(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සේවයට 2016 න් පසු බඳවාගත් සේවකයන් වෙනුවෙන් දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට අවධානය යොමුකර ඇතැයි අගමැති සහ රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාලිමේන්තුවේදී අද (17) පැවසීය.
පැවති රජය 2016 වර්ෂයේදී දැනට පවතින විශ්‍රාම වැටුප් ක්‍රමය වෙනුවට නව ක්‍රමයක් හදුන්වා දිමට තීරණයක් ගෙන ඇතත් ඒ සඳහා ප්‍රායෝගික විකල්ප වැඩපිළිවෙළක් එම රජය යෝජනා කර හෝ ක්‍රියාත්මක කර හෝ නොමැති බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕගොල්ලෝ අවුරුදු 75ක් ඉඳලා රටට කරපු එක සේවයක් කියන්න.
ඔයාට ඔය කිසි අඩුවක් වෙන්නේ නැහැ නේද.?
අතේ සතේ නැහැ. ඡන්ද ලංවෙනකොට. බොරු බේගල් වැමාරනවා.
අගමැතිතුමා දැන් කාලයේ රාජ්‍ය සේවයේ අන්ත පරිහානියක් දකින්නට ලැබෙනවා. නිළධාරින් වැඩවසම් යුගයේ මුදළි මුහන්දිරම්ලා වගෙයි .වත්මන් රජයේ නිළධාරින් නැත්නම් සේවකයින් හරියට ලිපියක් ලියන්නවත් දන්නෙ නැහැ .සෑම කෙනෙකුගේ පත්වීම් ලිපියේ තියෙනවා ආයතන සංග්‍රහය හා මුදල් රෙගුලාසි අනුව හා පසුව නිකුත් කරන චක්‍රලේඛ අනුව කටයුතු කරන්න කියලා. ඒ සමගම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් තියෙනවා .ඒවා ක්‍රියාත්මක නොකිරීම විනය විරෝධී කියලා එහෙම තියෙද්දි ආයතන සංග්‍රහයේ පරිච්ඡේදයක් තියෙනවා. රාජකාරි ලිපි ලියන්න ඕන කොහොමද කියලා ඒවා කිසිවක් ගණන් ගන්නෙ නැහැ .වත්මන් උසස් යැයි කියන ප්‍රාදේශීය මට්ටමේ සිටින බොහෝ දෙනෙක් මේවා නොදන්නා බව පේනවා .ඒ නිසා අවම වශයෙන් රාජකාරි ලිපියක් ලියද්දි වැඩවසම් යුගයේ නිළධාරින් නොවී ජනතාව ඇමතීමේදි හිමි/මහතා/මහත්මිය ලෙසට ලිවීමටත් හිමියනි/මහත්මයාණෙනි /මහත්මියනි ලෙසින් ඇමතීම කරන්න කියා උපදෙස් නිකුත්කිරීමට කටයුතු කරන්න (අවශ්‍ය නම් එහෙම ලියූ ලිපියක් එවන්න පුළුවන් )
යෝජනාව ගෙනාවත් සමරෙ අයියලත් අනෙකුත් බලලෝභී දේශපාලුවො රොත්තත් කල දේවල් අමතක වුනාද .තමුන්නැහෙලා ඒකට නොකලේ මොනවාද .සත්‍ය තේරුම් ගන්න කොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. මම හිතනවා ඔබතුමා මුලින්ම පාර්ලිමේන්තුවේ අසුන් ගනිද්දී ඇන් ඇම් ඇමතිවරයා හෝ ෆීලික්ස් ඇමතිවරයා ක්‍රියාත්මක කලේ එහෙමත් නොවෙයි අර්ථසාධක අරමුදල් ක්‍රමය තමයි. ඒක රජයේ නිළධාරින් සදහා නැතිකිරීමේ පාප කර්මය කලේ 1977 පත්වූ රජය තමයි
නිරපරාදේ පෞද්ගලික අංශයේ සේවයකල උපාධිධාරීන් දහස්ගණනක් විශ්‍රාම වැටුප බලාගෙන රාජ්‍ය සේවය නොහොත් පින්පඩිකාර සේවයට ගියා. අනාගත්ත රජ දුන්න ඡන්ද පොරොන්දුව නිසා සිදුකල අපරාධය.....
දායකත්ව විශ්‍රාම වැටුපක් ගැන දොඩවන්නට පෙර රජයේ සේවකයන්ගේ සොච්චම් වැටුපවත් වෙලාවට ගෙවන්න, අහස් මාලිගා තනන්නේ නැතිව.