
(ඩයනා උදයංගනී)
මේ අවස්ථාවේ රටේ පාලනය භාරදුන්නොත් භාරගැනීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පැවසීය.
‘අපි කිසිවක් බියගුළුකමින් දාල යන්නේ නැති වගකීම භාරගන්න සූදානම් මිනිස්සු.’ යැයි ද අනුර කුමාර මහාතා සඳහන් කළේය.
නමුත් පාර්ලිමේන්තුවේ තම නියෝජිතයන් තිදෙනෙකු පමණක් බැවින් ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ පනත් පාර්ලිමේන්තුවේ තිබෙනවා නම් ඕනෙ වෙලාවක වෙන කෙනෙකුට නැටවිය හැකි ජනාධිපතිවරයකු, අගමැතිවරයකු බවට පත්වීමේ ඉඩක් තිබෙන බව කී ජවිපෙ නායකයා එසේ වුවත් ඒ තුළ පවා තමන්ට උවමනා කණ්ඩායමක් පත්කරගන්න දෙනවා නම් ඊට සූදානම් බව කීවේය.
මීට පෙරත් කළ එම ප්‍රකාශය වෙනස් කර නොගන්නා බව ද හෙතෙම කීය.
දැන් ජනතාවගේ කැමැත්තත් පාර්ලිමේන්තුවත් අතර පරස්පරයක් නිර්මාණය වී ඇති බැවින් ජනතා කැමැත්ත පිළිඹිබු වන පාර්ලිමේන්තුවක් ඇතිකර ගත යුතු බව දිසානායක මහතා එතෙක් නිශ්චිත කාලරාමුවක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ වෙත පැවරෙන වගකීම් භාරගන්නට සූදානම් බව ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් ද අනුරද ? අනුරද සජිත්ද ? අන්න අරගළයේ ප්‍රතිඵල !!! ජයවේවා !! කාට ජයවේවා ද කියල නම් දන්නෙ නෑ.
බොහෝම හොඳයි. නමුත් එක දෙයක් සිහිතබාගන්න. ඔබේ සාමාන්‍ය ක්‍රමය ඔබ බාරගන්න සූදානම්. වෙන කෙනෙක් බාරගන්නවා නම් එතැනදී ඔබට සහයෝගය දෙන්න බෑ. මේ කුහක ප්‍රතිපත්ති අයින් කරලා මේ මොහොතේ රට ගැන හිතන්න. ඔබට අපි කැමැතියි. මේ මොහොතේ කළ යුත්තේ සියලු දෙනා එක්ව රජයක් බිහිකිරීමයි.
ඉස්සෙල්ල රටේ මෙවනකල් 71 හා 87/89 ඇතුළුව ගිණිතබා විනාශ කළ සියළු මහජන දේපොළ සඳහා මුදල් භාණ්ඩාගාරයට ගෙවා සිටින්න
මේ අලුත් කෙනෙකු තේරීපත්වන කාලයයි..!
ජූලි 09 අරගලය තාවකාලිකව අවසන් විය. ඉදිරියට එන්නේ අවු 13 ක හිඟාකන යුගයකි. පාන් රාත්තලකට මේවගේ පොරකන සෙනඟක් ඉදිරියේදී දැකිය හැක... ගන්න පඩිය දින 12කට ප්‍රමාණවත් වෙන යුගයක්..!
ඔහොම කොන්දේසි දාන්න එපා.. කළින් කිව්වේ ජනාධිපති එක්ක බැහැ කියලා. එකමුතු වෙලා වැඩකරමු ටික කාලයකට. ඔය කොන්දේසිවලට අනෙක් පක්ෂ නැමෙන එකක් නැති බව ළදරුවෙකුට වුණත් තේරෙනවා. ඔය තුන් දෙනයි, තව කීප දෙනෙක් ඉන්නවා නේද එකතු කරගන්න...? නැතිනම් වෙන නායකයෙක් යටතේ වගකිව යුතු ඇමැතිකම් දෙකක් බාරගන්න. දැන් එකමුතුව වැඩකිරීම අත්‍යාවශ්‍යයි.
මීට වඩා හොඳයි... ISIS කාරයෙකුට රට බාරදුන්නා නම්....
ලේසියට ගන්න එපා. මහජනතාවත් ටිකක් අමුතු ජාතියක්.
ඔබට සහ ඔබ වටා සිටින පිරිසට එය කළ හැකියි. අපි සූදානම්
හොරකම්, වංචා, දූශන නතර නොකර මේ රටට අඞලක්වත් ඉස්සරහට යා නොහැකියි. අනුර ප්‍රමුඛ ජාතික ජන බලවේගයට පමණයි එය කළ හැක්කේ,
පාරට බැස අසංවරව කෑ ගැසීමත්, පච මලු මලු දිග හැරීමත්, දේපල ගිනිබත් කිරීම සහ සබං ගා නාන තටාකයේ නෑමත්, මෝඩයින් කුලප්පු කිරීමත්, වැඩ වරමිින් ජොලි කිරීමත් සහ තව නොයෙකුත් හිස් දේත් රටක් පාලනය කිරීමත් අතර වෙනස අතදරුවන් නොදන්නවා විය හැකියි...
