
(නිමල කොඩිතුවක්කු)
රට මුහුණ දී ඇති ප්‍රශ්න විසඳා ගත හැක්කේ රට තුළ ජාතික එකඟතාවයක් ඇති කරගතහොත් පමණක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම 19 වැනි සංශෝධනය ඒ අයුරින්ම බලාත්මක කර ප්‍රජාතන්ත්‍රවාදය හා මිනිස් අයිතිවාසිකම් රැකදීම වහාම කළ යුතුව ඇතැයි ද ජයසූරිය මහතා සඳහන් කළේය
"යහපත් රටක් සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්" තේමාවෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සහ ජාතික හා ආගමික සංහිඳියාව සඳහා වන එකමුතුව විසින් දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කළ රත්නපුර දිස්ත්‍රික් හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ කරු ජයසූරිය මහතා මෙසේද කීවේය.
"අද අප මුහුණ පා සිටින්නේ මෙරට ඉතිහාසයේ කිසිදා සිදු නොවූ ජාතික අර්බුද රැසකටයි. ශ්‍රී ලංකාව බංකොලොත් රටක් වශයෙන් දැනටමත් අන්තර්ජාතිකව නම් වී ඇත. ආර්ථිකය මුළුමනින්ම විනාශ වී ඇත. විදුලි කප්පාදුව, අධික ජීවන වියදම හා මන්දපෝෂණය වර්ධනය වෙමින් පවතී.
මේ ප්‍රශ්න විසඳා ගත හැක්කේ රට තුළ ජාතික එකඟතාවයක් ඇති කරගතහොත් පමණි. අවාසනාවකට එය තවමත් එය සිදුවී නැහැ. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් හා ගමනාගමන දුර්වලතා ආදී බොහෝ ගැටලු සඳහා රජය විසඳුම් ලබාදීමට ක්‍රියා කිරීම අපි අගය කරමු.
ජාතික ව්‍යාපාරයක් වශයෙන් අපි සෑම විටම යෝජනා කළේ දේශපාලන භේදයෙන් තොරව සියලුම ජාතික නායකයන් එක්ව විසඳුමක් පාර්ලිමේන්තුව තුළින් ගෙන එන ලෙසයි. එවිට ජනතාව මුළු පාර්ලිමේන්තුවටම චෝදනා කරන්නේ නැහැ. එවිට දේශපාලන නායකයන්ගේ පූර්ණ සහභාගිත්වයෙන් හා ජනතාවගේ ආශිර්වාදයෙන් වාද - භේද වලින් තොරව අප රට නැවතත් ගොඩ නැගිය හැක.
පැය 24 ම විදුලිය ලබා දීමත්, අඛණ්ඩව ඉන්ධන සැපයුමත්, ඇති කර ගතහොත් රටේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් වනු ඇත. කර්මාන්ත හා අපනයන ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇත. සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වනු ඇත. යුරෝපියානු සීත සෘතුවේ දී අපට මෙය ඉහළ නැංවිය හැකියි.
මින් පසු සිදු විය යුත්තේ කෘෂිකර්මය දියුණු කිරීමයි. අවශ්‍ය බීජ පොහොර හා කෘමිනාශක අවශ්‍යතා සාධාරණ මිලක් ගොවියාට ලබාදුනහොත්, අපට වාර්තා වාර්තාගත වන මහ කන්නයක් බලාපොරොත්තු විය හැකි බව කෘෂිකර්ම විද්වතුන් දැනටමත් අපට පෙන්වා දී ඇත.
මේ දිනවල සිදුවන වෘත්තීය සමිති හා ශිෂ්‍ය නායකයන් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත අවභාවිතා කිරීම පි පිළිබඳවත්, අපගේ විරෝධය පළ කර ඇත.
එසේ නම් වහා සිදුවිය යුත්තේ රට, ජන ජීවිතය යථා තත්ත්වයට පත්කර පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ගේ ආශිර්වාදයෙන් අවුරුද්දක් සමගියෙන් වැඩ කර රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ගැනීමයි. එමෙන්ම 19 වැනි සංශෝධනය ඒ අයුරින්ම බලාත්මක කර ප්‍රජාතන්ත්‍රවාදය හා මිනිස් අයිතිවාසිකම් රැකදීමයි. ඉන්පසු පුරවැසියන්ට තමන්ට කැමති නායකයෙක් දේශපාලන පක්ෂයක් හා තම ප්‍රදේශය නියෝජනය කිරීමට මන්ත්‍රීවරයකු පත්කර ගත හැකියි.
මෙම අවස්ථාවට ආගමික නායකයන්, හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන, වෘත්තීය සමිති නායකයින්, සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
414
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රටේ ප්‍රශ්න විසඳිය හැක්කේ ජාතික එකගතාවයකින් පමණයි
Hafeel Monday, 29 August 2022 02:14 PM
ජාතික එකඟතාවය, ජාතික ආණ්ඩුව, සර්ව පාක්ෂික ආණ්ඩුව කවදාවත් ඇති කරන්න බැහැ. ඒ වගේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ දුෂණ, වංචා, තුරන් කිරීමත්, 1977න් පසු බලයට ආපු පාලකයින්ගෙන් කවදාවත් බලාපොරොත්තු වෙන්න බැහැ. ඕවා සටන්පාඨ පමණයි. එකට හේතුව 1977 ඉඳන් මේ රටේ ජනතාව පත් කරන බහුතරයින් දූශිතයින්. ඔවුන්ගේ පැත්තට බර වැඩි... දූෂිතයින් කවදාවත් එකඟ වෙන්නේ නැහැ ජාතික එකඟතාවයට. එමනිසා කරු ජයසූරිය මැතිතුමා කළයුත්තේ, තුන් වැනි පාර්ශවයක් බලයට ගෙන ඒම සඳහා කටයුතු කිරීමයි.
දූෂිතයින් ජාතික Monday, 29 August 2022 03:01 PM
උතුර හා නැගෙනහිර කොටස් ඒ අයට දීලා බලන්නකෝ.. ඒ අය දියුණු කරලා පෙන්වයි. අපේ අනිත් පළාත්වල අය හැමදාම බෝඩ් උස්සාගෙන පෙළපාලිවල මූණ පෙන්නගෙන ඉන්නවා දකියි. විශ්‍රාම වයස ළඟාවන තුරුම...!
chandima Monday, 29 August 2022 06:37 PM
ඒකියන්නේ දැන් රනිල්ට මේක කරන්න බැරිද? එහෙනම් තියෙන්නේ අයින්වෙන්න. තෙපරබබා ඉන්නේ නැතිව..