IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රජයෙන් දුන් හාල් කෑ කුකුලන් මැරී වැටිලා

රජය මගින් අඩු ආදායම් ලාභීන්ට ලබාදුන් සහල්වලින් පොඩ්ඩක් කුකුලන්ට ලබාදීමෙන් එය ආහාරයට ගත් කුකුකන් හත්දෙනකු මිය යෑම සම්බන්දයෙන් රසපරීක්ෂක වාර්තාවක් කැඳවන්නැයි රම්බඩගල්ල අධිකරණය නියෝග කර ඇත.

සෞඛ්‍ය බලධාරීන් කළ කරුණු දැක්වීමකින් පසු මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කර ඇත.

රිදිගම පානගමුවේ අඩු ආදායම් ලාභියකුට ලබා දුන් සහල් රැගෙන ගොස් එයින් කොටසක් කුකුලන්ට දී ඇත. එම සහල් ආහාරයට ගත් කුකුලන් සිහිසුනව වැටී සිටි බවත් පසුව මියගිය බවත් නිවෙස් හිමියා මහජන සෞඛ්‍ය කාර්යාලයට කළ පැමිනිල්ලේ සඳහන් වේ.

 



අදහස් (11)

රජයෙන් දුන් හාල් කෑ කුකුලන් මැරී වැටිලා

ජගත් ලියනගේ Tuesday, 14 May 2024 08:12 AM

කුකුළන් ඉක්මනින් මැරිලා ගියා . මිනිස්සුන්ට ප්රතිපල එන්නේ තැපෑලෙන් .

:       1       17

ravin Tuesday, 14 May 2024 09:18 AM

මිනිස්සුන්ට කාලා එලොව පොල් පෙන්නන්න නේද ඕවා දුන්නේ?කුකුල්ලු දන්නවද වෙනස ?ඕන නැති වැඩක් නේ කරලා තියෙන්නේ

:       1       10

Nimal Tuesday, 14 May 2024 09:21 AM

බත් උයන්න හාල් නැතිනම් කුකුල් මස් කාපල්ලා .මෙයයි මේ රජයේ ප්‍රතිපත්තිය

:       1       13

Perera Tuesday, 14 May 2024 09:34 AM

රජය දුප්පත්කම දුරලන්නේ ඔය හාල් කන්න දීලා වෙන්න ඇති

:       1       11

සෙනෙවිරත්න Tuesday, 14 May 2024 09:47 AM

ඕව දුන්නෙ කුකුලන්ට කන්න නෙවෙයි, උඹලට කන්න.උඹල මැරියල්ල,

:       3       18

ඇම් .ධර්මසිරි Tuesday, 14 May 2024 09:58 AM

මෙය හාල්වලට පමනක් නොවෙයි ආණ්ඩු විරෝධි පිරිසක් විසින් ගෙන යන යටිකුට්ටු කඩාකප්පල්කාරි වැඩක් බවයි පෙනෙන්නෙ. මෙයට නිවුස් නැති මධ්‍යය මුග්ධයෝගේ සහයද නොඅඩුව ලැබෙනබවයි පෙනෙන්නෙ!

:       30       15

අරවින්ද මොනරවිල Tuesday, 14 May 2024 11:02 AM

ධර්මසිරිලා වගේ වහල් බයියන්ට ආණ්ඩුවේ හැම වැරැද්දක්ම අඩු පාඩුවක්ම පෙනෙන්නේ විපක්ෂයේ කුමන්ත්‍රණ ලෙසයි. මහ බැංකුව කැඩුවේත්, සීනි බදු වංචාව සුදු ළූණු වංචාව වගේ හොරකම් දූෂණ චංචා සියල්ල සිදූ වුයේත් විපක්ෂයේ කුමන්ත්‍රණ ලෙස විය යුතුයි.

:       8       21

චන්දිම Tuesday, 14 May 2024 11:40 AM

නම් සඳහන් නො කලට හැමෝම දන්නවා එක්කෙනෙක් ඉන්නවා රටේ මොන කෙන්ගෙඩිය කරන්න ගියත් හැමදාම මගදී හොඳට නානවා. මේවා කරන්නේ ඔක්කොම චන්දෙදි මිනිස්සු ටික බාගන්න මිසක් මේවයින් රටේ දුප්පත් කම් නැතිකරලා රටක් ගොඩ ගන්න කවදාවත් බැහැ. දිගටම කලෙත් ඔය වගේ තුට්ටු දෙකේ වැඩමනේ.

:       0       10

හෙළයෙක් Tuesday, 14 May 2024 12:17 PM

රජයට බරක් කියලා අඩු ආදායම් ලාභීන්ව අයින් කරන්න හැදුවද දන්නේ නෑ...

:       2       3

කිරිකැමුත්තා Tuesday, 14 May 2024 01:33 PM

රජයෙන් ලබා දුන් සහල් වල කුමක් හෝ අඩංගු බව සත්‍යයක්. එම සහල් ආහාරයට ගත් සමහරක් පිරිස් වලට ගෑස්ට්‍රයිටීස්, ආසාදන වගෙ රෝග ඇති වී තිබෙනවා.

:       2       6

විජිත් Tuesday, 14 May 2024 05:33 PM

දුප්පත් අහිංසක මිනිස්සු රවට්ටලා ඒ අයගේ වටිනා චන්දය හොරා ගන්න තමයි රනිල් කියන මිනීමරු බැංකු හොරා මේ සහල් බෙදන්න ගත්තේ. මේකා දැනට මරලා තියෙන මිනීවලට අමතරව තවත් මරන්න සූදානම් වගෙයි පෙනෙන්නේ. ඒ එදා මිනි මරුවාට මේ පාර ටිකක් අමාරුවෙයි රනිල්. මට පෙනෙන්නේ මේකා මේ පාර මිනිස්සුන්ව නොමරා මරන්න වගෙයි හදන්නේ.ඔය මැරුණ ( සොරි, රනිල් විසින් මරණ ලද ) කුකුල්ලු දවසක රනිල්ටම කවන්න අධිශීතකරණයක තියන්න .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site