(ඩයනා උදයංගනී)
විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි උපරිම වසර 5ක කාලයක් සඳහා වැටුප් රහිතව දේශීය වශයෙන් නිවාඩු ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට දේශීය වශයෙන් නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට 2022 ජුනි මස 13 දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබූ අතර, එම කමිටුව ලබාදුන් නිර්දේශ පරිදි මෙම තීරණය ගෙන තිබේ.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ වැටුප් රහිතව දේශීය වශයෙන් නිවාඩු ලබාදීම සඳහා වන යෝජනාවට මෙම අනුමැතිය හිමිවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු හරි දන්න කෙනෙක් කියනවාද, ත්‍රිවිද හමුදාවට මේක අදාල වෙනවද කියලා..?
අවුරුදු පහක් අවසානයේ එනවිට තමන්ගේ පුද්ගලික ලිපිගොනුව ඉතිරිව තිබුණොත් හොඳටම ඇති.. මොකද සමහර ආයතන එම ආයතනය ආරම්භ කළ අවස්ථාවේ සිට නඩත්තු කළයුතු ලිපිගොනුව හා ලොග් සටහන් පොත පවා විනාශ කර එම ආයතනවල සිටි ප්‍රධානීන්ගේ නම් ලැයිස්තු අනුව පේනවා.
අර්ධ රාජ්‍ය සේවයේ අයට නැද්ද?
ත්‍රිවිධ හමුදාවත් එක්කද?
වයස අවුරුදු 55 ක කෙනෙක් මෙම නිවාඩුව ගත්තම කොහොමද වෙන්නෙ .රිවස් චක්‍රලේඛ නිකුත්නොකර එකවරම පැහැදිලි චක්‍රලේඛය නිකුත්කරන්න.ඉඩමක් දේපොලක් තියෙන කෙනෙකුට නම් ඉතාමත් හොදයි කර්මාන්තයක් කරන්න දන්න අයටත් තාක්ෂණික අංශවල අයටත් දක්ෂ ගුරුවරුන්ටත් හොදයි