
(වසන්ත චන්ද්‍රපාල)
ශ්‍රි ලංකා යුද හමුදාවේ විශ්‍රාමික සෙබළෙක් ලංකාව වටා පා ගමනින් ගොස් වාර්තාවක් තැබිමට සුදානම් වෙයි.
24 ගැමුණු සේවා බල ඇණියේ බලලත් නිළධාරි විශ්‍රාමික ෂෙල්ටන් පෙරේරා මහතා මෙසේ ශ්‍රිලංකා වාර්තාවක් තැබිමට සැලැසුම් කර ඇත.
ඔහු මෙම පාගමන ආරම්භ කරනු ලබන්නේ වැදගත්කරුණු හතරක් මුල් කරගෙනය.
සියලු ජාතින් සහ සියලු ආගම් අතර සංහිදියාව සහ සහ ජීවනය නගා සිටුවිම,කාන්තා සහ ළමා හිංසනයක් පිටුදැකිම, මනා ශරීර සෞඛ්‍යකින් පිරිපුන් මතු පරපුරකට ආදර්ශයක් විම,ස්වාභාව සෞන්දර්ය අලංකාර කිරිමට හුස්මට හෙටක් තේමාව යටතේ සෑම දිනකම ගමන් ආරම්භයේ පැලයක් රෝපණය කිරිම කරුණු මෙම පා ගමනට පාදක වි තිබේ.
අම්පාර මධ්‍යම කදවුර නගරයෙන් හෙට (22) මෙම පාගමන ආරම්භ කරන අතර සමාරම්භක අවස්ථාවට අම්පාර දිසාපති චින්තක අබේවික්‍රම මහතා සහාභාගිවිට නියමිතව තිබේ.
හෙට ආරම්භ කරන මෙම පාගමන කල්මුනේට ගොස් එතැන් සිට මුහුදු මාර්ගය ඔස්සේ ගමන් කිරිමට සැලසුම් කර තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වටේ පයින්?
වාර්තාව හොඳයි...
වෙන වැඩක් නැත්නම් සල්ලිත් තියෙනවා නම් මමත් යනවා.
පුහු ප්‍රසිද්ධිය තකා කරන නිශ්ඵල වැඩ... වෙන කරන්න දෙයක් නැති අයට හොඳ ඇති...!
ගමේ කට්ටියත් එකතු කරගෙන ගමේ පාර දෙපැත්ත සුද්ද කළා නම් ඔයිට නරකද?