
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 47 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි
ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද තොරතුරක් මත වෙන්නප්පුව පොලිසිය හාවෙන්නප්පුව නගරයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදි සැකකටයුතු වෑන් රථ 03 ක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයන් අතර වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් 37 ක්, කාත්තාවන් 06 ක් සහ වයස අවුරුදු 18 ට අඩු 04 ක් ඇතුළු පුද්ගලයන් 47 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පිරිස යාපනය, වව්නියාව, ත්‍රිකුණාමලය, කල්මුනේ, මඩකලපුව, පුත්තලම, හලාවත, මාරවිල, මහවැව, මුන්දලම සහ වැල්ලවත්ත යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි විමර්ශන කටයුතු සඳහා වෙන්නප්පුව පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෑන් රථයකින් යනකොට? ඝොට රටින් පනිනකොට අපේ පොලිසිය දන්නෙ නෑනෙ.
මේ අපායෙන් මිදිලා පැනලා යන කෙනෙකුට පැනගන්න ඉඩ දෙන්න මොඩයිනේ...