(බී ජී චතුරංග)
ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයේ පාලන මැදිරිය තුල සුරක්ෂිතව තබා තිබියදී සොරා ගන් ලද වෙළෙද පොළේ මිළ අධික වටිනාකමකින් යුත් මරාන්ට්ස් වර්ගයේ ජංගම පටිගත කිරීමේ යන්ත්‍රය (ෆෝටබල් රෙකෝඩර්) සොරා ගත් යම් පුද්ගලයකු යළිත් එය ෂූක්ෂමව රජරට සේවා පරිශ්‍රයට ගෙනවිත් දමා ගොස් ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය කියයි.
අදාළ පරිගත කිරීමේ යන්ත්‍රය මේ වන විට පොලිසිය බාරයට ගෙන ඇති අතර අනුරාධපුර මූලස්ථාන පොලිසිය මෙය පැහැර ගෙන ගොස් නැවතත් ගෙන විත් දැමූ පුද්ගලයා කවුරුද්ද? යන්න අනාවරන කර ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් අරඹා ඇති බවද කියයි.
සොරකම් කරන ලද භාණ්ඩ යලි ගෙනවිත් දැමීම තුලින් අපරාධය අවසන්ව නැති බවද පවසන පොලිසිය මේ වන විටත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුනු වාර්තා කර ඇති බවද සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම් කරපු භාණ්ඩ ආපහු ගෙනත් දැම්මාම අපරාධය අවසන් නැහැ කියලා පොලීසිය කියන්නේ බයිලා.. එයාලා මේ රටේ නීතිය දන්නේ නැහැ... එහෙනම් පහුගිය කාලේ අගමැතිතුමාගේ සාක්කුවට බැහැලා කෝටි ගණනක් ගත්තු හාදයා ඒවා ආපහු දුන්නලු නේද? ඉතින් නඩුවක් ගියාද? මිනිහා හිරේ දැම්මාද? නැහැ නොවැ.. මේ හොරත් ඒකෙන් පාඩමක් ඉගෙනගන්න ඇති...!!!