(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඉකුත් වසර පහක කාලයේදී විශේෂඥ වෛද්‍යවරුන් අසූ දෙදෙනකුට සේවය හැරයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමක දී දැන ගන්නට ලැබුණේ මෙම වෛද්‍යවරුන්ගෙන් බොහෝ පිරිසක් විදේශ පුහුණුව සඳහා ගොස් නැවත නොපැමිණි බවයි.
ඉහත කාල සීමාවේ දී වෛද්‍යවරුන් හත් දෙනකු ඉල්ලා අස්වී ඇතැයි ද ඔහු කීවේය.
ස්ථිර ලෙස වෙනත් සේවාවන් සඳහා විශේෂඥ වෛද්‍යවරුන් පනස් හත් දෙනකු මුදා හැර ඇති බව පැවැසූ අමාත්‍යවරයා වෛද්‍යවරුන් 233 දෙනකු විශ්‍රාම ගොස් ඇතැයි ද සඳහන් කළේය.
ඔහු මෙසේ පැවැසුවේ මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 1139ක හිඟයක පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් දැනට 2042 ක් සිටින බව ද ඔහු කීවේය.
පසුගිය කාලයේදී රට ගිය විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ලංකාවට පැමිණ ඇත්තේ සියයට හතළිහක් පමණක් බවත් දැන් එය 65 දක්වා හොද මට්ටමකට වර්ධනයවී ඇති බවත් අමාත්‍යවරයා පැවැසුවේය. විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් දෙසීය එක් දෙනකු වයස හැටට වැඩි අය බවත් පන්සිය හතළිස් හයක් වයස 55-60 අතර අය බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
විශේෂඥ වෛද්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට (කාඩර් එක) කටයුතු කරගෙන යන බව ද අමාත්‍යවරයා පැවැසීය.
හිතු හිතූ විදියට විශේෂඥ වෛද්‍යවරුන් බිහි කළ නොහැකි බව ද ඔහු සඳහන් කළේය.
පසුගිය කාලයේ දී රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් පැමිණ ඇතැයි පැවැසූ අමාත්‍යවරයා සෙසු අයත් එසේ පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
ඒ අයට පැමිණීමට ආරාධනා කරන බවත් පැමිණීමට ඇති බාධා තිබේ නම් ඒවා ඉවත් කර දෙන බවත් ඔහු පැවැසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ආරාධනා ද , නඩු දමා රජයට සිදු වූ අලාභය අයකර ගන්නවා මිසක් දේපල තහනම් කර හරි අලාභය අයකරගන්න ඕනේ. අලුතෙන් දොස්තරලටත් පාඩමක් ඉගෙන ගන්නත් එක්ක මේ ගොල්ලෝ ලව් කර කර ඉන්නවා.
වෛද්‍යවරුන් වරියන් හිගවීම පුදුමයක් නැහැ. ජනතාවගේ බදු මුදලින් පළමු වසරේ සිට ඉගෙනුම ලබා වෛද්‍ය සේවයේ නොයෙදේ වෙනවෙන බහුබූත කරන්න ගියාම එහෙම වෙනවා රජයෙනුත් ඉගෙනුම ලබා පුද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් සේවය හැර යනවා නම් ඔවුන්ට රජයෙන් එක වසරේ සිටම ලබාදුන් අධ්‍යාපන වටිනාකම සියයට පනහක් බැගින් වැල්පොලිය සමග ගෙවීම අනිවාර්ය වූ නීතියක් හදන්නම ඕනේ. එහෙම නොකර මේ රට හදන්න නම් බැහැ.