IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්

(සුජිත් හේවාජුලිගේ )

විදේශයන්හි රැකියා කරන  රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළිබඳව ජාතික විගණන කාර්යාලය  පැවැත්වූ අලුත්ම වෝහාරික විගණනයේදි  තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මේ විගණන විමර්ශනයට අදාළ විශේෂ වාර්තාවක් විගණකාධිපති  ඩබ්ලිව්.  පී.සී  වික්‍රමරත්න මහතා  පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පසුගියදා බාර දුන්නේය.

නව පාර්ලිමේන්තුව ස්ථාපනය කළ පසු එම වාර්තාව සභාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති.

රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදු වී ඇතැයි කියන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව මෙම වාර්තාවෙන් එකිනෙක විස්තර කර ඇත.

මේ සිද්ධිය පිළිබඳව ජාතික විගණන කාර්යාලය වෝහාරික විමර්ශන ආරම්භ කිරීමෙන් පසු පාටලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ  ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව රටවිරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීම දීර්ඝ කිරීමේ අදාළ ගැසට් නිවේදනය අත්හිටුවීමට නිර්දේශ කළේය.

විදේශගත ශ්‍රමිකයින්ට විදුලි වාහන ගෙන්වීමට දුන් අවස්ථාව අවභාවිත කරමින් රුපියල් කෝටි 120 කට   ආසන්න වටිනාකමකින් විදුලි මෝටර් රථ 119ක් ගෙන්වා ඇතැයි පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී පසුගියදා තොරතුරු අනාවරණය විය.

ඉන් වාහන 75ක්ම ගෙන්වනු ලැබ  ඇත්තේ  එක් ආයතනයක් විසිනැයි එහිදී වැඩිදුරටත්  හෙළි විය.



අදහස් (9)

රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්

රම්බොඩ Saturday, 05 October 2024 11:20 AM

අත තිබ්බ තැන හොරකම... මෙන්න මේවා නතර කරගත්තා නම් ඇති..

:       0       1

Perera Saturday, 05 October 2024 11:39 AM

මට මතක් වෙන්නේ සුනිල් පෙරේරාගේ සිඤ්ඤෝරෙ සිංදුවේ .. ‘‘ගහපු ගැහිලි අහුවුණොතින් රටෙත් ඉන්න නැහැ‘‘ කියන වචන.

:       0       1

Asith Saturday, 05 October 2024 11:44 AM

දැන් මොකද්ද ඕකෙ තියෙන අවභාවිතාව? ගෙන්නපු අය මාලිමාවේ අය නොවන නිසාද? නැත්තන් ගෙන්නපු වාහනයක වටිනාකම කෝටියක් වෙච්චි එකද?

:       0       2

sam Saturday, 05 October 2024 02:06 PM

හොරු රජකරපු කාලේ රට විනාශ කළ හැටි තමයි. සුනාමිය, කපුටා, ජොලිසීයා, හිටන් හුටන්, ජොන්ටා ඇතුළු රාජපක්ෂ පවුලම මේවට වගකියන්න ඕනෑ. මේ ඔක්කොම හොරු...

:       1       1

kamal Saturday, 05 October 2024 08:52 PM

ඕකට සම්බන්ධ නුවර වාහන සේල් කරන කෙනෙකුත් ඉන්නවා. හොයනවා නම් ඔන්න වැඩ.

:       0       3

පිටරටවැසියා Saturday, 05 October 2024 09:53 PM

මොවුන් අපි එවන ඩොලර් වලටත් කෙළින ගමන්, අපිට වරප්‍රසාද දෙනවාය කියලා ලෝකෙටම අපිව හංවඩු ගහලා, දීපු කෙනෙනුත් කෙලලා ඇරලා... අම්මපා කලකන්නිම තමයි.

:       0       3

පැරකුම් Saturday, 05 October 2024 11:48 PM

මට නම් දැන් කියලා කියලාම එපාවෙලා. ඔය විගණක කට්ටිය අපේ බදු සල්ලි නාස්ති නොකර ගිහින් තමුන්ගේ වැඩක් බලාගත්තා නම් නරකයිද?

:       1       1

Chamila Fernando Sunday, 06 October 2024 12:16 AM

මේ වගේ කාලකණ්ණි, දුක් විඳලා රට රස්සාවල් කරලා අමාරුවෙන් ජීවත්වෙන මිනිස්සුන්ට දෙන්න හදපු සහනයටත් කෙළලා. මේවට සම්බන්ධ සියලුම දෙනාට අනිවාර්යයෙන් දඬුවම් කළ යුතුමයි.

:       0       1

NIMAL Sunday, 06 October 2024 06:20 PM

වනිඳු හසරංග කාර් එක ගත්තේ කොහොමද කියලා හොයලා බලන්න. කොරෝනා කාලේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site