(අජන්ත කුමාර අගලකඩ)
රාජ්‍ය සේවකයින්ගේ කාර්යාල ඇඳුම් සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කිරිමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (25) උදේ පැවති කැබිනට් රැස්වීමේ දී ඒ සඳහා රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අනුමැතිය හිමිවී තිබේ.
ඒ අනුව රාජ්‍ය සේවයේ කාන්තාවන්ට සාරිය, ඔසරිය අමතරව වෙනම ඕනෑම සංවර ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලැබෙන අතර, මුහුණ ආවරණය නොවන පරිදි එම ඇඳුම් ඇදිය යුතු වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකත් හොඳයි
අපරාදේ, මන් හිතුවා චක්‍රලේඛනය වෙනස් කරලා පිරිමින්ටත් ජාතික ඇඳුම සුදු සරමයි සුදු අත් දිග කමිසයයි පමණක් අඳින ලෙස නියෝගයක් ඒවි කියලා
සාරි ඔසරි අපිටත් ඕන නෑ. අපිත් පහසු විදියට ගවුමක් හෝ කලිසමක් ටී ෂර්ට් එකක් ඇදන් එන්නම්. මොකටද සිංහල ගැහැණු විතරක් මේ රටේ දුක් විදින්නේ සාරිය පටලවගෙන.
සංවර අසංවර යන්න එකිනෙකාට සාපේක්ෂ විය හැකියි නේද?
ලංකාවේ දැවෙන ප්රශ්නය, ලේකම්තුමාට රාජ්‍ය සේවය බලාගන්න දීලා ඇමතිලා තමන්ගේ වැඩ කරගන්න
මෙතන තියෙන ප්‍රශ්නේ සංවර හෝ අසංවරකම නෙමේ. ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ඇදුම් අදින එක. දැන් දැන් කට්ටිය පීල්ලෙන් පිට පැනලා ආවේ කොහෙද යන්නේ කොහෙද මතක නැතුව ඉන්න වග පේනවා. ඡන්දෙ උණුසුම නිසා පාස්කු දවස අමතකම වෙලා ගිහින් වගේ. ඔහොම යමු ඔහොම යමු. ඊලග බෝම්බේ පුපුරනකල්. මැරෙන්නේ ඉතින් සාමාන්‍ය ජනතාවනේ ...
යාන්තම් .. අපි අපේ " ගැහැනියව ආරක්ෂා කරගත්තා " තව පොඩ්ඩෙන්.. මේ කොහෙවත් ඉන්න" ත්රස්තයන්, බුර්කාව"නිසා අපේ කාන්තාවන්ට තමයි.. අපහසුතාවයට සහ වන්දිගෙවන්න සිදු වෙන්න ගියේ .. ! " රන්ජිත් මද්දුමබණ්ඩාර " මේ තනතුරෙන් ඉල්ලා අස්විය යුතුයි.. !
සාරිය, ඔසරිය අමතරව වෙනම ඕනෑම සංවර ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලැබුණු එක හොඳයි. සාරි, ඔසරි ඇඳන් වැඩ කරන්න පුළුවන්ද? ඒවා ඇඳන් සංදර්ශන තමයි කරන පුළුවන්... කාන්තාවන්ට වැඩ මග හරින්න හොඳයි සාරි, ඔසරි.. ඒවා ඇඳන් පොඩි පෙට්ටියක්වත් උස්සන කැමති නැහැ. තමන්ගේ පෞද්ගලික වැඩෙත් අනුන් ලවා කරවා ගන්න හදන්නේ...