(නාලක සංජීව දහනායක)
ඉදිරි මහා මැතිවරණයේ දී නව රජයට තුනෙන් දෙකක බලයක් ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවී ක්‍රියාකළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) කීය.
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රට සංවර්ධනය කර සෞභාග්‍යමත් රටක් ගොඩනැගීමට ඉදිරි මහා මැතිවරණයෙන් පත්වන ආණ්ඩුවට තුනෙන දෙකක බලයක් හිමිකර දිය යුතු බවද ජනාධිපතිවරයා සදහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (12) පැවැති ආසන සංවිධායකවරුන්ගේ ප්‍රගති සමාලෝචන හමුවට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජා තියෙනවා නම් ඔය වගේ කතා කියන්නේ නැහැ.
අවුලක් නැහැ. ලංසුව කියන්න කෝටි 200ක් පටන්ගෙන...
ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නතුරු අපිට විශ්වාසයි. පක්ෂය දිනෙන් දින ජනප්‍රිය වෙනවා.
මේ ලෝකයේ මොන රටක හෝ ජනාධිපතිකම කරපු අන්තීම ශෝධකයා ඔබතුමා විය හැකියි. දැන්වත් රටේ මිනිසුන්ට පව් නොදී පැත්තකට වෙලා ඉන්න.
ආප්ප කාලා කරපු හරිය මදෑ. දැන් මේ හදන්නේ කාට මොන ආප්ප කවන්නද? මෝඩ මිනිසුන්ගෙන් පිරිච්ච රටක් කියලාද මෙයා හිතේ තියාගෙන ඉන්නේ? ඉස්සර තමා කිවේ සිංහලයා මෝඩයා. කැවුම් කන්න රාජයා කියලා.
රටකට සුදුසු නැති ජනාධිපති කෙනෙක් කරපු දේකුත් නෑ. කරන දේකුත් නැහැ. හැබැයි කියන්න ඔක්කොම එකයි. අපේ ව්‍යවස්ථාව හදන්න ඕනේ 5න් පස්සේ කෙළින්ම ගෙදර එන්න කළින් සහ පසුව සියලු වත්කම් පේන්න ඕනේ... මෙයා ආපහු සැරයක් රිංගාගන්න බලන්නේ කාගේ හරි පිහිටෙන්...
ඔබතුමාට දුන් ඡන්දය ගැන මට ඇත්තේ මහා පිළිකුලකි.
කෝටි 800 ගෙදර හැමදාම ඉන්න ඕනෑනම් පවතින ආණ්ඩුවට කඩේ යන්න වෙනවම තමයි..
ඔබතුමා කියන එක ඇත්ත. ඔය කියන බලය දුන්නහම 19 අහෝසි කරන්න පුළුවන්. එතකොට අගමැති, ජනාධිපති අතර කඹ ඇදිල්ලක් නැහැ.. ඔබතුමාට රට හදන්න අවංක ඕනෑකම තිබුණා කියලා අපි දන්නවා. නමුත් කරන්න බැරිවුනේ 19 හින්දයි.. කරුණාකර ඔබ උදව් කරන්න මේ සඳහා.. මෙය ගොඩක් වටිනවා.
මිනීමරුවෝ නිදහස් කරමින් පිස්සු කෙලෙපු සහ බෝම්බ පුපුරනකන් උඩ බලන් හිටපු ඔබව මේ ආණ්ඩුවට අවශ්‍යම නැත. ජනාධිපතිවරණය වෙලාවේ මෙලෝ සහයෝගයක් දුන්නේ නැත. දැන් හදන්නේ ඒක අස්සේ රිංගන්න..
පත්තරවලට කියන ඒවා නෙමේ කෙරෙන්නේ… අපි එ්ක පහුගිය අවුරුදු හතරහමාරේදීම දැක්කා. දිනුවට පස්සේ ළඟට එන මිතුරන්ගෙන් පරිස්සම් වෙන්න කියලා ඊයේ හාමුදුරුවෝ බණ කියන වෙලාවේ කිව්වා...
2015 එජාපයේ පිහිටෙන් ජනාධිපති වෙලා ඒ පක්ෂයත් තමන්ගේ පක්ෂයත් කෑවා. සෝභිත හිමියන්ගේ දේහයට අත් තියලා දිවුරුවේ ඕකටද? මේවගේ දේවල් වෙන කිසිම දේශපාලකයකු කර නැහැ.
තුනෙන් දෙක ලැබිලා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ගියහම අයියමලෝ අතර බලය ස්ථාපිත කර ගැනීමේ පොරයක් ඇති වේවි. එතකොට ගේමක් දෙන්න මෙතුමා කුරුමානම් අල්ලන බවයි මම දකින්නෙ.
කොලේ ඉරා ගෙන ගිහින් ගිනිතියා ගෙන ගිහින් ආයෙත් එනවද ඒ වැඩේම කරලා දෙන්න.