IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රට විකුණන්න කලින් දෙසැරයක් හිතන්න

(ගයාන් සූරියආරච්චි)

මේ රට කාගේවත් පෞද්ගලික බූදලයක්, පෞද්ගලික කොම්පැනියක් හෝ පවුලේ දේපළක් කියා විශ්වාසයෙන් කටයුතු නොකරන්නැයි අනතුරු අගවන බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම මහතා පැවැසීය.

අලහප්පෙරුම  මහතා මෙසේ පැවැසූවේ අද (10) ‘නිදහස‘ ප්‍රධාන කාර්යාලයේ  පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවැසීය.

නව වසර උදාවී දින 90 කින් නිශ්චිත වශයෙන් පනතට අනුව ජනාධිපතිවරණය නිවේදනය කළ යුතුයි. දින 114 කින් නාම යෝජනා කැදවීමට සිදුවෙනවා. නව අවුරුදු උදාවී දින 176 කින් පමණ 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්වීම කිසිසේත්ම වැළැක්විය නොහැකියි.

මා මෙරට පුරවැසියන්ගෙන් සහ පාලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ රට විකුණන න්‍යාය පත්‍ර ගැන දෙසැරයක් හිතන ලෙසයි.

පළාත් පාලන මැතිවරණය කල් දැමීම ඒකාධිපතිත්වයට අතවැනීමක් බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඉකුත් දා ඔහුගේ නිවෙස ඉදිරිපිට බැනරයක් ප්‍රදර්ශනය කරමින් පවසා සිටියා.

 මේ ආණ්ඩුව අයි.එම්.එෆ්. මත යැපෙන ආණ්ඩුවක්. එම න්‍යාය පත්‍රයට එරෙහිව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සියලුම බල කදවුරුවලට අප හා එක්වන ලෙස මා ආරාධනා කරනවා යැයි අලහප්පේරුම මහතා පැවැසීය.



අදහස් (7)

රට විකුණන්න කලින් දෙසැරයක් හිතන්න

sakalan Thursday, 11 April 2024 02:14 AM

අනේ උන්නැහේ දැන් ඔහේ නිකන් බබා වෙන්න හදනවා. ගෝල්ෆේස් එක ඉස්සරහ තිබුණු හමුදා මූලස්ථානය විකුණනකොට ඔහේ හිටියේ කොහේද? රාජපක්ෂලා ගෙනාපු හැම පනතකටම අත්දෙකම උස්සපු ඔහේ දැන් එනවා මෙතන කිඹුල් කඳුළු හෙලන්න. ඊළඟ ඡන්දෙන් පස්සේ ඔහෙත් ගෙදර...!

:       0       0

Normal Thursday, 11 April 2024 04:17 AM

ජෙප්පෝ රට බංකොලොත් කරලා විකුණනවා නේද, හොඳ වෙලාවට මහින්දලා රනිල්ලා ඔයගොල්ලෝ ඉන්නේ රට බේරගන්න

:       0       0

Saththaya Thursday, 11 April 2024 07:59 AM

වේලපහින් රට නැත්තටම නැති කරන්න උදව් කරපු කෙනෙක් නේද මේ කියන්නේ ?

:       0       0

කීර්තිපාල Thursday, 11 April 2024 08:20 AM

ලෝකයේ වහල් වෙළදාම තියෙන කාලෙක මම ජනාධිපති වුණොත් මුලින්ම කරන්නෙ මේ රට අගාධයට ඇද දැමූ තමන් පමණක් හරි කියන සියලු දේශපාලුවො හා වංචා දූෂණ කරමින් තමන්ගේ මඩිය තරකර ගන්නා නිළධාරින් රොත්තම රටේ ප්‍රජා අයිතිය අහෝසි කර වහලුන් හැටියට විකුණා දැමීමට කටයුතු කිරීම තමයි.....

:       0       0

UniDon Thursday, 11 April 2024 08:22 AM

අධ්‍යාපනය විකුණන්න එන්එස්බීඑම් කියන ඊනියා හරිත විශ්වවිද්‍යාලය දාපු මිනිහා දැන් රට විකුණන එක ගැන කතා කරනවා. මොනතරම් උත්ප්‍රාසයක්ද!

:       0       0

pj Thursday, 11 April 2024 10:13 AM

එදා රජ පවුලත් සමඟ එකතු වී චීනයට රට විකිණීම ඇරඹු වෙලාවෙ නිදාගෙන ද හිටියෙ.

:       0       0

ANURA NANAYAKKARA Saturday, 13 April 2024 08:44 AM

ඩලස් අලහප්පෙරුමට තියන ආර්ථික කළමනාකරණ පුහුණුව සහ පළපුරුද්ද මොකක්ද ?නිකම් දොඩවනවා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 386 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site