IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රට ව්‍යසනයක: අගමැතිගෙන් අරුම පුදුම කැබිනට් පත්‍රිකාවක්

(නිමල කොඩිතුවක්කු)

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කිරීමේ දී මන්ත්‍රීවරුන් නම්වා ගැනීමට විවිධ වාසි සහ සහන ලබා දුන් බවත් ඒවා දූෂණ සහ අක්‍රමිකතා ලෙස හැදින්විය හැකි බවත් එම සහන ස්වරූපයෙන් වන අක්‍රමිකතා ඉදිරියටත් පවත්වා ගෙන යාමට කැබිනට් පත්‍රිකාවක් පවා ඉදිරිපත් කර ඇති බවත්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (16) පැවසීය.

රට ආර්ථික, සමාජීය හා දේශපාලන ව්‍යසනයකට ලක්ව ඇති මොහොතක වත්මන් අගමැතිවරයා විසින් අරුම පුදුම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් ඒ තුළින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කිරීමේ දී මන්ත්‍රීවරුන්ට ලබා දුන් පහසුකම් ප්‍රමාණයක් තවදුරටත් ඉදිරි මාස කිහිපයක් ක්‍රියාත්මක කරන ලෙස යෝජනා කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

රටේ ළමා හා කාන්තා මන්ද පෝෂණ තත්ත්වය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අවස්ථාවක ඔවුන්ට පෝෂණ සලාකය ලබා දෙනවා වෙනුවට මෙවැනි දේශපාලන ගේම් ගසන බවද ජාතික මහජන සභාව-කාන්තා සංවිධාන ක්‍රියාකාරීන්ගේ හමුවට කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

අනුප්‍රාප්තික ජනාධිපති පත් කිරීම සඳහා බාධාවකින් තොරව මන්ත්‍රීවරුන්ට සහභාගී වීමට පහසුකම් දුන් බවත් එම පහසුකම් තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අවසර දෙන බව එහි සඳහන් බවත් විපක්ෂ නායකවරයා කීවේය. 
මෙහිදී මන්ත්‍රීවරුන් 5 දෙනකු වෙනුවෙන් තෙල් පහසුකම්, රියදුරු පහසුකම්, ප්‍රවාහන පහසුකම් පවා ලබා දී ඇතැයිද ප්‍රේමදාස මහතා පැවසීය.

රට ගොඩ නගනවා මුවාවෙන් සිදු කරන ව්‍යාජ වැඩවලට තමන් සහාය නොදෙන බවත් ආණ්ඩුව  මන්ත්‍රී වෙන්දේසියක් ද සිදු කරන බැවින් මේ දේශපාලන සූදුවට තමන් සුදානම් නොමැති බව ද විපක්ෂ නායකවරයා තවදුරටත් කීවේය.



අදහස් (10)

රට ව්‍යසනයක: අගමැතිගෙන් අරුම පුදුම කැබිනට් පත්‍රිකාවක්

ලලිත් අම්බලන්ගොඩ Tuesday, 16 August 2022 06:44 PM

හරි දේ නිවැරදිව කළොත් ඔබේ නම පවතීවි. නැත්නම් ඔබත් වැටෙන්නෙ දේශපාලන කුණු බක්කියට බව අමතක කරන්න එපා.

:       4       31

LakshanTuesday, 16 August 2022 08:09 PM

ඔව්. රනිල් වගේ.

:       0       2

fairoos Tuesday, 16 August 2022 06:57 PM

වහල්ලුන්ට කොහෙද මේවා තේරෙන්නේ?

:       0       0

"උස-මිටි" Tuesday, 16 August 2022 07:30 PM

පසුගිය මාස කිහිපයේ ඔබතුමා කථාකල දේවල් දූරදර්ශීව බැලුවහම රටවැසියට තේරුනා ඇයි ඔබතුමා "උස-මිටි" භේදයක් හඳුන්වාදීල එහෙම දෙයක් කිව්වේ කියලා! ඉතින් හරියටම මොකක්ද අද ආරියාව කිව්වේ ගැලපෙනවා කියලා!!

:       4       0

Saththaya Tuesday, 16 August 2022 09:55 PM

පළමුවෙන් අගමැති කරන්න ආපු යෝජනාව ප්‍රතිප්ෂේප කරලා ඉන් පසුව ලියුම් ලියල අගමැතිකම් ඉල්ලුව නේද ? ඔබවත් පත් කලානම් චන්දය ගන්න ඔබ ඔයිට වඩා දේවල් කරයි . මොනවාද මේ ලජ්ජා නැති කතා . ඔබ ලග ඉන්න වැදගත් මහත්වරුන්ටත් ලැජ්ජාවක් .

:       4       0

pj Wednesday, 17 August 2022 03:52 AM

තමන්ගේ ගෙවලුත් කඩාකප්පල්කාරී ත්‍රස්තයන් විසින් එදා ගිනිතබා තබුනේ නම් ඔබ අද මේ බයිලා ගයන්නේ වයන්නේ නැත.

:       5       0

Demuni Uduwara Wednesday, 17 August 2022 05:31 AM

මේවා අනුව සජිත් නිශ්චිත තැන ඉන්නවා.

:       0       0

Surain Wednesday, 17 August 2022 08:18 AM

පාලකයන් දුෂිතවු විට වංචාව දූෂණය මිස හනතාවට කවර සහනයන්ද? ඔබ සැම ජනතාවට ආදර්ශයක් වෙන්න බලන්න

:       0       9

dhamneth Wednesday, 17 August 2022 10:57 AM

ඔබතුමා චොදනා කරනව මිසක් සාක්ශි ඉදිරිපත්කිරිමක් කරන්නෙ නැහැ‍ෙන චෝදනා සනාතකරන්න.

:       2       1

sharm warn Wednesday, 17 August 2022 04:22 PM

මේ කතා අපිට කියන්නේ අපි පාර්ලිමේන්තු ඇවිල්ලා මේවට විසඳුම් දෙන්න කියලා බලාපොරොත්තුවෙන්ද? ඔයාලා විපක්ෂය හැටියට ගතයුතු ක්‍රියාමාර්ග අපිද කියලා දෙන්න ඕනෑ..? අපි සාමාන්‍ය මිනිස්සු..! අපිට බැහැ නිර්පාක්ෂිකව ජනතාවගේ දුක්ගැහැට වලට පාර්ලිමේන්තුව ඇතුළෙන් ගන්න පුළුවන් පියවරයන් ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 441 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 246 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site