IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රට රැකියා දෙන්න මුදල් ගැරූ හොර වෙදා මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වෙද නලාව දමාගෙන වෛද්‍යවරයෙ ලෙස හඳුන්වා රට රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයන් රැසකගෙන් මුදල් වංචා කළ බව කියන පුද්ගලයකු රිජ්වේ ආර්යා ළමා රෝහල ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.

සැකකරු සමග වෙද නලාවක් සහ "ඩොක්ටර් "යනුවෙන් ඉංග්‍රීසියෙන් සඳහන් වෛද්‍යවරුන් අඳින නිළ ඇඳුමක්, වෛද්‍යවරුන් පරිහරණය කරන විවිධ ලෙඩ රෝග සම්බන්ධයෙන් මුද්‍රිත පොත් පත් කිහිපයක් ද පොලිසිය භාරයට ගෙන ඇත.

ජැන්ඩියට හැඳ පැළඳ වෙද නලාව කර වට දමාගෙන ජාතික රෝහලේ සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ පරිශ්‍රය තුල සැරිසරා ඇති සැකකරු බිරිඳගේ නමට ඕස්ට්‍රේලියාවේ තිබෙන ඇපල් වත්තේ පුද්ගලයන් දෙතුන් දෙනකුට රැකියා අවස්ථාව තිබෙන බව රෝගීන් බැලීමට රෝහලට පැමිණෙන පුද්ගලයන්ට පවසා ඔවුන් මුළා කොට මෙම වංචාව දීර්ඝ කාලයක සිට සිදු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත .

ඒ සඳහා රෝහලේ සේවකයන් ඕන තරම් ගත හැකි බවත් දුප්පත් මිනිස්සුන්ට අවස්ථාව ලබා දීම තමන්ගේ ඒකායන අරමුණ බැවින් ලිපි ලේඛනවලට පමණක් මුදල් ලබා දීමෙන් අනතුරුව විදේශ ගත කළ හැකි බව පුද්ගලයන් සමඟ සැකකරු වැඩිදුරටත් පවසා තිබූ බව පොලිසිය කියයි'

සැකකරුගේ වෛද්‍ය තනතුරට මෙන්ම ඔහුගේ කතා විලාසයට රැවටෙන පුද්ගලයන් රැසක් විදේශගත වීමේ බලාපොරොත්තුව ඔහුට මුදල් ලබා දී ඇති බවද පොලිසිය කියයි.



අදහස් (1)

රට රැකියා දෙන්න මුදල් ගැරූ හොර වෙදා මාට්ටු

Samanthi Wednesday, 05 April 2023 10:11 PM

අනේ මාත් මේ ඩොක්ටර්ට ගිය සතියේ රට යන බලාපොරොත්තුවෙන් 10000 දුන්නා

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site