IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රජයට අයිති දේ විකුණන්න එපා කීම වැරදි කතාවක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රජයට  අයිති දේ විකිණිය යුතු නැතැයි කීම වැරදි මතයක් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (2) පැවසීය.

සලකා බැලිය යුත්තේ අයිතිය ගැන නොව එයින් ලැබෙන ප්‍රතිලාභ ගැන බව කී මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවේ ජනතාව සතුව බොහෝ වත්කම් තිබෙන නමුත් ඒවායින් ප්‍රතිලාභ ලැබෙන්නේ නැතැයි ද එහි වගකීම රජයත් බාරගත යුතුව ඇතැයි ද කීය.

මැද පෙරදිග රටවල් තමන්ගේ තෙල් සම්පත විකුණුවේ නැතිනම් ඒ අයට කිසිම වත්කමක් නොමැති වන බව කී මන්ත්‍රීවරයා ලංකාවේ පොස්පේට් නිධියක් තිබුනත් එයින් කිසිම ප්‍රයෝජනයක් නැතැයි කීය.

රටක වවන්නට පුළුවන් ආහාර වවන්නත් බැරි දේවල් රටින් ගෙන්වන්නත් සිදුවන බව කී එරාන් වික්‍රමරත්න මහතා රටක ආරක්ෂාව රඳා පවතින්නේ විදේශ ප්‍රතිපත්තිය මත බව සඳහන් කළේය.

බැංකු සංශෝධන පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට සහභාගී වෙමින් එරාන් වික්‍රමරත්න මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (8)

රජයට අයිති දේ විකුණන්න එපා කීම වැරදි කතාවක්

sk Tuesday, 02 April 2024 12:52 PM

මෙයත් පනී වගේ රනිල්ගේ ඔඩොක්කුවට

:       12       15

සෝමපාලා හකිරිල්ල Tuesday, 02 April 2024 01:21 PM

ඕක පාලකයන්ගේ අදක්‍ෂතාවය කියලා ඒ අයට නොතේරෙන්නේ ඇයි දෙයියනේ . ඔය ආයතන වලට මිනිස්සු ගිහින් බලෙන් රැකියා කරන්නේ නෑ. චන්දෙට උපකාර කරපු මිනිස්සු සීමාවක් නැතුව ඕවට ගල් කෙරුවේ අපිද. එක්‌ කෙනෙක් ඕනේ තැනට 10 ක්‌ දාල ඉතිං දැන් කු.... හරුප දොඩවනවා. කටින්ද මේවා කියන්නේ. ඒ මදිවට ඒවගෙන් ගසාකනවා. ඕවා දවසක වමරන්න වෙනවා ඒක මතක තගන්න හැමෝම. ඒ ආයතන විනාශ කරලා දැන් ඒවා විකුණලා දාල ඉතිරි ටිකත් ඉවරම කරලා දාන්නයි හදන්නේ. මුන් හදය්ද රටක්. උන් හැදෙනවා මිසක්.

:       7       23

අරවින්ද මොනරවිල Tuesday, 02 April 2024 02:16 PM

හොරා කනවා හිඟා කනවා හා විකූණාගෙන කනවා ඇරෙන්න වෙන ආර්ථික දැක්මක් වැඩ පිළිවෙළක් නැති එවුන්ට ඔහොම කියනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නැහැ.

:       4       18

thilan Tuesday, 02 April 2024 03:30 PM

වැඩ බැරි මිනිස්සු පත් කරනවා වගේම ඒ මිනිස්සු එක්කරගෙන මොනවහරි වැඩක් කරන්න යනකොට කකුලෙන් අදින Union සෙට් එකකුත් ඒවගේ ඉන්නවනේ. මම දන්න සමහර ඒවගේ සමිති නායකයෝ දවල්ට වැඩ වෙනුවට නිදි..

:       4       11

Ratne Tuesday, 02 April 2024 05:37 PM

මැද පෙරදිග තෙල් විකිණීමයි, රටක සම්පත් විකිණීමයි සමාන කරන්නේ කොහොමද? එහේ බාල්දු කරලා අඩු මිලට තෙල් ළිං විකුනන්නේ නැනේද, එහෙ තෙල් විකුණනවා වගේ ලංකාවෙත් ගොවිපොළවල් වල කිරි, ආහාර නිෂ්පාදනය කරලා විකුණනවා නම් ගැටළුවක් නේ.

:       0       0

nanda Tuesday, 02 April 2024 07:10 PM

මෙයාලත් විකුණන්න තව සුදනා වෙන විකල්ප බලවේග ගැන තමයි චුට්ටක් හරි විශ්වාසයක් තියන්න වෙන්නේ...

:       0       0

චන්දිම Tuesday, 02 April 2024 07:41 PM

ඔන්න බලන්න මේ මිනිහත් දැන් කතා කරන කපටි විදිය. කවුරුත් කිව්වේ නැහැනේ එප්පාවල පොස්පේට් නිධියෙන් පොස්පටේ පොහොර නිපදවලා අගය එකතුකරලා හොඳ ඩොලර් ආදායමක් රටට ලැබෙන විදියට විකුණන්න එපා කියලා. මේ කපටින් ඔක්කෝම කරන්න හදන්නේ නිධිය පිටින්ම තුට්ටු දෙකට කාට හරි එකපාර විකුණලා ඒ සල්ලිත් නැති නාස්ති කරලා අන්තිමේදී රටට හිස් වලක් පමණක් ඉතුරු කරන්න. ඒකනේ කියන්නේ මේ කාලකන්නි දේශපාලුවෝ සම්පත් කළමනාකරණය කරලා රට දියුණු කරනවා වෙනුවට කරපු තරමක් කළේ සියලු දේ රටට නැති කරනවා විතරයි...

:       0       0

Wije Wednesday, 03 April 2024 10:07 AM

ඉතා වටිනා පොහොර නිධියකින් රටකට ඵලක් නෑ කියන අමන පාලකයෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site