(සුමිත් පොතුපිටිය)

කැනඩා යවන බව පවසමින් වංචා කළ රුපියල් පනස් තුන් ලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක් විත්ති පාර්ශවයේ කාන්තාවක  වින්දිත පාර්ශවයට ගෙවීම පානදුර අතිර්ක මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතාගේ අනුමැතිය මත  පානදුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුවිය.

එකී මුදල ගෙවා දැමුවේ මුදල් වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති උතුරු හෝකන්දර ප්‍රදේශයේ පදිංචි සුජයන්ති පෙරේරා නමැති 53 හැවිරිදි කාන්තාවකි.

ද්විත්ව පුරවැසිභාවය සහිතව කැනඩාවේ ගණකාධිකාරිනියක ලෙසින් සේවය කරන කාන්තාවක මුදල් වංචාව සිදුකර වසර හතකට පමණ පසුව පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

පැමිණිල්ලක් වෙනුවෙන් පෙනීසිටී නීතිඥ රජිව් පී විතානගේ මහතා  සිය සේවාදායකයන් වෙනුවෙන් සාධාරණයක් ඉටුකර එකී මුදල් සියල්ල ගෙවන ලෙසට අධිකරණය හමුවේ ඉල්ලා සිටියේය.

විත්තිය වෙනුවෙන් පෙනීසිටී නීතිඥ තම්ර රුද්‍රිගු මහතා කියා සිටියේ, සිය සේවාදායිකාව අද දිනම සියලු මුදල් ගෙවා නඩු කටයුත්ත අවසන් කරගැනීමට එකග වන බවයි.

ඒ අනුව දෙපාර්ශවයේ එකගතාවය මත මුදල් බැංකු ගිණුම්හී තැන්පත් කර අධිකරණය හමුවේ තහවුරු කරන ලෙස මහේස්ත්‍රාත් වරයා නියෝග කලේය.

​එමෙන්ම ලබන මාර්ත 7 දා පැමිණිල්ලේ ස්ථාවරය ඉදිරිපත් කරන ලෙසත්, ශ්‍රී ලංක සහ කැනඩා විදේශ ගමන් බලපත් දෙකක් සතු සැකකාර කාන්තාව සතු කැනඩා ගුවන් ගමන් බලපත්‍රයද අධිකරණය භාරයට ගන්නා ලෙසත් මහේස්ත්‍රාත් වරයා වැඩිදුරටත් නියෝග කලේය.