(ජේ.කේ.එල්. චාමින්ද සහ රවි ලියනගේ)
රටේ ඇතිවි තිබු ගැටළුසහගත තත්වය හා පිඩනය තාවකාලිකව සමනය වි ඇතත් ඉදිරි අනාගතයේ දි මිටත් වඩා ගැටළුසහගත තත්වයන්ට මුහුණදිමට සිදුවිය හැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
මෙවා පාලනය කිරිමට බැරි තත්වයකට රට පත්වුවහොත් මහා සංඝරත්නයට මෙන්ම රජයටද කිරිමට දෙයක් නැතිව යනවා. එම නිසා එතනට රට පත්විමට ඉඩනොදි රට රැකගැනිම සියලුදේනාගේ යුතුකමක්.
රටේ පාලකයා රටේ පාලනය අත්හැරලා යනවා කියලා කියන්නේ මොනතරම් තත්වයක් රටේ තියෙනවා කියලා ඔබවහන්සේලා හිතනවාද? තමන්ගේ පාලනය අත්හැරලා කාටවත් දැනුම් දෙන්නේ නැතිව හිටපුගමන් ගියවිට මොනතරම් ප්‍රශ්නයක් ගැටළුවක් පිඩනයක් රටේ තියෙන්න ඇද්ද, ඒ පිඩනය ගැටළුව නැතිවුනේ නැහැ එක තියෙනවා. තාවකාලිකව යටපත්විමක් තමයි තියෙන්නේ පොඩි සමනයක් වෙලා තියෙනවා.
විහාරස්ථාන ඇතුළු සියලු දෙනාගේ විදුලිබිල තුන්ගුණයකින් පමණ වැඩිවෙලා තියෙනවා. මේක දරන්න පුළුවන් බරක් නෙවෙයි වතුර බිලත් තුන්ගුණයකින් වැඩිවෙලා. විශාල වියදමක් දැරිමට සිදුවෙලා තියෙනවා. බොහොම කල්පනාවෙන් විදුලිබිල හා ජලබිල පිරිමහගෙන පාවිච්කිරිමට සිදුවෙලා තියෙනවා.
නමුත් මේ අවස්ථාවේ විහාරස්ථානවලට එක කරන්න බැහැ. විහාරස්ථාන පොදු ස්ථානයන්. විහාරස්ථාන කළුවරේ තියන්න බැහැ. යම්කිසි සහනයක් විහාරස්ථානවලට ලැබිය යුතුයි කියලා මා විශ්වාසකරණවා. ඉදිරියේ දි ජනාධිපතිතුමා අගමැතිතුමා, විදුලිබල ඇමතිතුමා සමග කථාඛහකරලා විහාරස්ථාන සදහා සහනයක් ලබාදිමට කටයුතු කිරිමට බලාපොරොත්තු වෙනවා යැයිද කථානායකවරයා සදහන් කළේය.
ගාල්ල හබරකඩ ශ්‍රි විජයානන්ද පිරිවෙන් කෘත්‍යාධිකාරි විශ්‍රාමලත් විදුහල්පති එප්පල සෝරත නාහිමියන්ට ගාල්ල මාතර දෙපළාතේ අධිකරණ සංඝනායක පදවිය පිරිනැමිමේ අක්තපත්‍ර ප්‍රදානය කිරිමේ අවස්ථාවට එක්වෙමින් කථානායකවරයා මේ බව පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්දසේනව එලෙව්ව වගේ පොහොට්ටුවෙ ඉතුරු සෙට් එකම එලෙව්වොත් තමයි රටට සෙත.
ඔය වැඩි කිරිල්ල අපි හැමෝටම අමාරුයි. නමුත්, කාටවත් විශේෂ සැලකිලි නොදිය යුතුයි.
ඔවගෙ සල්ලි තියනව දුප්පත් මිනිසිසුන්ට වඩා. ඔවට කිසිම සහනයක් දෙන්න ඔනි නැහැ.
මෙ දුර්දාන්ත කලකන්නි රජය පවතිනතෙක් කවදාවත්ම නිමා වෙන්නෙත් නහැ, තවත් උග්‍ර වෙනව මිසක්.