(යොහාන් භාසුර)
රට තුළ පැතිර යන වයිරස් රෝග හේතුවෙන් දිනකට දරුවන් 60 ත් 70 ත් අතර සංඛ්‍යාවක් රෝහල්ගත කරන බවත් එම රෝගවලින් දරුවන් ආරක්‍ෂා කිරීමට සෞඛ්‍ය ආරක්‍ෂණ පිළිවෙත් අනුගමනය කළ යුතු බවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නිලධාරියෙක් පැවසීය.
උණ ඇතුළු වයිරස් රෝග රැසක් රට තුළ මේ වන විට පැතිර යන බව කී එම නිලධාරියා වයිරස් උණ, ඉන්ෆ්ලුවෙන්සා, ඩෙංගු සහ කොවිඩ් ඇතුළු රෝග කීපයක් නිරන්තරයෙන් වාර්තා වන බව ද එම නිලධාරියා සඳහන් කළේය.
‘කොවිඩ්’ වයිරසයෙන් ආරක්‍ෂා වීමට ජනතාව අනුගමනය කළ සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරන්නේ නම් මෙම වයිරස් රෝගවලින් ද ආරක්‍ෂා වියහැකි බව එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd