(සුජිත් හේවාජුලිගේ )
විදේශගතව සිටින මැති ඇමැතිවරුන් හත් දෙනකුට වහාම දිවයිනට ගෙන්වා ගන්නා ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම්වරයාට උපදෙස් දී ඇත.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද(20) පැවැත්වෙන හෙයින් එම මැති ඇමැතිවරුන් මෙසේ කැඳවූ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ලංකාදීපයට පැවසීය.
මෙසේ කැඳවා ඇත්තේ ආචාර්ය බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චිසහ මනුෂ නානායක්කාර පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් හත් දෙනෙකුය.
මේ අතර සියලුම මැති ඇමතිවරුන්ට එම යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වෙන කාලයේදී කොළඹ රැඳී සිටින ලෙසටද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම්වරයා දැනුම්දි ඇත.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ අවසාන ඡන්ද විමසීම පස්වරු 4.30ට පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඡන්දෙන් දිනපල්ලා මහ ඡන්දෙන් පලයල්ලා
ඕකෙන් කතානායක දිනනවා. හොරු කවදාවත් කැමැති නැහැ තමන්ව ආරක්ෂා කරන මනුස්සයා ගෙදර යනවාට.., හොරු ටික පිටරට ඉඳලා ඇවිත් හරි ඡන්දෙ දෙනවා... දෙනවා...
රට සාප්පු සවාරි ගහන්ඩ යන්ඩ ඇති .හොරාකාපුවා වියදම් කරන්ඩත් හිතාගෙන .
ඕකත් දිනනවා මහ චන්දෙත් ඕකුන් ටික දිනනවා