
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සේවාවන්හි කාර්‌යක්ෂමතාව සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සදහා ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රාජ්‍ය ආයතන වල කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා මෙන්ම ද්විකරණ දෝෂ අවම කිරීම හා තොරතුරු තහවුරු කර ගැනීම මඟින් ඵලදායීව හා ප්‍රශස්ථව කාර්යයන් ඉටු කිරීම පිණිස රාජ්‍ය ආයතනයන්හි තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීම යෝග්‍ය බව හඳුනාගනු ලැබ ඇත.
ඒ සඳහා රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ද ඇතුළුව සියලුම රාජ්‍ය මඟින් නියාමනය කරනු ලබන/සංවර්ධනය කරනු ලබන තොරතුරු තාක්ෂණ පද්ධති සඳහා දත්ත ඇතුළත් කිරීමේදී ක්‍රමවෙිදයක් ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
වයස අවුරුදු 15 ට වැඩි ශ්‍රි ලාංකික පුරවැසියකු හඳුනා ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කිරීම අනිවාර්ය කිරීම. විදේශීය පුද්ගලයෙකු හඳුනා ගැනීම සඳහා ඔහුගේ විදේශ ගමන් බලපත්‍ර අංකය භාවිත කිරීම අනිවාර්ය කිරීම.
ආයතන අනන්‍යතාව හඳුනා ගැනීම සඳහා ව්‍යාපාර ලියාපදිංචි අංකය හිමිකරුවන්ගේ/ අධ්‍යක්ෂ එම ආයතන වල මණ්ඩලවල දේශීය සාමාජිකයින්ගේ ජාතික හැඳුනුම්පත් අංකය ද විදේශීය සාමාජිකයින්ගේ විදේශ ගමන් බලපත්‍ර අංකය ද භාවිත කිරීම අනිවාර්ය කිරීම.
අදාළ දත්ත විධිමත් පරිදි අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ හුවමාරු කිරීමට හැකි වන අයුරින් දත්ත ප්‍රමිති කරණය සිදු කිරීම එම ක්‍රියා දාමයයි.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජ්‍ය සේවයේ වැඩ කඩිනම් කරන්න වැඩක් අරඹයි
Rata Perata Tuesday, 06 August 2024 11:44 AM
නැට්ටට ගිලිලා තියන වෙලාවේ විකාර කරන්න හදනවා .ඕවා හරියට කරාවි අලුත් ආණ්ඩුවකින් .නිකම් අර වීසා හොරකම වගේ සංදර්ශන දාලා තියන සල්ලි ටිකත් නැති කරන්නේ නැතුව ඉන්න
සෙනෙවිරත්න Tuesday, 06 August 2024 12:29 PM
මේ කලබලේ ඕවා කරන්න කතා කලාට ඡන්දය නම් ලැබෙන්නේ නැහැ.
Samarasekara Tuesday, 06 August 2024 04:32 PM
වර්තමානයේ රාජ්‍ය සේවය කිව්වම ඔක්කාරයට එනවා ඒ තරම්ම පිළිකුල් තත්වයට පත්වෙලා තියෙන්නෙ වැඩි කලක් නොගොස්ම පිළිකා තත්වයට පත්වුනේ නැත්නම් ඇති නිළධාරි හිතන්නේ ඔවුන් තමයි ඔක්කොම දන්නෙ අපි තමයි රජවරු කියලා .ඒත් අන්තිමට විශ්‍රාම ගියාම පිච්චිලා ගිය බල්බ වගේ වෙනවා කියලා හිතන්නේ නැහැ
රංගන සමරකෝන් Tuesday, 06 August 2024 06:40 PM
හොඳයි විවාහ සහතිකයට හැඳුනුම්පත් අංකේ දැම්මා නම් සියලු තොරතුරු එක තැනකට ගත්තා නම්...!
Srinath Tuesday, 06 August 2024 10:22 PM
ඡන්දය තියෙද්දී කොහොමද මේවා කරන්නේ? මොනවා කළත් පරණ සෙට් එක පරාදයි.