(ඩයනා උදයංගනී)
විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි උපරිම වසර 5ක කාලයක් සඳහා වැටුප් රහිතව දේශීය වශයෙන් නිවාඩු ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට දේශීය වශයෙන් නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට 2022 ජුනි මස 13 දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබූ අතර, එම කමිටුව ලබාදුන් නිර්දේශ පරිදි මෙම තීරණය ගෙන තිබේ.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ වැටුප් රහිතව දේශීය වශයෙන් නිවාඩු ලබාදීම සඳහා වන යෝජනාවට මෙම අනුමැතිය හිමිවිය.
2025 දෙසැම්බර් මස 18
384
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජ්‍ය සේවකයන්ට වසර 5ක නිවාඩුවක්
තරංග Tuesday, 06 September 2022 04:12 PM
කවුරු හරි දන්න කෙනෙක් කියනවාද, ත්‍රිවිද හමුදාවට මේක අදාල වෙනවද කියලා..?
සුරංග Tuesday, 06 September 2022 06:45 PM
අවුරුදු පහක් අවසානයේ එනවිට තමන්ගේ පුද්ගලික ලිපිගොනුව ඉතිරිව තිබුණොත් හොඳටම ඇති.. මොකද සමහර ආයතන එම ආයතනය ආරම්භ කළ අවස්ථාවේ සිට නඩත්තු කළයුතු ලිපිගොනුව හා ලොග් සටහන් පොත පවා විනාශ කර එම ආයතනවල සිටි ප්‍රධානීන්ගේ නම් ලැයිස්තු අනුව පේනවා.
ඩි ගුරැගේ Tuesday, 06 September 2022 08:14 PM
අර්ධ රාජ්‍ය සේවයේ අයට නැද්ද?
Danuska Wednesday, 07 September 2022 07:03 AM
ත්‍රිවිධ හමුදාවත් එක්කද?
සකල ගුරු Wednesday, 07 September 2022 09:49 AM
වයස අවුරුදු 55 ක කෙනෙක් මෙම නිවාඩුව ගත්තම කොහොමද වෙන්නෙ .රිවස් චක්‍රලේඛ නිකුත්නොකර එකවරම පැහැදිලි චක්‍රලේඛය නිකුත්කරන්න.ඉඩමක් දේපොලක් තියෙන කෙනෙකුට නම් ඉතාමත් හොදයි කර්මාන්තයක් කරන්න දන්න අයටත් තාක්ෂණික අංශවල අයටත් දක්ෂ ගුරුවරුන්ටත් හොදයි