
(අංජුල මහික වීරරත්න)
දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව රට නැවත ගොඩනැඟීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත ස්ථාපිත කළ ‘Rebuilding Sri Lanka’ අරමුදලේ කළමනාකරණ කමිටුව එහි සභාපති කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්විය.
සුළි කුණාටුව නිසා විනාශ වී ගිය සියලුම කේෂ්ත්‍ර නැවත ගොඩනැඟීමට අවශ්‍ය කරන අරමුදල් තවදුරටත් රැස් කිරීම සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
ඒ අනුව අරමුදල් රැස් කිරීමට අදාළව ගත යුතු උපායමාර්ගික ක්‍රියාමාර්ග මෙන්ම විදෙස් තානාපතිවරුන්, ජාත්‍යන්තර ආයතන, සහ විදෙස්ගත ශ්‍රමිකයන් සම්බන්ධ කර ගැනීම පිළිබඳව ද අවධානය යොමු විය.
එසේම රට නැවත ගොඩනැඟීමේදී මෙරට රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මෙන්ම පුද්ගල වශයෙන් සහාය ලබා ගන්නා ආකාරය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණි.
Rebuilding Sri Lanka’ අරමුදලේ කළමනාකරණ කමිටුවේ කැඳවුම්කරු ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු මහතා ඇතුළු රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විත සෙසු සාමාජිකයෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු ගෝඨාභයගේ... වැඩසටහන් රනිල්ගේ. පච විතරයි එයාගේ...