සජිත් මහත්තයත් ඔය කථාව කියල තිබුනා. අනුර ඔයත් කියනව. ඔය දෙන්න ඔහොම කියන විට පාර්ලිමේන්තුවේ ඡන්දයකට යනව. ඔය දෙන්නටම ඡන්දය නැතිවෙනව. වෙනකෙනෙක් දිනනව. ඒ නිසා ඉස්සෙල්ලාම ඔය දෙන්න එක බහ කථාවක් කරගන්න නැතිනම් වෙන්නේ අපට පේන විදියට නැවත අරගලය ශක්තිමත් වන එක එහෙම කරන්න නැත්තේ හැමෝම බලයට කෑදර නිසා නේද
ඉන්ධන නෞකා තුනක් මෙම සතිය තුළ කොළඹට එනවා! ඊට පසු එන ඒවාට මුදල් ගෙවන්න පෙළපාලි ගිය අයගේ අතපය හොලවන්නම වෙනවා..! අයි-එම්-එෆ් එකඟතාවය මාස තුනකට ඉබේම කල් යනවා රට ස්ථාවර වනතුරු. ඒ කාලය තුල රටේ ආර්ථික උද්ධමනය 70% කින් ඉහළ යනබව අනතුරු හැඟවීම! ඒකියන්නේ තෙල් ලීටරය රු 850/- වන බවයි!
රටේ පාලනය බාරගන්න සූදානම්ලු ඒ දුන්නොත්නේ . ලැබෙන්වා යයි සිතමු. ලැබුනොත් මන්ත්‍රී වටුප් , පැන්ෂන්, දීමනා, නිවාස , වාහන දීම නවත්වනවාද?
මෙහෙම හරි ගත්තොත් තමයි... ඡන්දයකින් නම් සොරි සහෝදරයා...!
ඔබලාට තිබෙන ජනතා කැමැත්ත අනුව ඇයි තුන්දෙනෙකුට විතරක් දිනුම දුන්නේ..?
අනේ ඉතින් 88, 89... කාලෙ වගේ වෙයිද?
ඔහේලගේ කාලකණ්ණි විමුක්තිය හේතුවෙන් 70 දශකයේ සිට අද දක්වාම මෙරට ජනතාවට හිමිවී ඇත්තේ දුක පමණි...
නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටියකුත් තව ටිකකුත් ඕනේ කිව්වාලු...!
එක වචනයක් නැත්ද.. 1.මෙයාව අපට බාර දෙන්න කීවා. 2. ආ එහෙනම් ඇවිත් බාරගන්න කිව්වා. 3. පස්සට ඇද්දා. 4. වරට, ආයෙත් ඉල්ලනවා.
මේකෙන් පේනවා තමන්ට ජනවරමක් නැහැ කියලා... පිළිගන්නවා කියලා. ඒ නිසා පව් නොදී මේ වෙලාවේ රටේ සල්ලි කාබාසිනියා කරන හදිසි මැතිවරණයකට යන කපටි උපක්‍රමය අතහරින්න. ඒ තමන්ගේ ගොඩ වැඩිකර ගන්න මිස රට හදන්න නෙමෙයි...!
රාජපක්ස්හලත් එකයි ඔහෙත් එකයි.තමන්ගේ අරගල කාරයෝ ලව්වා ගෙවල් ගිනිතියන්නයි කොම්පැනි වලින් කප්පම් ගන්නයි කැම්පස් වල මොට්ටයෝ ලව්වා කැට හොල්ලල සම්මාදම් කරනවටයි වඩා ඔහේ දන්නේ මොනවයි
මෙකෙ ලියන මහත්වරු දැක්කම කොහෙන් හිනා වෙන්ඩද කියල හිතාගන්න බැහැ . 77න් පස්සෙ මෙ මිහරක් ටික රට පලනය කරල කාබාසිනිය කරනකොට වෙන ග්‍රහලොකෙකද හිටියෙ?රටෙ විදේශ මුදල් සංචිත බින්දුවටම හිදිල(හොර කලා ,ලොකෙවටෙන් හිගාකන එක පෙන්නෙ නැද්ද?ඔක්කොටම හේතුව 71 ,88-89 යද?
මේ ඔයාට 3%ක් ඡන්දෙ තියෙන්නේ.. ලැජ්ජා නැද්ද ඔහොම හරි ජනාධිපති වෙන්න හදන්නේ...
දැන් මේ වෙද්දී ජනවරම තියෙන කෙනෙක්ගේ නම කියන්නකෝ බලන්න..? හැමෝම ඉන්නේ රෙදි ඇඳගෙන පාරේ යන්න බැරුව?
තාම ඉවර නැහැ කියල එහෙන් මෙහෙන් ඇහෙනව.රඡ මැදුරෙ ඉන්න අයව එලියට නොගෙන, එක වරම ඇතුලට ගන්නව..ලු.. පරිස්සමෙන් සෙල්ලම ලෙල්ලම වෙයිද
පොහොට්ටුවොයි පියානෝගෙ කස්ටියයි එකට වැඩ වගේ. ඔව හරියන්නෙ නෑ කොල්ලො මේ සැරේ
උපන‍් ගෙයි ගතිය අරින‍් න බැහැ නේ. හොර පාරෙන‍් ම තමයි එන‍්න හදන‍්නෙ,නැතුව ඉතින‍් ඡන‍්ද දිනල එන‍්ඩ යැ නේද?
සිහින දකින එක තාම නැවතිලා නෑ......ආසයි, ඒත් බයයි