
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවය ඉවත් කිරීමට පත් කළ උදය ආර්.සෙනෙවිරත්න විශේෂඥ කමිටුවෙහි වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතාද සාමාජිකත්වය දැරූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පන්නලදී අද(29) පැවසීය.
රාජ්‍ය සේවක වැටුප් විෂමතා ඉවත්කොට අදාල වැටුප් වැඩි කළේ අදාළ නිලධාරීන් සියලුම දෙනා සමග සාකච්ඡා කොට කැබිනට් අනුමැතිය ලබාගෙන විධිමත් අයුරින් බව කී හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය සේවක වැටුප වැඩි කිරීමට අදාළ කැබිනට් තීරණය සහ අමාත්‍ය මණ්ඩල සංදේශය ද උදය ආර්.සෙනවිරත්න කමිටුව පත් කිරීම පිළිබඳ ලේඛනය ද මාධ්‍යයට නිකුත් කළේය.
රාජ්‍ය සේවක වැටුප් වැඩි වීම ලබා දීමට ආණ්ඩුවට හොඳටම හැකියාව තිබෙන බව බව කී හිටපු ජනාධිපතිවරයා වහාම අදාළ වැටුප් වැඩි වීම ලබාදෙන ලෙස ආණ්ඩුවට බල කර සිටින බව කීය .
කැබිනට් මණ්ඩලයේ කටයුතු කිරීම සඳහා නිලධාරීන්ගේ අනුමැතිය අවශ්‍ය බවට අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය පවසා තිබෙන බව කී හිටපු ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරියට ව්‍යවස්ථාව ගැන ඉගෙන ගැනීමට අවශ්‍ය නම් තමාට එම ඉගැන්වීම කළ හැකි බව සඳහන් කළේය.
රාජ්‍ය සේවකයන්ගේ ඡන්දය ලබා ගත් මාලිමාව දැන් රාජ්‍ය සේවකයන්ට ටටා කියමින් සිටින බව කී රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවකයන්ගේ අයිතිය රකින්නට එදා සිටි මාලිමාවේ වෘත්තිය සමිති දැන් කොහෙදැයි ප්‍රශ්න කළේය.
රාජ්‍ය සේවකයන්ගේ අයිතිය රැකීම වෙනුවෙන් තමා ඇතුළු කණ්ඩායම දිගින් දිගටම සටන් කරන බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එය තමයි... ජනාධිපති අනුරට ඔයාගේ කපටි දේශපාලන පොරොන්දු ගැන කියලා ඇත්තේ. සොරිම තමයි.
කලින් කිව්වා නේද සල්ලි වෙන් කෙරුවා කියලා. ඒකට වැල්වටාරම් නැතුව ඔව්ද නෑද්ද කියලා උත්තරයක් දුන්නා නම් නේද හොඳ...? අර බල්ලෙකුගෙයි, බූරුවෙකුගෙයි කතාව මතක් වෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක එක තැනක කියනවා ජනතාවට වීඩියෝ කරන්න අයිතිය තියෙනවලු, හැබැයි එතැන ඉන්න කවුරුහරි එපා කිව්වොත් බෑලු. වැරැද්ද කරන කෙනා කියයිද? අනේ වීඩියෝ කරන්න කියලා... ඒ වගේම බාධාවෙන විදිහට බෑලු. කව්ද තීරණය කරන්නේ බධාවක්ද? නැද්ද? කියලා. වැරැද්ද හංගන්න ඕන කෙනාද? එතන හිටපු මාධ්‍යවේදියෙකුට අහන්න තිබුණනෙ නීති පොතේ කොතැනද, මොන වගන්තියේද ඒක සඳහන් වෙන්නේ කියලා. පොලිසියට නීති හදන්න බෑනේ. තරාතිරම බලන්නැතුව අපි හැමදෙයක්ම, හැමදෙනෙක්වම ප්‍රශ්න කරන්න ඕනෑ. එතකොට බොරු එලිවෙලා, සත්‍ය මොකක්ද කියලා තේරෙනවා.
