
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව ,පෞද්ගලික අංශය,ගොවි ජනතාව විදෙස්ගත ජනතාව ආදී සියලුම පුරවැසියන් ඒකාබද්ධ වී පොර බැදුවොත් වසර දෙක තුනෙන් මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා (ජාජබ) පැවසීය.
රටේ සියලු ජනතාව එලෙස ඒකාබද්ධ කරන්න නම් ජනතාවගේ වරමින් ආණ්ඩුවක් පිහිටුවා ගත යුතු බවද එසේ කළහොත් ජනතාව රටෙි ප්‍රශ්න විසඳීමට වසරක් දෙකක් පමණ ආණ්ඩුවට කාලය ලබා දෙනු ඇති බවද අනුර දිසානායක මහතා කීය.
වත්මන් ජනාධිපති තෝරාගෙන තිබෙන්නේ ජනතාව විසින් නොවේ යැයිද එමෙන්ම රනිල් වික්‍රමසිංහට එරෙහිව ලැබුණු ජනවරමකින් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක් හැදීම ජනවරමට පටහැනි යැයිද අනුර දිසානායක මහතා කීය.
අතුරු අයවැය ද ජනවරමට ප්‍රතිපක්ෂ අයවැයක් බවත් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජනවරමක් අවශ්‍ය අතර දැන් ජන වරමක් නැති පාවෙන මිනිස් පුළුටු ටිකක් පැමිණ රට පාලනය කරන බවද අතුරු අයවැය විවාදයට එක්වෙමින් අනුර දිසානායක මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හොරාකාපුව අල්ලන් නැද්ද? මුන් ඔක්කොම යාලුවො මල්ලී..
ජන වරමින් පත් වූ රජයට නිසිම වැඩක් කරන්න ඉඩ නොදෙමින් වැඩ වර්ජන මෙහෙය වූ ජවිපේලා ගේ වැදි බණ.
ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවන රජයේ වෘත්තීය සමිති, රට යථා තත්වයට එනකම් එහි ක්‍රියාකාරිත්වය අත්හිටුවන්න. විශ්වවිද්‍යාල සිසුන්ට අද්‍යාපන කටයුතු කරගැනීමට ඉඩ දෙන්න. මේ අවස්ථාවේ ඔබ පක්ෂයේ සහයෝගය රජයේ හොද තීරණ වලට ලබා දෙන්න
මෙ ආර්තික අර්බුදය ගෙන ජවිපෙ කී සෑම දෙයක්ම දැන් ඔප්පු වී තිබෙනවා. මෙ අර්බුදය පුපුරා ගිය මොහොතෙ අනුර දිසානායක මහතා රට හමුවෙ ඉදිරිපත් කලා. විසදුම් එදා කිසි කෙනෙක් ගනන් ගත්තෙ නෑ. ඒත් දැන් හැමොම කියන දේවල් වලින් පෙනි යන්නෙ එදා ඔහු ඉදිරිපත් කල විසදුම් නිවැරදි බවයි.
දැන් මෙ රටට ඇති එකම බලපොරොත්තුව ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවෙගය පමනයි. අවුරුදු74 ක විනශය දැන්වත් නතර කරමු.
මෙයාලා දන්නේ හොරා කෑවා, හොරා කෑවා කිය කියා කෑගහන්න විතරයි. එහෙම කියලා මිනිස්සු කුලප්පු කරලා රට කන්න තමයි දන්නේ...!
දැන් පාර්ලිමේන්තුවෙ ඉන්න හොරු එලවගත්තනම් ඔය කිසි ප්‍රශ්නයක් නැතුව රට ගොඩගන්න පුළුවන් නේද? ලැබෙන සහනාධාර රටේ ආදායමෙන් නේද මුන් ඔක්කොම සුඛෝපභෝගී ජීවිත ගත කරමින් මාටියා ගහන්නේ.
ඔන්න ආයෙත් ඇවිල්ලා. මේ මනුස්සයට කියවනවා හැර එකතුවෙලා වැඩක් කරන්න ඕන කමක් නැ. ගොඨා ගියහම කරලා පෙන්නන්නම් කිව්වා. කට විතරයි.
ඔය කියන ඒවා කරන්න කලින් වෘත්තිය සමිති තහනම් කරන්න. ඒවා ඔක්කොම ජවිපෙ. කවදාවත් කිසිම රජයේ හෝ පෞද්ගලික ආයතනයක් කරන්න දෙන්නේ නැත්තේ එයාලා කවදාවත් කිව්වේ නෑ.. පාඩු ලබන ආයතන දේශපාලන ගැට්ටන්ගෙන් පුරවන්න එපා කියලා. හැබැයි සේවකයින් අස් කරන්න දෙන්නේ නෑ. ඒ දේශපාලන වාසි ගන්න. රාජපක්ෂලා වගේම ජවිපෙත් මේ රටට සාපයක්...!
