(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂය 2020 වසරේ දී ගමින් ගමට බෙදූ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනතාව එදා කුණු බක්කියට නොදැම්මා නම් අද රට මෙලෙස කුණු බක්කියට වැටෙන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
එදා ගමින් ගමට බෙදූ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනය නැවත සිහි බුද්ධියෙන් කියවා බලන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව කී වජිර අබෙිවර්ධන මහතා ජනතාව එදා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය සිහි බුද්ධියෙන් කියවා තේරුම් ගෙන තීරණයක් ගත්තා නම් අද රට ආසියාවේ ඉහළ තැනක වැජඹෙනු ඇතැයි කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සමකළ හැකි වෙනත් නායකයෙක් ලෝකයේ ම නැතැයි ද එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා පැවසීය.
සියලු පාර්ශවයන් එකතු කරගනිමින් ජනපති ගෙනයන වැඩපිළිවෙලට සහයෝගය ලබාදුන්නොත් රට නියත වශයෙන්ම ගොඩගත හැකි බව ද අබෙිවර්ධන සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියු දේවල් එකින් එක ඉටු කරගෙන යන බවත් ඒ නිසා ජනාධිපතිතුමා කෙරෙහි තබා ඇති විශ්වාසය හැම තත්ත්පරයකම වැඩි වෙමින් පවතින බවත් එජාප සභාපතිවරයා සඳහන් කළේය.
අද රනිල් වික්‍රමසිංහ යනු ජාතික වස්තුවක් වී ඇතැයි ද ලංකාව ආසියාවේ ඉහළ තැනක ඔසවා තැබීම සඳහා ඒ ජාතික වස්තුව ප්‍රයෝජනට ගත යුතු බවද අබෙිවර්ධන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සමකළ හැකි වෙනත් නායකයෙක් ලෝකයේ ම නැතැයි ද එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා පැවසීය." මේ යකාව වහාම අංගොඩ යවන්න වෙයි, ඔලුවේ අමාරුව තදටම තියෙනවා වගේ කට ඇරියොත් ගොන් කතාවක් කියන්නේ. මිනිස්සු කුණුබක්කියට දාපු උන් නැවත දියවන්නාවට පස්ස දොරෙන් රිංගන මේ අටමගල් ව්‍යවස්ථාව වහාම වෙනස් කරන්න ඕන.
රට කුනු බක්කියට වැටුනෙ ඔහේල වගේ ඩීල් කාරයො හින්ද. ඔය දැන් ඉන්න පිනා මන්ත්‍රිකම වැඩිකාලයක් ඔහේට කරන්න ලැබෙන්නෙ නෑ , ඒක මතක තියාගන්න.
ඉස්සර මහ බැංකු හොරාට දැන් කියන්නේ ආර්ථික ඔස්තාර් කියලා එහෙමද?
ඇත්ත, අවුරුදු 50ක් විතර පාර්ලිමේන්තුවේ ඉඳලාත් රටට මෙලෝ වැඩදායි දෙයක් නොකරපු ඔය වගේ නායකයෙක් මම හිතන්නේ... අනෙක් කිසිම රටක පාර්ලිමේන්තුවේ නැහැ..
කවුද මල්ලී මේ...?
මෙයාව වහාම මානසික රෝහලකට යවන්න. මේ වගේ ආත බූත නැති අය පාලකයෝ වුණාම රටවල් මෙහෙම තියන එකත් ලොකු දෙයක්.
පාර්ලිමේන්තුවට යන්නවත් ඡන්ද නොමැති මේ අය කියන කථා අහන්න. දැන් මිනිස්සු සූදානම් නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න 225න් 200 කට වැඩි පිරිසක් ඉන්නේ කුණු බක්කියේ තමයි. ඇත්තටම 77න් පස්සේ පාර්ලිමේන්තුවට ගිය අය ගැන පුදුම කලකිරිිමක් මෙන්ම වෛරයක් හිතට එනවා. අපිත්, අපේ දරුවොත්, අනාගත පරම්පරාවත් දුක් විඳින්නේ මේ අය නිසා නොවෙයිද? මොවුන් එකඑක නන් දොඩවනවා මිසක් ජනතාව විඳින දුක තේරෙන්නේ නැහැ. කාලකණ්ණි හැතිකරේ. ඔබලා මොනවා කළත් කවදාම හරි සාපවෙනවා. ස්වභාවධර්මය නඩු අහනකොට ලෝ්යර්ලා නැහැ...
හේතුව මෙයා වගේ ජනතාවට නිසි ඵලදායී වැඩක් නොකරන බඩවඩාගන්න දේශපාලකයෝ...
රනිල්ගේ කෙරුවාව කියන්න කලින් සෙවල පිහදා ගන්න.
දැනට ඉන්නා දේශපාලුවොයි හිටුපු උන්දැලයි හැමෝම එක වල්ලේ පොල් උන්දැලාගේ වරප්‍රසාද භුක්ති විඳිනා ගමන් හොරකාලා තවත් සුදනෝ වගේ කතා කරන්නත් එනවා. මොවුන්ගෙන් එක් අයෙකුටවත් චන්දය දෙන්න හොඳ නැහැ. ගරු සේවයක් හැටියට වැඩ කරන්න කැමති හොඳ වැදගත් බුද්ධිමතුන් ඕනේ තරම් ඉන්නවා පෙරට එන්න.
තමුන් 2015 සිට 2019 දක්වා ඩොලර් බිලියන 12ක් ණය අරගෙන කරපු කිසිම දෙයක් නැහැ. ඒවයේ ප්‍රතිඵල තමා රට බංකලොත්වීමට ප්‍රධානම හේතුව.
2015 දී අවස්ථාවක් දුන්නාම මොනවද කළේ...? මිනිස්සු ප්‍රතිපත්ති ප්‍රකාශන කුණු බාල්දියට දාන්න ඇත්තේ 2015-2019 කරපු හරිය සලකා බලලා තමයි. පිනට පාර්ලිමේන්තු ගියා නම් ඒ විදිහට කට වහගෙන ඉන්නේ නැතිව බයිලා කියන්න එනවා. මෙයාවත් කුණු බාල්දියට දාන්න වෙලා වගේ...