(අංජුල මහික වීරරත්න)

2019 වසරේ තිබූ බඩු මිල  නැවත ගන්නට නොහැකි යැයිද කළ හැකි එකම දේ ක්‍රමානුකූලව ආදායම වැඩි කිරීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තරුණයන්ට බලාපොරොත්තු තබාගත හැකි රටක් ගොඩනැඟීම සඳහා තමා බාරගත් අභියෝගය ඉටුකරන බව කී අග්‍රාමාත්‍යවරයා මේ වසරේ දී බැරි වුනත් 2024 වසරේ සිට බලාපොරොත්තු සහගතව ඉදිරියට යාම ඇරඹීමට හැකි වන බවද සඳහන් කළේය.

තරුණ වෘත්තීයවේදීන් සහ විශ්වවිද්‍යාල සිසුන් සමඟ සූම්  තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවක දී තරුණයන් ඇසූ  ප්‍රශ්න වලට  පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා කීවෙි හැමදාම මෙහෙම වැටිලා ඉන්න උවමනා නැති බවයි

"අපි නියම මාර්ගයේ යනවා නම් මේ අවුරුද්ද අමාරු වෙයි.නමුත් 2024 වසරේ සිට අපට බලාපොරොත්තු සහගතව ඉදිරියට යන්න පුළුවන්.2023 වසරේ දී ත් මේ වසරට වඩා කුඩා දියුණුවක් අපට පෙනේවි.2025 වසර වන විට අපේ ගමන ආරම්භ කරන්න පුළුවන්.යනුවෙන් ද අග්‍රාමාත්‍යවරයා කීය.