(අංජුල මහික වීරරත්න)

සීමිත කැබිනට් මණ්ඩලයක් පත් කර රාජ්‍ය ඇමතිවරුන් සහ  නියෝජ්‍ය ඇමතිවරුන් නැතිව  රට හරි මඟට ගෙනවිත් මිලියන 22ක ජනතාවගේ ජීවන වියදම අඩු කරන්න අවශ්‍ය කටයුතු කරන්නැයි සමඟි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

ඇමතිවරුන් ,රාජ්‍ය ඇමැතිවරුන් පත් වෙන විට  පාර්ලිමේන්තුවෙි  225 සතුටු වුවද  මිලියන 22 ක ජනතාව මත බර පැටවෙන බවද මන්ත්‍රීවරයා කීය.

අවුරුදු දෙකහමාර ඇතුළත ආර්ථිකය විනාශ කලේ කවුදැයි සොයන්නට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්නැයි යෝජනා කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.