IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රටේ ඇත්තේ පොලිස් රාජ්‍යයක්

(නිමල කොඩිතුවක්කු)

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට රටේ ඇත්තේ පොලිස් රාජ්‍යයක් බවත් ඒ තුළ මර්දනය, ගර්ජනය, හිරිහැර පහරදීම් ප්‍රචලිත වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කලේය.

ලක්ෂ 220 ජනතාවගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් සමගි ජන බලවේගය මහපාරට බහින විට රාජ්‍ය කේන්ද්‍රීය ත්‍රස්තවාදය, මිලේච්ඡත්වය, පහරදීම් සිදුවූ බවත් ඒවා නූතන ශ්‍රී ලංකාවට නොගැලපෙන බවත් ඔහු පැවසීය.

භාෂණයේ, දේශපාලනය කිරීමේ, පාදයාත්‍රා යාමේ, වර්ජනය කිරීමේ නිදහස සෑම පුද්ගලයකුටම හිමි අයිතිවාසිකමක් වුවත් අපේ රටේ ක්‍රියාත්මක වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය තන්ත්‍රයක් නොව ඒකාධිපති රාජ්‍ය තන්ත්‍රයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 75 වැනි අදියර යටතේ මාතර අතුරලිය ජේ ආර් එස් අල්මේදා මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර කට්ටලයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.



අදහස් (2)

රටේ ඇත්තේ පොලිස් රාජ්‍යයක්

abaran Friday, 02 February 2024 01:49 AM

ඇත්ත එහෙම එකක් තිබුණා .පියානෝගේ කාලේ

:       0       1

Bamunuarachchi Friday, 02 February 2024 09:14 AM

පුතානෝගේ පියානෝගේ කාලෙත් ඔහොම තිබුනා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site