(ඩයනා උදයංගනී)
රාජ්‍ය සේවකයන්ට මාස තුනක කාලයක් සඳහා සිකුරාදා දින නිවාඩු ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
ජලය, විදුලිය, සෞඛ්‍ය, අධ්‍යාපන, ආරක්ෂක සේවා සහ ප්‍රවාහන, වරාය සහ ගුවන් සේවා වැනි අත්‍යාවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතනවල සේවය කරන්නන්ට මෙම නිවාඩුව හිමි නොවන බව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් වේ.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මගී ප්‍රවාහනයට බාධා එල්ල වී ඇති නිසා රාජ්‍ය සේවකයින්ට ප්‍රවාහන පහසුකම් ලබාගැනීම ගැටලුවක් වී ඇති නිසාත්, ඉදිරියේදී ඇතිවන ආහාර හිගයට පිළියමක් ලෙස රජයේ නිලධාරීන්ට සතියේ දිනක් නිවාඩු ලබාදී සිය ගෙවත්තේ හෝ වෙනත් ස්ථානයක කෘෂිකාර්මික කටයුත්තක නිරතවීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම යෝග්‍යබව පෙනී යන නිසාත් මෙම තීරණය ගන්නා බව ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාවේ වැඩිදුරටත් දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපනය අත්‍යාවශ්‍ය සේවයක්ද? ළමයින්ට සහ ගුරුවරුන්ට පාසලට එන්න සපයපු පහසුකම් මොනවාද? කරුණාකරලා උත්තර දෙනවාද?.
පය බරවායට පිටකර බෙහෙත් බඳිනවා කියන්නේ මේවාට තමයි.