(නිමල් ජයරත්න)
පවතින ආර්ථික අහේනිය සහ සීඝ්‍රයෙන් බඩු මිල ඉහළ යෑමත් සමග පීඩාවට පත්ව සිටින තම ආදිවාසී පවුල්වල දරුවන්හට නිසි ආහාර වේලක් ලබාදීමට නොහැකිවීමෙන් කුසගින්නේ දවස ගත කරන ඔවුන් නිවෙස්වල මෙන්ම පාසල්වලට යෑමේදී කලන්තය සැදී බිම ඇද වැටීම මහා අවාසනාවන්ත තත්ත්වයකට පත්ව ඇති බව දිඹුලාගල දලුකාන ආදිවාසී නායකා කේ.ලිසිනෝනා මහත්මිය සඳහන් කළාය.
ආහාර හිඟ වීම නිසා තම ගම්මාන 8ක දරුවන් දාහකට අධික සංඛ්‍යාවක් පාසල් ගමන සම්පූර්ණයෙන්ම අතහැර ඇති බවත්, පවතින ආර්ථික තත්වය හමුවේ දරුවන්ට ආහාර සහ අනෙකුත් පාසල් උපකරණ ලබාදීමට නොහැකි තත්ත්වය මත ඇතැම් ආදිවාසී දරුවන් පාසල් නොයන මට්ටමට පත්ව සිටින බවද ලිසීනෝනා මහත්මිය කීවාය.
දිඹුලාගල දලුකාන, පරණ මිල්ලාන, කොළකනවාඩිය, යක්කුරේ, පහල යක්කුරේ, කලුකැලේ, ඇල්ලේවැව, කුඩාවැව, ඇතුළු ආදිවාසි ගම්මාන කිහිපයක දරුවන් එලෙස හාමතේ සිටින අතර මේ සඳහා ජනාධිපතිවරයා මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය මෙන්ම අනෙකුත් වගකීව යුතු ආයතන මැදිහත්ව ඊට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඇය ඉල්ලීමක් කළාය.
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන වි
පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්
තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය
රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු
මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
රජරට ගම් අටක දරුවෝ ආහාර අහේනියක
lalla Monday, 31 October 2022 11:27 AM
දශක හතක ශ්‍රී ලාංකීය නායකයන්ගේ සංවර්ධන ක්‍රියාවලිය. මේ සාර්ථක කතාවයි....
dhamneth Monday, 31 October 2022 12:28 PM
මෙ කාන්තාව කතාකරන්නෙ මිට මාස දෙක තුනකට පෙර රටෙ තිබුන තත්වය ගැනයි. දැන් ආහාර මිල ගනන් ක්‍රමයෙන් පහල බහින තත්වයක් තිබෙන්නෙ.
Hafeel Monday, 31 October 2022 02:32 PM
මෙම කාන්තාව කියන්නේ ගං වතුර ගැන නොවේ, ආහාර වර්ග මිල ගැන කියන්නේ. හැබැයි මේ දවස්වල ගං වතුර නම්, ක්‍රම ක්‍රමයෙන් පහල බහිනවා.
මැක්ස් Monday, 31 October 2022 12:55 PM
කටින් බතල කොළ සිටවන කට පණ්ඩිතයන්ට සහ කී බෝඩ් මත පිනුම් ගසන සියල්ල දත්ලාට සුපුරුදු පරිදි "එකත් උබලාම කරපල්ලා" යයි ආණ්ඩුවලටම නොපවරා, අපේම රටේ මේ අහිංසක සහෝදර ජන කොටස්වලට පිහිටක් වීමට මෙන්න හොද අවස්තාවක්.
Sunil Monday, 31 October 2022 02:31 PM
රජරට පමනක් නෙවෙයි... ආහාර අහේනියෙන් පෙලෙන පවුල් අනන්තවත් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව පුරාම සිටිනවා. මේ රජය ඇතිකළ සෞභාග්‍යය එයයි.
ganegoda Monday, 31 October 2022 02:48 PM
පාලකයින් දන්නේ නැහැයිලු ‘‘රජරට‘‘ තියෙන්නේ කොහේද කියලා...! කමිටුවකුත් පත්කරලලු තියෙන්නේ... ‘‘රජරට‘‘ කොහෙද තියෙන්නේ කියලා හොයන්න...!
බද්රානි Monday, 31 October 2022 03:55 PM
කන්න නැතත්, දැන් අපට ඉන්න රටක් තියනවනේ ලිසි නෝනේ..යක්ඛ පුතුන්, දියණියන් ලෙස කුසගින්නත් සමග ලෝකෙට පෙන්වන ආඩම්බරය හරිම ප්‍රෞඩයි.
කල්ප Tuesday, 01 November 2022 06:57 AM
මෙයා කියන්නෙ බොරු කියලා ප්‍රාදේශීය ලේකම් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජනාධිපතිවරයාට වාර්තා කලා කියලා අහන්න ලැබෙනවා කවුද හරි මැතිවරණය අවසන් වෙලාම බලමු