(අජන්ත කුමාර අගලකඩ)
රාජ්ය සේවකයින්ගේ කාර්යාල ඇඳුම් සම්බන්ධයෙන් නව චක්රලේඛයක් නිකුත් කිරිමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (25) උදේ පැවති කැබිනට් රැස්වීමේ දී ඒ සඳහා රාජ්ය පරිපාලන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අනුමැතිය හිමිවී තිබේ.
ඒ අනුව රාජ්ය සේවයේ කාන්තාවන්ට සාරිය, ඔසරිය අමතරව වෙනම ඕනෑම සංවර ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලැබෙන අතර, මුහුණ ආවරණය නොවන පරිදි එම ඇඳුම් ඇඳිය යුතු වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"රාජ්ය සේවයේ කාන්තාවන්ට සාරිය, ඔසරිය අමතරව වෙනම ඕනෑම සංවර ඇඳුමක්" සාරි ඔසරි කියන්නේත් නැතිව සංවර ඇඳුමක් කීවානම් ඉවරනේ. කාවද මේ මෝඩයට අන්දන්නේ? මෙතනත් ආරක්ෂාව නැති කරලානේ. ඇඳුම ගැන බැලුවේ සංවරකමට නොවෙයි ඇඳුම අස්සේ පුපුරන දෙයක් ගෙන ඒවිද කියන සැකයට. දැන් එහෙම කරන්න බලාපොරොත්තු වෙන කෙනාට ඉඩ සැලසී ඇත. ISIS කාරයින් ලංකාව ඉලක්ක කරගෙන ඉන්න බව අමතක කොරන්න එපා. ඔවුන් ප්රහාර දෙන්නේ රැකෙන්න බලාගෙන නොවෙයි. එමනිසා ඇඳුම නිසා කිසියම් අනතුරක් උනොත් ?
ඕකට චක්රලේඛ ඕනිද?
සාරිය පමණක් නීතිගත කල යුතුයි.