IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රට විරුවන්ට විශ්‍රාම වැටුපක්

(රන්ජන් කස්තුරි)

විදේශ රැකියාවල නිරතව සිටින ශ්‍රමිකයන් වෙනුවෙන් නව විශ්‍රාම වැටපු ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

වයස අවුරුදු 18 සිට 59 දක්වා වයස් කණ්ඩවලට අයත් විදේශගත ශ්‍රමිකයන්  වෙනුවෙන් ‘මනුසම්‘‘ නමින් එම විශ්‍රාම වැටුප් සැලසුම හඳුන්වා දෙන බව ද නානායක්කාර මහතා කීවේය.  

මනුසවි විශ්‍රාම වැටුප් සැලසුමට ඇතුළත්වීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය ලබගෙන විදේශ රැකියාවක නිරතවිම අනිවාර්ය බව ද අමාත්‍යවරයා කීය. 



අදහස් (9)

රට විරුවන්ට විශ්‍රාම වැටුපක්

pathirana Sunday, 25 September 2022 05:08 PM

අවුරුදු 59 විශ්‍රාම යන සිරිතක් මේ රටවල්වල නැහැ. ඒක නිසා ඔය වයස් සීමාව 65වත් කළොත් දායක මුදල් වශයෙන් වැඩිපුර ගාණක් ආණ්ඩුවට කපාගන්න පුළුවන්...

:       2       21

nedakin Sunday, 25 September 2022 10:50 PM

ගුටි කෑවත් ගුටි කෑවේ නෑ වගේ ඉන්න ලජ්ජා නැති බුවෙක්

:       0       1

කිත්සිරි ගුණතිලක Monday, 26 September 2022 12:07 AM

මම කටාර් රාජ්‍යයෙහි ගිනි නිවන අංශයක සේවය කරන්නේ. අපිට වයස අවුරුදු 60 දක්වා පමණයි සේවය කළ හැක්කේ... මෙච්චර කල් ආපු ගොඩක් රජයවල් මේ වගේ සුරංගනා කතා කිව්වා. මේ පාරවත් ඒවා සත්‍ය බවට පත්වේ දැයි අපි බලාගෙන ඉන්නවා...

:       0       1

sam Monday, 26 September 2022 05:55 AM

මේ අයගේ ගිණුමට දාගන්නයි මේ හදන්නේ.. මෙයාගේ නම දාගෙන දේශපාලනේ කරන්නයි හදන්නේ...

:       0       1

Chandima Monday, 26 September 2022 10:49 AM

ඒ මිනිස්සු දාඩිය මහන්සියෙන් හොයන සල්ලි වලින් ගාණකට විදින්න වගේ යන්නේ... දෙන්නම් කාසිවලට... අද ගන්න ඩොලර් එකට ලැබෙන්නේ රුපියල් 360යි. විශ්‍රාම වැටුප දෙන්න යන්නේ රුපියල්වලින් ඩොලර් එක රුපියල් 10000ක් වුණා ට පස්සේ. ඒ දෙන ඩොලර් ටික අනේවාසික ගිණුමක පොළී නැතිව තැන්පත් කරලා රුපියල් වලින් ගත්තත් ඒ ගෙවන්න යන ගාන වගේ දහ ගුණයක් ලැබෙනවා. මෙව්වා හොඳයි කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට...

:       0       2

chaminda Monday, 26 September 2022 11:09 AM

අම්මෝ... ඒකටත් මෙයාගේ නම දාගෙන...

:       0       1

ganegoda Monday, 26 September 2022 12:02 PM

හොඳ පොල්පිති ඔලුවකින් මෙයාගේ ඔලුවට 2-3ක් දුන්නා නම් විශ්‍රාම යවන්න තිබුණා.

:       0       3

අපේ රටේ හොරු Monday, 26 September 2022 04:46 PM

අපේ රටේ ඉතිහාසයේ කිහිප වතාවක්ම රට ගිය අයගෙන් සල්ලි එකතු කරලා විශ්‍රාම වැටුප දකිනවා තියා දුන් සල්ලිත් පිල්ලි යැව්වා කියන්නේ හැබෑද? ඇමැති නිලධාරි කට්ටි දෙකම එක් එක්කෙනාට හොරා කියනවිට ජනතාවට දැනෙන්නේ හැමතැනම හොරුයි කියලා...

:       0       0

වර්ණකුලසූරිය Monday, 26 September 2022 04:50 PM

ඉස්සර නම් හිටියා සුරංගනා කතාවලට රැවටුණු අය. තවමත් ඒ වර්ගය ඉතිරිව ඇතැයි සිතිය නොහැකියි. පසුගිය දිනවල විදුලි කාර් බෝලයක් එවපු බව මතකද දන්නේ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 339 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 212 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site