(සුජිත් හේවාජුලිගේ )
විවිධ ආයතන හා පුද්ගලයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේ දක්වා රුපියල් කෝටි 20,000 කට ආසන්න බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තා වේ.
මෙසේ බදු ගෙවීම පැහැර හැරි පුද්ගලයන්ගෙන් සියයකට ආසන්න පිරිසක් මියගොස් සිටින බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම හිඟ බදු මුදල් සම්බන්ධයෙන් අදහස් දක්වන මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ ඇතැම් පාර්ශව මෙම හිඟ ණය මුදල් ගෙවීමට එකඟවී සිටින බවයි.
හිඟහිටි ආදායම් අයකර ගැනීම සම්බන්ධයෙන් රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් මහභාණ්ඩාගාරය ඒ සඳහා වෙනම කණ්ඩායමක්ද පත්කර සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම දේශීය ආදායම් බදු ආඥා පනත ගැළපෙන පරිදි යාවත්කාලින කර සංශෝධනය කර හිඟ බදු මුදල් අයකර ගැනීමට කටයුතු කරන බව සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අතර විශාල වශයෙන් ආදායම් උපයන වෛද්‍යවරුන්, නීතිඥයන්,උපකාරක පන්ති ගුරුවරුන්,දෛවඥයන් ඇතුළු පිරිසක් කාලයක් තිස්සේ බදු ගෙවීම පැහැර හරිමින් සිටින බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ටික එකතු කළානම් රට ගොඩ. ඡන්ද 10ක් කරන්න සල්ලි තියෙනවා.
කමක් නැහැ. ඒවාට වන්දි ගෙවන්නට සාමාන්‍ය අසරණ ජනතාව ඉන්නවා... ලයිට් බිල වගේම අනෙකුත් ඒවත් වැඩි කරපල්ලා...
මම ඊයේ චැනල් සෙන්ටර් එකකට ගොස් චැනලින් ගාස්තුව විමසුවා. එහිදී කිව්වා සතියක් හැර සතියක් එනවා.. ආවම විස්සක් බලනවා. එක් අයෙකුගෙන් 2600/=ක් අයකරනවා කියලා. ඉතින් 2500×20×2 =සමානයි. එක් තැනකින් ඉරිදා දින දෙකකට උපයන මුදල රුපියල් ලක්ෂයක් වෙනවා. ඉරිදා හතරට ලක්ෂ දෙකයි... අනෙක් දිනවල සෙනසුරාදා දින හතරකට ලක්ෂ දෙකයි සතියේ දින පහට 2500×10×5=125000/= එවිට පුද්ගලික ඉපැයීම් 325000/= වැටුප් හා දීමනා අවම වශයෙන් 175000/= ගතහොත් මාසයේ ඉපැයීම් ලක්ෂ පහක් පමණ වෙනවා.. බදු ගන්න එපා කියලා වර්ජන, තර්ජන කිරීම ඉතාමත් සාධාරණයි නේද?
වැරදි!! දෙපාර්තමේන්තුව ඉවක් බවක් නැතිව තක්සේරු නිකුත් කරනවා! අඩු තරමින් රඳවා ගැනීම් සහතික ඉදිරිපත් කලත්, බැංකු එවා ඇති විස්තර දෙපාර්තමේන්තුවට ගලපා ගන්න බෑ, බැංකුවට කියන්න නැවත විස්තර එවන්න කියලා තක්සේරු කරනවා! ඔයින් විශාල ප්‍රමාණයක් ගෙවීමට නැති බදු!! පරිගණක වැරදි වලටත්, හරියටම නිශ්පාදන ක්‍රියාවලියක් වගේ තක්සේරු නිකුත් කරනවා, ඒවා නීති විරෝධී, මොකද මනුෂ්‍යයෙක් කළයුතු දේ පරිගණකයකට කරන්න තාම නීති හැදිලා නෑ!