IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රාජ්‍ය සේවයේ වගකීම සහ වගවීම නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය සේවයේ වගකීම සහ වගවීම නැති නිසා රටේ ජල කළමනාකරණ ප්‍රශ්නය මේ තරමට උග්‍ර වී තිබෙන බව වාරිමාර්ග  අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

තම අමාත්‍යාංශය පැත්තෙන් යම් නිලධාරියෙක් වගකීම සහ වගවීම ඉටුකර නැතිනම් ඒ සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට කටයුතු කර තිබෙන බව කී අමාත්‍යවරයා මේ සම්බන්ධව අමාත්‍යාංශ ලේකම් හරහා විමර්ශනයක්  කොට අදාල  ක්‍රියාමාර්ග ගත යුතු යැයි සඳහන් කළේය.

රටක් විදියට නැගිටින්න නම් මෙරට රාජ්‍ය සේවකයන්ගේ සේවා කාලය අනුව නොව හැකියාව අනුව උසස්වීම් ලබා දිය යුතුව තිබෙන බව පැවසූ අමාත්‍යවරයා හරියට රැකියාව නොකරන කෙනාට දඬුවම් දෙන්නත් රැකියාව කරන කෙනාට ඇගයීම් කරන්නටත් හැකි ක්‍රමවේදයක් හැදුවේ නැතිනම් රට ඉදිරියට ගෙනියන්න බැරි බව කීය.



අදහස් (8)

රාජ්‍ය සේවයේ වගකීම සහ වගවීම නෑ

ravin Tuesday, 22 August 2023 02:36 PM

වගකීම සහ වගවීම යන කරුණු දෙක පටන් ගතයුතු තැනත් ඔය ගමන්ම පැහැදිලි කළානම් තමයි වඩාත් හරාත්මක වෙන්නේ.

:       0       0

Rupasena Liyanapathirana Tuesday, 22 August 2023 04:44 PM

ඒක හොඳ යෝජනාවක්... පාර්ලිමේන්තුවෙන් පටන් ගත්තා නම් වඩාත් හොඳයි.

:       0       0

thilak Tuesday, 22 August 2023 05:21 PM

අදාල දේශපාලකයින්ගෙන් වගවීම් සහ වගකීම් ඉෂ්ඨ වුණා නම් මෙහෙම වෙන්නේ නෑ.

:       0       0

Hafeel Tuesday, 22 August 2023 05:31 PM

ඇයි රාජ්‍ය සේවයට පමණක් හැකියාව අනුව පත්වීම් දෙන්නේ? එහෙමනම්, ඇමැති ධුරය දීලා තියෙන්නේ හැකියාව සහ සුදුසුකම් අනුවද?

:       0       0

සුපුන් Tuesday, 22 August 2023 05:55 PM

මේක මාර වැඩක්නෙ. රටේ ඔක්කොම තීරණ ගන්නෙ ජනාධිපති ප්‍රමුඛ කැබිනට් එක. එතකොට මුලින්ම වගකීම ගන්න ඕන ඔය සෙට් එක...

:       0       0

චන්දන Tuesday, 22 August 2023 06:22 PM

රාජ්‍ය සේවකයට නොවෙයි. තමුන්ලාට ඔය වගවීම සහ වගකීම තියෙනවාද? තමුන්ලාගේ වැරැදි රාජ්‍ය සේවකයින් පිට යවන්න එපා. රාජ්‍ය සේවකයෝ තමුන්ලා වගේ නෙවෙයි, වගකීමෙන් වැඩ කරනවා. තමුන්නාන්සේලා නිසා ඒක හරියට කරගන්න බැහැ. තමුන්නාන්සේලා නැති කාලයක් තිබුණා මතකද? රජ්‍ය සේවය ඉතා හොඳින් ක්‍රියාත්මක වුණා. බයිලා කතා කරන්න එපා.. කරුණාකරලා ගෙදර යන්න.

:       0       0

Nimal Tuesday, 22 August 2023 06:49 PM

ඔයාලගේ වගවීම ඉහටත් උඩින්. ඒකනේ මේ රට සුඛිත මුදිත වෙලා තියෙන්නේ...!

:       0       0

Perera Tuesday, 22 August 2023 10:36 PM

හරියට මුන්ට ඔය දෙක තියනවා වගේ මෙයාගේ කතාව

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site