
(යොහාන් භාසුර)
ජනතාව පත්ව ඇති පීඩනය හේතුවෙන් රට තුළ සිවිල් යුද්ධයක් ඇති වීමේ අවධානමක් ඇති බවත් ප්‍රශ්න තව දුරටත් පැවතුණහොත් ජනතා පැහැරගැනීමට පෙළමීමත් ආණ්ඩුව එය පාලන කිරීමත් සමඟ සිවිල් යුද්ධයක් නිර්මාණය වියහැකි බවත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අද (23) පැවසීය.
රුසියාවෙන් ඉන්ධන සහ පොහොර ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට අවස්ථාවක් ඉල්ලමින් යොමු කළ ලිපියට කිසිඳු ප්‍රතිචාරයක් නොමැති බවත් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා බකන්නිලාගෙන නොසිට ගැටලුවට උත්තර දියයුතු බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කළ යුත්තේ විපක්‍ෂයේ මන්ත්‍රීවරයකුට ඉන්ධන ගෙවීමේ වගකීම බාරනොදී වාහාම රුසියානු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීම බවත් වාසුදේව නානායක්කාර මහතා කීය.
ජපානය, චීනය සහ ඉන්දියාව ඒකාබද්ධ ඉදිරියේදී ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට සූදානම් වන බව කී නානායක්කාර මහතා එම කණ්ඩායමට රුසියාව ද එකතු කරගත හැකි බව ද සඳහන් කළේය.
රුසියාව සතුව ඉන්ධන, පොහොර සහ ගෑස් තිබීමත් ඔවුන් ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට සූදානම් බවත් ඇමරිකාවේ වලිගය වන අයි.එම්.එෆ්. නිසා ශ්‍රී ලංකාව රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමට බියට පත්ව සිටින බව කී නානායක්කාර මහතා පැවසුවේ තව දුරටත් ආණ්ඩුවේ වගකීම් විරහිතව කටයුතු කළ හොත් ජනතාවගේ ඉවසීම ඉක්මවා යනු ඇති බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොර දියේ මාළු බාන්නේ නැතිව තමනුත් අද උසාවි ඇති තත්වයකට කොතෙක් දුරකට සහභාගි වූවාදැයි පැහැදිලි කරන්නකෝ.. ඊටපස්සේ විකල්ප ක්‍රියාමාර්ග හා විසඳුම් ගැන කතා කළොත් නේද වඩාත් සුදුසු....?
ඉතින් බ්‍රෝ ඔහේගෙ යාලුව මහින්ද රටට ආදායම් සෙවීම නොකර කුලුනු හදන්න පොකුණු හදන්න පිට්ටනි හදන්න චීන ණය ගනිද්දී බ්‍රෝත් ඒ ආණ්ඩුවෙ ලොක්කෙක් වෙලා විපක්ෂයට පාට්දමමින් හිටියා නේද ඒකාලෙ එයට විරුද්ධව නොවූ බ්‍රෝ දැන් මොකෑ කියන්නෙ ඒවා හදන්න අයවැය ගෙනාවාම බ්‍රෝ විරුද්ධව සිටියේ නැහැ අයවැය සදහා චන්දය දුන්නා නේද ඒවායේ විපාක තමයි මේ විදවන්නෙ දැන් බොරු එපා ලොක්කා
බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉවත්කර වාසුදේව නානායක්කාර බලශක්ති අමාත්‍ය වසයෙන් පත්කරමු.
ඔය වයසට ඔහොම හිතෙනවා..
ඔබතුමාට හීනෙනුත් එහෙම පෙනෙනව නේද? හවසට පොඩි අඩියක් ගහල නිදාගන්න. එතකොට ඔය විකාර පෙනෙන්නෙ නතුව නින්ද යනව. වඩියම බොන්න එපා වයසට හොද නහැනෙ. ඔනමනම් හොද ගුරුන්නන්සෙ කෙනෙක් ලවා දෙහිගෙඩියක් කපාගත්තත් වරදක් නැැ.
මෙ හුච්චක්කු තමයි 20 ට අත් උස්සල මෙ තත්වයට රට පත් කලේ. ඩැන් එනව බයිල ගහන්න.
පුළුවන් නම් ඇතිකරන්නකෝ සිවිල් යුද්ධයක් ඇති වුණොත් අන්න රජයට පුළුවන් මහා ජෙප්පන් කුරුටුගාමින් ටික හිරකරන්න. නැතිනම් ඉතින් කරන දෙයක් කරලා සදහටම රට මුදවා ගන්න. ප්‍රේමදාසත් සුදුසු කාලේ එනකම් බලාගෙන හිටියා...!