IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රට පොල්තෙල් මිල ඉහල දැමීම කූඨ ක්‍රියාවක්

(අංජුල මහික වීරරත්න)

ආනයනික පොල්තෙල් සඳහා කිසිදු බදු වැඩිකිරීමක් කර නොමැති නිසා වෙළෙඳපළේ පොල්තෙල් මිල ඉහළ යාම කිසියම් පිරිසක් විසින් සිදු කරන ලද කූඨ ව්‍යාපාරික ක්‍රියාවක් යැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

මේ වනවිට වෙළෙඳපළේ පොල්තෙල් මිල ඉහළ යාම කිසිසේත්ම සාධාරණීකරණය කළ හැක්කක් නොවේයැයි ද අධිකාරිය කියයි.

මක්නිසාද යත් දේශීය පොල්තෙල්වලට හා ආනයනික පොල්තෙල් සඳහා කිසිදු අමතර බදු අයකිරීමක් රජය විසින් සිදු කර නැතැයි ද ආනයනික පොල්තෙල් කිලෝ ග්‍රෑම් එකක් සඳහා කළින් අය කරන ලද රුපියල් 150ක බදු මුදල මෙතෙක් වෙනස් කර නොමැති බවද එම අධිකාරිය පවසයි.

එමෙන්ම නැව් ගාස්තු ඉහළ යාම ද කිසිසේත්ම පොල්තෙල් ආනයනයට බලපාන්නේ නැති අතර පොල්තෙල් ආනයනය කරනු ලබන්නේ ඉන්දුනිසියාවේ සිට විශාල ප්‍රමාණයේ බාජ්වලින් බවත් ඒවා අනෙකුත් භාණ්ඩ සමග ප්‍රවාහණය කරන නෞකා නොවන නිසා නැව් ගාස්තු ඉහළයාම කිසිසේත්ම පොල්තෙල් මිල ඉහළයාමට බලපෑමක් එල්ල කරන්නේ නැතැයි පොල් සංවර්ධන අධිකාරිය කියයි.

 



අදහස් (8)

රට පොල්තෙල් මිල ඉහල දැමීම කූඨ ක්‍රියාවක්

ලීලාරත්න Tuesday, 18 June 2024 07:43 AM

ලංකාවට පොල්තෙල් ආනයනය කරන්න අවශ්‍ය නම් පොල් සංවර්ධන අධිකාරිය වසාදැමීමට කටයුතු කරන්න .දැන් ඔය හුචක්කුව ඇතිකර අවුරුදු කීයක් වෙනවාද ඒත් ලංකාවට අවශ්‍ය තරම් පොල් හා පොල්තෙල් නිපදවීම කරන්න බැරිනම් රටේ මුදල් නාස්තියක් ඇතිවෙන ඔය අධිකාරිය තිබිල මොකටද

:       1       11

ජයනාත් Tuesday, 18 June 2024 07:44 AM

අපි තවදුරටත් පෞද්ගලික අංශයේ ප්‍රවර්ධනයට කටයුතු කරමු ....

:       2       5

Lalla Tuesday, 18 June 2024 07:44 AM

අතීතයේ පොල්තෙල් අපනයනය කල ලංකාව අද ආනයනය කරනව. අදූරදර්ශි පාලනයක ශාපය. පොල් ඉඩම්වල විනාශයට ප්‍රධාන හේතුව ආදායම අඩුවීම. පොල් වගා නවීකරණය කිරීමට පොල් සම්බන්ධ රාජ්‍ය ආයතන කිසිවක් කර නෑ.බදු මුදලින් යැපෙන සුදු අලි. දියුණුකල පොල් කියල බෙදපු පැලවල ගෙඩි වලුපිටින් කඩා වැටෙනව.අවසාන ඵලය ඒ ගස් ඉවත්කරන්න වුනා. වසර දහයක කාලයක වගාව. අපරාධකාරී නිශ්ඵල විශේෂඥයෝ.

:       0       5

රාජපක්ෂ Tuesday, 18 June 2024 11:40 AM

දියුණු කල පොල් කිව්වට වලු කඩාවැටීමට අමතරව කෘමි හානි වැඩිපුරම වෙන්නේ අධිකාරිය ලබාදුන් පැළවලින් කියලා දැකලා තියෙනවා අස්වැන්න අඩුවුණත් පැරණි පොල් වර්ග වලට කෘමි හානි අඩුයි කියලා හිතෙනවා

:       0       2

Nimal Tuesday, 18 June 2024 09:30 AM

ගෙදරම හින්ද ගත්තා නම් හරි.රට ඒවා ඕන මොකටද ?ලංකාවේ කොච්චර පොල් තියනවද ?

:       1       2

Jaya Tuesday, 18 June 2024 10:23 AM

පොල් සංවර්ධනේ ඉන්නේ තෙල් ආනයනය කරන්නද? රටේ පොල් වැඩි කරන්නද ?

:       0       4

රංබොඩ Tuesday, 18 June 2024 12:26 PM

ආනයන කරන ඒවා ගණන් ගියපුදෙන්. දේශීය නිෂ්පාදන අඩු මිලට දෙන්න. එතකොට දේශීය නිෂ්පාදනය ඉහළ යනවා. දියුණු වෙනවා. රටට අවශ්‍ය තරම් තෙල් නිපදවා ගත්ත නම් හොඳයි නේ. ප්‍රශ්නය තියෙන්නේ දේශීය නිෂ්පාදනත් අර ගාණටම උස්සන එක.

:       0       3

සෙනෙවිරත්න Tuesday, 18 June 2024 07:07 PM

රටේ තියෙන කනාටු පොල් ගස් ගෙඩි ගන්න ක්‍රමයක් පොල් සංවර්ධන අධිකාරිය , පොල් වගා කිරීමේ මණ්ඩලය කටයුතු කරනවා නම් ඉතා පහසුවෙන් රටේ පොල් අස්වැන්න වැඩි කරලා ඒ අයගෙ අතමිට සරු කරන්නත් ⁣පුළුවන්. අනෙක වහල වල් වලට දික් වෙච්චි ගස් වෙන පැත්තකට ඇදල බඳින්න මුදලින් උදව් කරනවා නම් ලොකු දෙයක් , පොල් ගසක් බඳින්න ඉඩමක් ගන්න මුදල යනවා කේබල් වලට , දුප්පතුනට ඕවට සල්ලි නැහැ ගහ කපනවා හැර. නිළධාරින් සොයා බලා කලයුතු දේවල් ඕවා. රැකියාවක් ලැබුණම ලෝන් එකකදාලා ගෙයක් හදන හැටි වාහනයක් ගන්න හැටි සහ ඒවට මුදල් හොයන හැටි මිසක් අපේ නිළදාරින්ට වෙන යුතුකම් අමතකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site