(ඩයනා උදයංගනී)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වරදකරුවන් ලෙස හඳුන්වා ඇති අය අදත් දේශපාලන කටයුතුවල නිරතවෙමින් හා පොලීසියේ තනතුරු දරමින් නිදහසේ ජීවත් වන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
වර්තමානයේ දී රටේ නීතියක් හා නීතියට ඉඩක් නැති බවත්, රටේ තිබෙන්නේ අවනීතිය බවත් කී අගරදගුරුතුමෝ මේ සම්බන්ධයෙන් රටක් ලෙස ලෝකය ඉදිරියේ ලැජ්ජා විය යුතු බව ද සඳහන් කළහ.
රටේ තිබෙන්නේ බලවත් අයගේ නීතිය බව කී කාදිනල්තුමෝ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කර, වැරදිකරුවන් ලෙස හඳුන්වා ඇති අයට නඩුපවරන ලෙස කොතෙක් ඉල්ලීම් කළත් රටේ නීතිය ඒ කිසිවක් නොකළ බව ද කීහ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ මෝදර ශුද්ධ වු මහා සන්තියාගෝ මුනිදුන්ගේ දේවස්ථානයේ 150 වන ජුබිලිය වෙනුවෙන් අද (31) පැවති මංගල මහා දිවය පුජා යාගය සඳහා එක්වෙමිනි.
බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයෙහි ඉකුත් ජනවාරි 11 වැනිදා තිබූ බෝම්බයක් සම්බන්ධයෙන් එහි සන්ක්‍රිස්තියන්වරයා සහ තවත් දෙතුන් දෙනෙක් මාසයකට වැඩි කාලයක් හිර කර තබාගත්තත් බෝම්බය ගෙනාවේ ඔවුන් නොව ආරක්ෂක අංශවල අය බව කී කොළඹ අගරදගුරුතුමෝ අද වන තුරු ඒ ගැන කිසිදු පරීක්ෂණයක්වත් සිදුකර නැතැයි ද ප්‍රකාශ කළහ.
බලයට, ධනයට කෑදරව ප්‍රතිපත්ති පාවාදෙන මිනිස්සුන් නිසා රට අගාධයට පත්ව විනාශයට ගොදුරුවී ඇති බවත්, ජනතාව දුක් විදින්නේ සමහර වෙලාවට අපේම මෝඩකම් නිසා කියා සිතාගන්න වී ඇති බවත් අගරදගුරුතුමෝ සඳහන් කළහ.
රටට ධර්මද්වීපය කියා කීවත්, ධර්මදීපයේ වෙන දේවල් පේනවානේ යනුවෙන් කී කාදිනල්තුමෝ 2019 වසරේ පාස්කු ඉරුදින 269 දෙනෙකුගේ ජීවිත නැති කර දැමීම සම්බන්ධයෙන් අදවනතුරු ඉටු නොවූ බවත්, බලවන්තයන්ගේ බලවත්කම එය බවත් පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගලයට ආවෙ පාස්කු වින්දිතයින් වෙනුවෙන් විතරමද? අපිට නම් දැන් සැකයි
මයිට් ඊස් රයිට් කිව්වේ නිකන්ද?
මෙයාට අමූ කැවිලා
ඊළඟ ඡන්දෙට ඉල්ලන පාටයි.
එතකොට සාම්පුර් විදුලිබලාගාරය නැවතුනේ කාගේ බලපෑම් නිසාද?
අවස්ථාවාදීන්ගේ දේවල් තුට්ටුවකට මායිම් නොකර මේ මහා අපරාධයට එරෙහි සටන දිගටම අරන් යන්න. අපි ඔබට ආශිර්වාද කරමු.
අනුගාමිකයන් වෙනුවෙන් යුක්තිය ඉටුකර ගැනීම සඳහා ඔබතුමා දක්වන අප්‍රතිහත ධෛර්යය වෙනුවෙන් මගේ ඉමහත් ගෞරවය ඔබතුමාට පුදමි..!
පල්ලියට වඩා හොඳයි පාර්ලිමේන්තුවට ගියානම්... කාටහරි බැණබැණ ඉන්න තිබුණා.
ශ්‍රී ලංකාවේ සිටින බොහෝ ආගමික නායකයන් ගැන සළකන විට, කතෝලික ජනතාවගේ පැත්තෙන් අපි මෙතුමා ගැන ආඩම්බර වෙමු. දේශපාලකයින් වෙනුවෙන් නොවන රටත්, ජනතාවත් වෙනුවෙන් නිවැරැදි අදහස් ප්‍රකාශ කිරීමක් මෙතුමාගෙන් නිතර අපි අසන්නෙමු...!
පාස්කු ප්‍රහාරය නිසා මැරුණ අය අනාත වූ අය විතරද මිනිස්සු? අරන්තලාවේ භික්ෂූ ඝාතනය, මායිම් ගම්මානවල මරපු අය, බෝම්බ නිසා මැරුණු අය, ජනතා විමුක්ති පෙරමුණේ අය 71/88/89 කාල වල මරපු අය ගැන සාධාරණය එපාද? එයාලා මිනිස්සු නෙවෙයිද? ඒ අනාථ වුණු පවුල්වල සාමාජිකයින් මිනිස්සු නෙවෙයිද? ඔයාලාගේ පල්ලිය ළමයි විකුණලා අහුවුණාම එදා මුළු පල්ලි ඔක්කොම රාජ්‍ය උත්සව වර්ජනය කරනවා කියලා ඒ දේවල් යටගැහුවේ මොන නීතිය යටතේද?