ඉතා නිවැරදියි. සියල්ලටම ප්‍රථම රට දේශපාලනිකව ස්ථාවර කර.... මහපාරේ තියෙන උද්ඝෝෂණ නවත්වා සියල්ලන්ම වැඩට බැසිය යුතුයි. ඒ සඳහා ජනතා විශ්වාසය සහිත නායකයින් ඡන්දයකින් පත්කරගත යුතුයි...!
මෙච්චර කල් රට කාලා, හොරා කාලා විනශ කරපු අය ගොඩට ඡවිපෙත් එකතුයි. එයාලා මේ ඊයේ පෙරේදා අහසින් වැටුණු අය නෙවෙයිනේ. දැන් මේ රටට ඇති එකම බලාපොරොත්තුව ජවිපෙ කියන්නේ 74 ක් වසර පොල් ගෑවාද? දැන් පෙනී යනවා වෙනසක් වෙන්නෑ කියලා. මෝඩ කරුණු ටිකක් එක්කාසු කරන ඇවිත් හලනවා පච වෙන්නම...
අපි රට හදන්නේ කටින් පමණයි..
දැන් මැතිවරණයකට යන්න සුදුසු අවස්ථාවක නොවේ රට සිටින්නේ, තිබ්බත් ඔබ සිතනවාද ජනතාව ඔබලාට ඡන්දය දේවි කියලා. මැතිවරණයකට ගියත් තවත් සියයට 3 ක් විතර වැඩිකරගනීවි. දවල් සිහින නොබලා රජයට එක්වන්න.
අපි තවම මැරිලා නැහැ. ලයිට් නිවන්න කියලා රෑ ඇවිත් ගෙවල්වල ID එකතු කරලා හිතූ හැටියට මිනිස්සු මරපු කට්ටිය.
කතා විතරයි... ප්‍රායෝගික නැහැ...
ඉතාමත් නිවැරැදියි..
69 ලක්ෂයක් ඡන්දෙ ගත්තාම ජනතාව ඒකාබද්ද උනාද.අනුර කියන විදිහට ජනතාව ඒකාබද්ද වෙන්නෙ කෝටි දෙකම ජේපී එකට චන්දෙ දුන්න දවසට තමයි.එදාට තමයි පොරබදන්න වෙන්නෙ.
රට ගොඩ දාන්න කිලින් හතරගාතේ වැටිලා ඉන්න පක්ෂෙ ගොඩ දාන්න කියන්න. වර්ජන, උද්ඝෝෂණ මගින් රටම හාන්සි කරලා දැන් බයිලා ගහනව.
අර අරගලය වගේද එහෙම නැත්නම් 71, 88-89 වගේද ? බයිලා කියන්නේ නැතුව කරන්න පුලුවන් දේවල් කියනවා.
Always talking.. never has done single bit of work. What a clown!
අද අපට අත්හදා බැලීමට ඉතිරිව ඇත්තෙ මේ පිරිස පමනී. අවුරුදු 74 මෙරට දෙපිරිසකට ඡන්දය දී අප හෙම්බත්ව ඇත . අප අද අන්ත අසරන දූගී තත්වයකට පත්ව ඇත. දැන් ඉතිරිව ඇත්තේ මොවුන් පමනී. දවස් 1850 කට මොවුන් රට භාරදීමට අපට දැන් සිදුව ඇත. නැවත අවුරුදු 74 බලය දුන් පිරිසට බලය ගියහොත් මෙ රටට වන නස්පැත්තිය අපට සිතාගත හැක. එහෙයින් මෙම අත්හදා බැලීම අප කලයුතුමය.
ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය... විශිව විද්‍යාල අන්තරේ සිසුන්, රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති නායකයින් කිහිප පළක්, ජවිපෙ ප්‍රාදේශීය නායකයින්...
මේ කතාකරන ජවිපෙ නායක කාරකාදීන් සියලු දෙනා අනේ (දැන් ඔක්කොම මහල්ලන් වෙලා) අවු 53 (කුලකයේ නඩය) පැනලනේ.., ඉදිරි මහ ඡන්දෙ වෙනකොට මොනවා කරන්නද? විශ්‍රාම යන කල වයස හරිනේ... කණ්ණාඩිය ඉස්සරහ හිට ගත්තාම මැවිලා පෙනේවි රෑපේ හදේ දර්ශනේ...
අම්මෝ බර වැඩි කතා 3% සිට 4% දක්වා යන විදිහ කියන්නකෝ...!
You cant catch any thief in parliament.!!
මෙයාලා දැන් කීපාරක් රට ගොඩදාලා තියෙනවද කටින්..?