(ඩයනා උදයංගනී)
රජයේ නිලධාරීන්ට විදේශ රැකියාවක හෝ වෙනත් ඵලදායී කාර්යයක නිරතවීම සඳහා ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට අගතියක් නොවන පරිදි වසර 5ක කාලයකට වැටුප් රහිත නිවාඩු ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
ඒ සඳහා දැනට පවතින විධිවිධාන සංශෝධනය කරමින් අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම වෙනුවෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රජයේ නිලධාරියෙකුට අධ්‍යයන හෝ විදේශ රැකියා සඳහා සිය සේවා කාලය තුළ උපරිම වශයෙන් වර්ග 5 ක කාල සීමාවකට වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමේ හැකියාව දැනට පවතින විධිවිධාන අනුව ඇතත්, විශ්‍රාම වැටුප් ගණනය සඳහා එම කාල සීමාව සැලකිල්ලට නොගැනීම, ජ්‍යෙෂ්ඨතාවයට බලපෑමක් සිදු වීම හා වෙනත් කොන්දේසි හේතුවෙන් රජයේ සේවකයින් එලෙස නිවාඩු ලබාගැනීම කෙරෙහි එතරම් උනන්දුවක් නොදක්වන බව දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වේ.
රටේ දැනට පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන, රාජ්‍ය නිලධාරින්ට විදේශ රැකියාවක හෝ වෙනත් ඵලදායී කාර්යයක නිරතවීමේ අවස්ථාව ලබාදීම වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රජයේ සේවකයින්ට වසර 5 ක වැටුප් රහිත නිවාඩු
ලලිත් අම්බලන්ගොඩ Tuesday, 14 June 2022 01:23 PM
මේවා කරලා මේ අර්බුදයෙන් ගොඩ එන්න බැහැ. කළයුතු දෙය නම් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහජනතාවට තම නියෝජිතයින් තෝරා ගන්න අවස්ථාවක් ලබාදීමයි. එවිට බොහෝ අපහසුකම් නිමා කරන්නට යම් ප්‍රවිශ්ඨයක් ගත හැකියි. එතෙක් ලෝ්කයේ කිසිම රටක් අපට උදව් කරන්නේ නැහැ...