
(අංජුල මහික වීරරත්න)
ලංකාවේ ඩිජිටල් ආර්ථිකය දියුණු කිරීම මූලික අරමුණ කරගත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි (ICTA) අධ්‍යක්ෂ මණ්ඩලය අද පස්වරුවේ පළමු වරට රැස්වීමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස පත් කරන ලද ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා එහි විධායක නොවන සභාපති ලෙස කටයුතු කරයි.
ආර්ථික වර්ධනය වේගවත් කිරීම, ජාතික තරගකාරීත්වය සහ සියලු පුරවැසියන්ට සැලකිය යුතු ප්‍රතිලාභ සැලසීම අපේක්ෂා කරමින්,කලාපයේ වඩාත්ම දියුණු රටවල් හා සමගාමීව ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඉහළ නැංවීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.
සංජය කරුණාසේන, හර්ෂ පුරසිංහ, චන්දිම කුරේ, බන්ධුල රණතුංග, ජිෆ්රි සුල්ෆර්, සාමිස අබේසිංහ, ශානක රෙබෙල් මහත්වරු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි (ICTA) අධ්‍යක්ෂ මණ්ඩලයේ සෙසු සාමාජිකයෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිවයිනේ සියලුම ආදායම් වාර්තා බිඳදමමින්, තඹුත්තේගම ටොම් පචයා රඟන "දින 50යි - පච 50යි" දැන් අතිසාර්ථක ලෙස තිරගතවේ ! මාලිමා නිෂ්පාදනයක් - පච සාගරයක් !
අපි ඩිගිටල් භාවිතයෙන් ඉන්නේ දශක ගණනාවක් පසුපසින්. සෞදි අරාබිය වැනි මැදපෙරදිග රටවල් ගොඩාක් දුර ගිහින් තියෙනවා...
නරි අමල්...
අමල් අන්තිම වතාවටත් තමන්ගේ හාම්පුතා වෙනුවෙන් බිරුවා...!
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතන යනු... හොර ගුහාවල්. නිකන් කකා ඉන්න අය ගොඩක් ඉන්න තැනක් මුලින්ම ඕක හදලා ඉන්න වෙනවා... අනිත් වැඩ කරන්න කලින්...)
පරණ හොරු දෙන්නෙක් අලුත් ටිම් එකේ
අමල් ඔච්චර බය වෙලා අපහාස කරන්නෙ තමනුත් මේඩ් ඉන් ලංකා එකලස් වාහනයක් පදිනවද?ඔය එකක් අල්ලගෙන වැලලුනාට තවවසර පහක්ම තියෙනව ඉවසන්න , උඩ ඉන්න නරියන්ට රිදුනට බිමේ මිනිස්සු තඹුත්තෙගම එකාට ආදරෙයි. අද ඔයාල හේදිල යනව එක නවතන්න සක්කරයටවත් බැහැ.
ඉන්දික මේ මිනිහ රවටන්න හිතන්නවත් එපා , තමන් අවංක නම් කොයි කොයි එකාටත් වැඩ කරන්න වෙනවා