
(සමන් කේ. ගමගේ)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් යන දරුවන්ගෙන් 60% කට පමණ ඇස් පෙනීමේ දුර්වලතා මතුව ඇති බව අක්ෂි සායන කඳවුරු දොළහක දත්ත පදනම් කරගනිමින් අනාවරණය කරගත් බව ඇස් රෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ කුෂාණි ගුණරත්න මහත්මිය පැවසුවාය.
මිහින්තලේ මහා විද්‍යාලයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ අවසන් අක්ෂි සායනයට එක් වෙමින් ඇය ඒ බව සඳහන් කළාය.
අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සංවිධානය කර ක්‍රියාත්මක කරන ඇස් පෙනීමේ දුර්වලතා ඇති පාසල් දරුවන්ට නොමිලේ ඇස් කන්නාඩි ලබාදීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්ෂි කඳවුරු 12ක් පවත්වා ඒමගින් මේ බව අනාවරණය වූ බව ඇය කීවා ය.
ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හා, අනිකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන් හරහා පාසල් දරුවන් සම්බන්ධ කර මූලීක හදුනා ගැනීම් සිදු කර ඇති අතර එම සායන මගින් ලබාගත් දත්ත විශ්ලේෂණය කිරීමේ දී මෙම තොරතුරු අනාවරණය වූ බවයි වෛද්‍ය කුෂාණි ගුණරත්න මහත්මිය සඳහන් කළේ.
දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක ම මෙවැනි අක්ෂි කඳවුරු පවත්වන අතර ඒ අතරින් 60% ක් තරම් වූ වැඩිම ඇස් පෙනීමේ දුරවලතා සිසුන් සිටින දිස්ත්‍රික්කය ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කය පත්වීම විශේෂත්වයකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතෙනවා මන්දපෝෂණය මෙහෙම වෙන්න හේතුවක් වෙනවාට අමතරව බොහෝ දරුවෝ පමණක් නොවෙයි වැඩිහිටියන් පවා ජංගම දුරකථන පාවිච්චියට යොමුවෙනවා වැඩියි. ඉතින් ඇස් පෙනීමේ දුර්වලතා වලට අමතරව ශ්‍රවණාබාධ වුණත් ඇතිවෙන්න පුළුවන්... මෙයට නොපමාව ප්‍රතිකර්ම යෙදීමක් නොකළොත් ලොකු විනාශයක් වෙන්න පුළුවන් කියලා හිතෙනවා...
වර්තමානයේ පාසල් දරුවන් දුරකථන සහ පරිගනක මත ඔවුන්ගේ කාලය ගත කරයි. එමනිසා කුඩාකාලයේ සිටම දරුවන්ගේ දෑස් / පෙනීම වර්දනය වීමට පෙර පෙනීම දුර්වල වීම අරම්භ වේ. දෙමාපියන් කුඩා දරුවනට දුරකථන ලබාදී ඔවුන්ව සතුටු කලද ඒවයේ අනිසින් ප්‍රතිපල කණගාටු දායක කිසිදිනෙක වෛද්‍ය ප්‍රතිකාර මගින්හෝ විසදුමක් ලබාදීමට නොහැකිය. ලංකාවේ සිටිනා අක්ෂි වෛද්‍යවරුන් මේ පිලිබදව පාසල් දරුවන් සහ කුඩා දරුවන් සිටින දෙමාපියන් වෙත පණිවුඩයක් ලබාදිය යුතුව ඇත. පාසල් දරුවනට ඇස් පෙනීමේ දුර්වලතා මතුව තිබේනම් ප්‍රතිකාර ලබාදීමට පෙර වැලකි සිටීම පිලිබදවත් දැනුවත් කලයුතුවේ. මේ පණිවුඩය පාසල් වෙත ලබාදීම අක්ෂි වෛද්‍යවරුන්ගේ වගකීමකි
2019 වසරේ මිලියන 6.9ක ඡන්දදායකයින් පිරිසකට ඇස් පෙනීම, ඉතා දුර්වල සංජානන ක්‍රියාකාරකම් සහ මොළයට හානි සිදුවී ඇති නිසා දරුවන්ගේ ඇස් පෙනීම ඉතා දුර්වල වීම පුදුමයක් නොවේ.