(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාතේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය උදෙසා තාක්ෂණික ප්‍රමිතියෙන් යුතු වාර්තාමය විඩියෝ වැඩ සටහනක් හා පොතක් මුද්‍රණය කිරිම සදහා කොළඹ පුද්ගලික ආයතනයකට රුපියල් එක්කෝටි විසි එක්ලක්ෂ හතළිස් හතර දහස් පන්සියක මුදලක් ගෙවා ඇතත් එම කටයුත්ත මෙතෙක් ඉටුවි නැතියි විගණකාධිපතිවරයා විසින් නිකුත් කළ 2021 වසරේ අවසන් විගණන වාර්තාවෙන් අනාවරණය කොට තිබේ.
මෙම විඩියෝ වැඩ සටහන හා ආකර්ෂණිය පින්තුර සහිත පොතක් මුද්‍රණය කිරිම සදහා පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් පුද්ගලික සැපයුම්කරුවකු සමග රුපියල් එක්කෝටි පනස් හත්ලක්ෂ අනුහත්දහස් පන්සියක මුදලකට 2016 මාර්තු මස 23 දින ගිවිසුම් ගතවි ඇත.
එම ගිවිසුම මත 2016 දෙසැම්බර් මස 26 වැනි දින මෙම පුද්ගලික සමාගමකට කිසිදු ඇපකරයක් නොමැතිව රුපියල් එක්කෝටි විසිඑක්ලක්ෂ හතළිස් හතර දහස් පන්සියක මුදලක් පළාත් සභාව විසින් ගෙවා තිබු බවද විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සදහන්ය.
මෙම පුද්ගලික සමාගමට මෙතරම් විශාල මුදලක් පළාත් සභාව මගින් ගෙවා තිබුණද එම සමාගම විසින් ගිවිසුමේ සදහන් පරිදි අදාල විඩියෝව සහ පොත මෙතෙක් භාරදි නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයි පැත්තෙ රජ කරන තාත්තල පුතාල ඉන්න තුරු වගතුවක් නැහැ. ජනතාව තෝරන්නෙ උන්මනේ.
දේශපාලකයන් නොමැති උවත් පළාත් සබා තුල දුෂණ ක්‍රියාවන් සිදුවෙන බවට හොදම උදාහරණයක්
ඕක තමයි කියන්නෙ හරියට පලපුරුද්දක් අත්දැකීමක් නැති දේශපාලන ගැති නිළධාරින් කටයුතු කරන පළාත් සභා සුදු අලි ලංකාවට අවශ්‍ය නැහැ කියලා සාමාන්‍යයෙන් ඉස්සර නම් අවුරුදු 40 ට අඩු නිළධාරින් විදේශ අධ්‍යාපනය සදහා සදහා යැව්වත් වත්මන් පළාත් සභා වල විශ්‍රාම යායුතු වයසේ අයත් පරිවාස කාලයේ සිටින අයත් ලොක්කන්ගේ හිතවත් කමට යවනවා කියලා ආරංචියක් ලැබුනා එහෙම අය යැව්වම රටට ඇති සෙත මොකක්ද අනෙක ඉස්සර විශ්‍රාම යාමට වසරක් දෙකක් තියෙන අයට ස්ථාන මාමාරුවීම් දුන්නෙ නැහැ නමුත් වත්මන් පළාත් සභා ඉහළම නිළධාරින් යටත් නිළධාරින් එහෙම මාරු කරනවා කිසිම මානුෂික හැගීමක් නැහැ එනිසා පළාත් සභා සුදු අලියා ලංකාවෙන් වහාම තුරන්කල යුතුය.
හරි හරි ඒ සල්ලි එවකට ඒ පලාත් සබාවෙ ළොක්කො ඔක්කොම හොරා කාල උන්ගෙ එකවුන්ට් වල යහතින් ඇති.