
(ගයාන් සූරියආරච්චි)
රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථිකය මේවන විට බංකොළොත් භාවයට පත්වී රට ආරාජිකත්වයට පත්ව ඇති බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
මේවන විට දේශපාලන පක්ෂ දිය වී නැති භංගස්ථානවී ඇති බවද රාජපක්ෂ මහතා කීය.
ඔහු මේ බව පැවැසූවේ නාවල, විජය බා මාවතේ පිහිටි ඔහුගේ නිවෙසේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.
1994 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ සිට මෙරට බලයට පත්වූ සෑම ජනාධිපතිවරයකුම සමානුපාතික මැතිවරණ නීතියත්, මැතිවරණ ක්‍රමයත් සම්පූර්ණයෙන් වෙනස් කරන බව පවසමින් බලයට පැමිණියත් එය වෙනස් නොකළ බව ද රාජපක්ෂ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානසික ප්‍රශ්නයක් හදිසියේ ඇතිවෙලාද? පහුගිය කාලේ අනුප්‍රාප්තික ආණ්ඩුවේ ඉඳගෙන ඇමැතිකම් කරනකොට ඒ ආණ්ඩුවේ හැම පනතකටම අත උස්සන කොට ඔහොම කතාවක් නිකමට හරි කිව්වාද, නැහැනේ... මම නම් හිතන්නේ මොකක් හරි මානසික තත්වය පරික්ෂා කර ගත යුතු තත්වයකට පත්වෙලා...!
වෙන්න බෑ... ඔබ තුමා ආණ්ඩුවේ ඉන්නකන් ආර්ථීය හොදටම තිබ්බනේ. අපිනේ ආසියාවෙන්ම එක......ඔබතුමා අයින් උනාට පස්සෙද බංකොලොත් වෙලා තියන්නේ..බලන්නකෝ එකෙත් හැටි.
ඔයත් බංකොලොත් වෙලා...!
ඉතින් ඒක ජනාධිපතිගේ පමණක් වරදක් නොවෙයිනේ ජනාධිපතිට තනිවම කරන්න පුළුවන් නම් හයෙන් පහක බලයක් තිබුන ජේආර් මට මේක තනිවම කරන්න බැහැ කියන්නෙ නැහැනේ එයින් පේන්නෙ ජනාධිපති අගමැති ඇතුළු පාර්ලිමේන්තුවට තේරී පත්වූ සියලුම මංත්‍රීලගේ අඩුපාඩුවක් තමයි රටට එහෙම වෙන්න ආණ්ඩු පක්ෂය විපක්ෂය කියලා බේරෙන්න බැහැ 1994 සිට 2024 දක්වා සිටපු සියලු දෙනාගෙම වරදින් තමයි එහෙම වෙලා තියෙන්නෙ
මෙයා ජනාධිපති වෙන්න ඉල්ලලා ගත්තු ගමන් රට බංකොළොත් වුණාද?
තමුන් පවුල් පාලන ආණ්ඩුව බලයේ ඉන්න කාලේ ඩීල් ගහගෙන ඉන්න කොට ඔය කිසිම දෙයක් ගැන දන්නෙම නැතුව ඇති ?
බංකොලොත් වෙලා නෙමෙයි අයිසේ බංකොලොත් කරලා
පාර්ලිමේන්තුව ලඟින් කාන්තාවක් ගියා නිතරම එහාට මෙහාට, එයා ගියේ උගස් බඩු කඩේට,ඒකෙ බඩ තඩි මුදලාලි තමයි ඕකට වැරදිකාරයා.එහෙම නැත්නම් අවුරුදු හැත්තෑ ගනනක් රට කෙරූ ජෙප්පො.
ආ... උඹ දැන්ද ඒක දන්නේ..... මෙච්චර දවසක් උඹට කෝමා හැදිලද හිටියේ.... මූත් තවත් නොම්මර එකේ අවස්ථාවාදී ජඩයෙක් තමයි
මාර වැඩේ නේද ?අපි හිතන් හිටියේ රට බංකොලොත් වෙලා තියෙද්දී ඕගොල්ලෝ රනිල් එක්ක එකතුවෙලා රට ගොඩ ගත්තා කියලා
අනේ රට බංකොලොත් වෙලාද? අපි නම් දන්නේවත් නෑ, ඇයි සාමාන්‍ය ජනයා වන අපිට කිසිම ප්‍රශ්නයක් නෑනේ. රට සංවර්ධිතයි, සියළු පහසුකම් වලින් සමන්විතයි, ඉතිං අපිට දැනෙන්නේ නෑ බංකොලොත් වෙලා කියලා...
ඔබතුමා වගේම රූපය තියෙන කෙනෙක් පසුගිය කාලය පුරාවටම අපේ ඇමැති තනතුරු දරමින් සිටියා...!
මොනවාද මේ කියන්නේ, මෙයාට අමතකයි හිටපු කැබිනට් මිනිස්ටර් කෙනෙක් වග...
ඔබතුමන්ගා 225ම කෙලවලා යනකල් ආර්ථිකයට රට ගොඩගන්න හිතන්නවත් අපිට බැ