කපටි හොරු... අපි ඕවාට අහුවෙන්නේ නැහැ. 14 වෙනිදා ඔබගේ ගෑස් ටැංකියට ඡන්ද " 0 " යි. අපිට ඕනෑ නැහැ !!!
බොරු විදලා බලය අරන් උතුර, දකුණ මාරුවෙලා. සෙට් එක කුහකයි තමයි. ඒත් පොදු ජනතාවට අනුකම්පා කරලා ටියුෂන් පාරක් දෙන්න බැරිද?
පින් ජනාධිපතිට මොකද? අපිනෙ බදු ගෙවන්න ඕනේ...
මෙයා කළේ ඊළඟට එන පාලකයින් අමාරුවේ දාන්න රජ්‍ය සේවයේ පඩි වැඩිකරන්න පොරොන්දු දීපු එක. මේ ආර්ථික තත්ත්වය උඩ ඒක කරන්න බෑ කියලා... කවුරුත් දන්නවා. මෙයාගේ කපටි වැඩ දන්නා නිසා තමයි ගෙදරම යැව්වේ...
සමන්ත කොහොමද අනුර කුමාර ගේ වැඩ! ඔන්න ආණ්ඩු. කියලා වහල්ලු දැන් කියයි. අනේ මගේ කට.. ජේ. වී.පී කාරයින්ගේ කයිය විතරයි. වැඩ නෑ. සමහරු කියනවා රනිල් පින් ජනාධිපතිලු. ඔව් ඒ පින තමයි. එතකොට දැන් ඉන්නේ සියට හතළිහක් අරගත්ත අංග විකල ජනාධිපති වෙන්ටෑ නේද?
ඔබතුමා යන්තන් ගොඩ දාලා දුන්නු රට මේගොල්ලෝ කාලා විනාශ කරනවා ඉර හඳ වගේ...
අයියෝ මෙයා හරිම වාතයක් වුණානේ. මෙයා දැන් සිලින්ඩර් සීයා නෙමෙයි බාල්දි සීයා! හැබැයි ඔය හුලංගමුව ලං කරගත්තේ හොඳකට නම් නමෙයි. අ.කු.දී ජනාධිපති තුමාටත් දෙවියන්ගේම පිහිටයි! හුලංගමුව දැඩි රනිල් ගැත්තෙක් බඩගෝස්තර වාදියෙක් - මොකට ලංකර ගත්තාද මන්දා...?
එදා ජීවත්වෙන්න බැරුව වැටුප් වැඩිකරන්න කියලා ඉල්ලපු අපිට ඒ වෙනුවට දුන්නේ කඳුළු ගෑස්, ජල ප්‍රහාර. ඒ නිසා තමයි අපි ඔයාව ගෙදර යැව්වේ...!
ඊළඟට අර වතු කම්කරුවන්ට ඡන්දේ කාලේ මිනිහා දෙනවා කියපු එක දෙන්න කියයි. මාලිමා ආණ්ඩුවවත්, අනුරවත්, රනිල්ගේ ඡන්ද පොරොන්දු ඉටුකරන්න ඕනේ නැහැ. මොකද ඒවා එකක්වත් ප්‍රායෝගික ඒවා නෙමෙයි...!
අනුර ජනාධිපති වෙලා ඉන්න එක මෙයාට දිරවාගන්න බැහැ.
පාලු ගෙයි වලං බිදින රනිල් පැත්තකට වෙලා ඉදින්.
දැන් ඔයාට ජනතාව රවට්ටන්න බැහැ , ගෙදරට වෙලා පාඩුවේ ඉන්න , ඔයාගේ හොර නඩේත් 14 දායින් පස්සේ ගෙවල්වල. සාගල
පිස්සු සීයෙක් .කටවහන් පැත්තකට වෙන්න
රාජපක්ෂ 2 වැනි කොටස බලයට තියන කෑදරකම අයින්වෙන්නේ නෑ කවදාවත්...!