(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය සේවක වේතන එක දිනයේම ගෙවන්න බැරි උනත් දින දෙක තුනකදී හෝ ඒ ගෙවීම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

බලාපොරොත්තු වන ආදායම එක වරම නොලැබුනත් පසු ගිය මාස සමග සසදන විට දැන් ආර්ථිකය නිසි මගට ගෙන ඇතැයිද ජනාධිපතිවරයා කීය.

පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

පසුගිය මාස කිහිපය සමග බලන විට මේ වන විට ආර්ථිකය නිසි මගට ගෙන යන්න ක්‍රියා කරගෙන යනවා.දැන් අපට ඉතිරි වී තිබෙන්නේ ඉන්දියාවේ සහ චීනයේ එකඟතාවය ලබා ගන්නයි. දැනටත් ඇතිකරගත් සාකච්ඡා සාර්ථක බව කිව කිවයුතුයි.ඉදිරියේදී අපට ඒ පිළිබඳ පිළිතුරක් ලැබේවි.

 අප බලාපොරොත්තු වන ආදායම එක වරම ලැබෙන්නේ නැහැ.ප්‍රධානම කාර්යය වන්නේ වෙිතන ගෙවීමයි. එක දිනයේම වෙිතන ගෙවන්න බැරි උනත් දින  දෙක තුනකදී එය කරනවා.දෙවැනි කාරණය වන්නේ විශ්‍රාම වැටුප් ගෙවීමයි.එමෙන්ම  සමෘද්ධිය ගෙවිය යුතුව තිබෙනවා.