(ටී.කේ.ජී.කපිල)
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී සිටි ටී.සුරේන්ද්‍ර රාජා නොහොත් ශාන්තන් නැමැති අයගේ මළ සිරුර කටුනායක ගුවන් තොටුපොළ , ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත අද (01) දහවල් එවා තිබුණි.
ටී.සුරේන්ද්‍ර රාජා වැරදිකරු වී සිර දඩුවම් විදිමින් සිටි අතර , පසුව පොදු සමාවක් හිමි ඇති අතර, ඉන්පසුව සිය මව බැලීම සදහා ශ්‍රී ලංකාවට පැමිණීමට ඔහු සූදානමින් සිටියදී ඔහු දරුණු වකුගඩු රෝගයකට ගොදුරු වීමෙන් අනතුරුව ඉන්දියාවේ චෙන්නායි නුවර "රජීව් ගාන්ධි" රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගොස් තිබේ.
ඔහුගේ මළ සිරුර ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (01) දහවල් 11.35ට එවා තිබුණි.
මෙම මළ සිරුර භාර ගැනීම සදහා ඥාතීන් කීප දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ සිටින අතර , මෙම සිරුර නිදහස් කිරීම සදහා අත්‍යාවශ්‍ය ලියකියවිලි කීපයක් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අවශ්‍ය වී තිබේ.
එම ලියකියවිලි ලැබෙන තෙක් මෙම මළසිරුර 03/01 දින පස්වරු 03.30 වනවිටත් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තයේ තබා තිබෙන අතර ජායාරූප ගැනීම සදහා මාධ්‍යවේදීන් හට අවස්ථාවක් ලබා දී නොතිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආචාර වෙඩිමුර 21 එල්ල කර පිළිගන්න...
භයානක පංචස්කන්ධයක්. දැන් නම් පොළවට පොහොරක් පමණයි...!
මොනවා වුණත්, ඔය මිනීමැරුම සිදුකළේ නොමැති නම් අදත් ප්‍රභාකරන් ජීවත් වෙනවා.. අදත් උතුරේ යුද්ධයක් තිබෙනවා... ඉන්දියාව ප්‍රභාකරන් සමග විරසක වීම අපේ වාසනාව, ප්‍රභාකරන්ගේ අවාසනාව, රජීව් ගාන්ධිට අපට පරිප්පු දාන්න ඇවිත් වුණු විනාශයක්...!