(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විශාල පරිසර දූෂණයකට ඉවහල්වන ප්ලාස්ටික් ඉදල් සහ කොසු ආනයනය තහනම් කළ යුතු බව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීහු පරිසරය, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පෙන්වා දුන්හ.
මේ අනුව ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරන බව එම කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මානප්පෙරුම මහතා පැවසීය.
මේ අතර ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීම සඳහා ලන්චීෂීට් භාවිතය තහනම් කිරීම සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද එම ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුවිය.
මේ අතර ලන්චීෂීට් භාවිතය තහනම් කිරීමට කාරක සභාව මධ්‍යම පරිසර අධිකාරියට නිර්දේශ ලබා දුන්නේය.
ලන්චීෂීට් නිපදවන්නාට ඒ සඳහා අනුගත වීම සඳහා මාස හයක සහන කාලයක් ලබාදීමටද මෙහිදී තීරණය කෙරිණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්ලාස්ටික් ඉදල්/ කොසු මාසෙටම එකයි. ලංකාවේ දේශීය නිෂ්පාදන සති දෙකයි තියෙන්නේ. තත්ත්වය පරීක්ෂා කරන්නේ නැතුව මෙහෙම ගන්නවා කියන්නේ පට්ට මෝඩ තීරණයක්...
බොහෝ ප්‍රමාද වී හෝ ගනු ලැබූ අතිශය වැදගත් තීරණයක්...