙනවා. අද අපරාදය කියන එක ඉතාම සරල දෙයක්. බලවතුන්ට වුනොත් විතරයි ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ. මනුස්සකම තඹ දොයිතුවකට මායිම් නොකරන අවනීතිය ඉතාම ප්‍රසිද්දියේ ක්‍රියාත්මක වෙනවා. රජයේ වගකිව යුත්තන් ඉතාම හිරිකිත ලෙස ඒවා මගහරිනවා .අද පොලිසිය තමයි වැඩිපුරම රටේ අපරාද කරමින් ඒවා සාදාරනයි කියලා ඔප්පු කරන්න මාධ්‍ය සංදර්ශන තියන්නේ. මේක මෙහෙම වෙන්න ඉඩ දෙන්න බැහැ
අන්න විදේශ රටවල තත්ත්වය ගැන පාප්තුමා ලස්සන කතාවක් කියල තිබුනා. පූජකවරු කාමුක දර්ශන බල බල ළමයි දූශනය කරල තියෙනව ඒ රටවල් වල. ඔයා මෙතන උන් සුද්ධ කරන්න හදනව. පව් හැබැයි.
හෘද සාක්ෂි පමණක් නොවෙයි, සමහරක් සුනඛයින්ගේ දත කටත්, කාදිනල් තුමාගේ කතාවට පුට්ටුවෙලාද කියලා වෙලාවකට හිතෙනවා. ධර්මද්වීපයේ ජීවත් වෙනවා කිව්වට ඉතින්, අශිෂ්ඨයෙක් ලෙසින් අධර්මවාදීව ජීවත් වෙන්න පුළුවන් නම්, කාදිනල් තුමාටත්, මේ අමනයින්ගේ දේශයේ ලොකු ගමනක් යන්න පුළුවන්. අපි එදා දැක්කනේ මහානායකටත් වඩා ඉහලින් මුරුංග අත්තක තැබුව කාදිනල් තුමාව? එහෙම නැත්නම් ඉතින් උන්ගේ අණට අකීකරු වූ ඔබව , මේ නායක පුජකයින්ද එක්ව, පාලක පිලාත්ලා ඔබව, ව්‍යවස්ථානු කුලව කුරුසේ කුරුසයේ ඇන ගසනු දවස වැඩි ඈතක නැහැ.
ඔබේ හෘද සාක්ෂියත් යම් පාලකයන් වෙනුවෙන් කාලයක් වසා ගෙන හිටියා නේද…..?