(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රට ගොඩනගන්න දායකත්වය ලබා දිය හැක්කේ රට විනාශ කළ අයට නීතිය ක්‍රියාත්මක කළ හොත් පමණක් යැයි සමගි ජන ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පරණ හොරකම් කළ දේවල් සියල්ල අමතක කර රට ගොඩනගන්න එකතු වෙමු ජනාධිපතිවරයා අයවැය කතාවේදී සඳහන් කළ බව කී හර්ෂණ රාජකරුණා මහතා රට විනාශ කළ අයට නීතිය ක්‍රියාත්මක කිරීම අමතක කර මුදල් වංචා කළ අයට දඬුවම් ලබා නොදී සෙසු දේවල් සහයෝගයෙන් කිරීමට එකඟතාවයක් නැතැයි ද පැවසීය.
කැබිනට් ඇමතිවරු, රාජ්‍ය අමාත්‍යවරු පත් කරගෙන දැවැන්ත මුදල් ප්‍රමාණයක් අමාත්‍යවරුන්ගේ නඩත්තුවට වියදම් කරන බවද කැප කිරීමේ ආදර්ශය නොදුන් වකවානුවක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් අමාත්‍යංශය බාර ගෙන මුළු රටටම බදු ලබාදී තිබෙන්නේ යැයිද රාජකරුණා මහතා පැවසීය .එවැනි තත්ත්වයක් යටතේ රටෙි ජනතාව කැප කිරීමක් කරන්නේ කෙසේදැයි රාජකරුණා මහතා ප්‍රශ්න කළේය.
COMMENTS
ඔබේ පක්ෂයේ ලොක්කෝ හොරු අල්ලන්න කැමතිද
ඔයා ඔය ඉන්න පක්‍ෂයේ නායක පුටුව එතකොට ඉබේම නැතිවෙනවා නේද?
කරුනාකර මැතකදි නිකුත් වුන විගනාධිපති වාර්තාවේ එලි දක්වන කුරුනෑගල නගර සභාවේ මන්ත්‍රින් නගර සභාව ඉදිකල කඩ කාමර පක්ෂ පාට නොතකා පොහොටිටුවොයි , ස ජ බ , ශ්‍රිලංකා නි ප අතර බොහොම සමගිව බෙදාගත් අයුරු දන්නෙ නැද්ද? හොර වැඩවලිදි , ආන්ඩු පක්ෂය විපක්ෂය ඔක්කොම එකට එක්වෙනව. ස ජ බ බලයට ආවත් වෙන්නෙ ඔය දේමයි. රංජන් කිව්වෙ ඒකයි ඔවුන් ඔක්කොම යාලුවො කියල .ඔබලාගෙ කථා විතරයි , වැඩ පොහොට්ටුවො වගේමයි.
ඔය ගොල්ලෙ රට කන්නෙ එකතු වෙලා. බොරු ටෝක්ස් එපා
පරණ හොරකම් කරපුවා අමතක කරන්න ?පිස්සෙක් ජනාධිපති කර ගත්තා 134 ම හොරු නෙමෙයිද ?මෙච්චර කාලකන්නි පාලකයෝ මේ රටේ කවදාවත් හිටියද ?
රට කාපු කම්බ හොරුන්ට කිසිම දඩුවමක් නෑ..උන් දැන් නිදහස්.. කෝ උගන්ඩාවට පටවපු රත්තරන්..ඩොලර් කන්ටේනර්.. පැන්ඩෝරා පත්‍රිකා හොරැ.. න් කිසිම සද්දයක් නැ.. ඒ හොරකම් කරපු හොර දෙටුවන් හොරා කාපු මහජනතාවට අයත් සෑම සතයක්ම ආපසු රජයට පවරා ගත යුතුයි..ඒවා ගැන දැන් රටේ පාලකයා ජනාධිපති සද්දයක් නෑ...හොරැ ආරක්ෂා කරනවා......ජනතාවට බදු ගහනවා....හොරැන්ට සැප.....උන් දැන් පිටිපස්සෙන් හිනා වෙනවා......අහිංසක ජනතාවට වැලේ වැල් නෑ.....
එහෙනම් 1977 න් පටන් ගමු .අමතක කරන්න එපා යහපාලන කාලේ ණය ට්‍රිලියන 7 රැගෙන ඔහේලගේ දීමනා වැඩිකරගෙන, කොන්දේ අමාරුකාරයින්ට මර් සිඩීස් බෙන්ස් ගෙන්නපුවා , බැංකු හොරකම් වලට අනුබල දීපුවා. ඔහෙත් මේවට සම්මාදම් උනා.