IMG-LOGO

රජයේ සත්ව ගොවිපොළ හයක් ආයෝජන සමාගම්වලට

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

ජාතික පශු සම්පත් මණ්ඩලය යටතේ ඇති මහ පරිමාණ සත්ව ගොවිපොළ හයක් දේශීය හෝ විදේශීය ආයෝජන සහිත ආයතනවලට දීර්ඝකාලීන පදනමින් බදුදීමට එම මණ්ඩලය විසින් ටෙන්ඩර්පත් කැඳවනු ලැබ ඇත.

ආයෝජන සමාගම් වලට මෙසේ බදු දීමට නියමිත සත්ව ගොවිපොළවල් වන්නේ නුවරඑළිය බෝපත් තලාව ගොවිපොළ( අක්කර 1133) පුත්තලම කොට්ටුකච්චිය ගොවිපොළ( අක්කර 500යි) කුරුණෑගල නිකවැරටිය ගොවිපොළ( 1054), අනුරාධපුර ඔයාමඩුව ගොවිපොළ( 1477), අනුරාධපුර පරසන්ගස්වැව ගොවිපොළ( 1632) සහ හම්බන්තොට වීරවිල ගොවිපොළ ( 472) ය.

මින් සමහරක් ලාභ ලැබූ ගොවිපොළවල් බව එම ආයතන ආරංචිමාර්ගවලින් පැවසේ.

ශ්‍රී ලංකාවේ සත්ව පාලනය සහ දියර කිරි කර්මාන්තය දියුණු කිරීමට හා රටට අවශ්‍ය අභිජනන සතුන්, කිරි,මස්, කෘෂිකාර්මික බෝග වගාව( සත්ව පාලන සඳහා අවශ්‍ය) සඳහා මහා පරිමාණ ගොවිපොළ සංවර්ධනය කිරීමට අදහස් කර ඇති හෙයින් එම ගොවිපොළවල් සතු ඉඩම් මෙම ව්‍යාපෘතිය යටතේ නවීන තාක්ෂණය භාවිතයෙන් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවත් ජාතික පශු සම්පත් මණ්ඩලය පවසයි.

 



අදහස් (3)

රජයේ සත්ව ගොවිපොළ හයක් ආයෝජන සමාගම්වලට

සනත් Saturday, 17 September 2022 12:19 PM

හොඳ යෝජනාවක්... හම්බන්තොටත් රිදීයගම, වීරවිල, බටඅත ගොවිපලවල ඉඩම් මහ කැළයට යටවී තිබෙනවා. කිසිම ප්‍රයෝජනයක් ගන්නේ නැතිව වැඩකට ගන්න හදනවිට අයිතිය කියනවා. පසුගියදා පැවැති හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී පවා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයා මෙම රජයේ සත්ව ගොවිපලවල් නිලධාරින්ට තදින්ම දෝෂාරෝපණය කළා.

:       3       18

ganegoda Saturday, 17 September 2022 02:00 PM

මේ ආයතන ගොට්ටන්ටයි, මැට්ටන්ටයි, හොට්ටන්ටයි පැවරීමෙන් සිදුවන සුගතියක් නැහැ... මෙතන සිද්ද වෙන්නෙත් අනිත් තැන්වල සිදුවන දේම තමයි. අන්තිමට කරපු ආයෝජනයකුත් නැහැ. හිටපු සත්තු ටිකත් නැහැ...!

:       3       16

ranjith Saturday, 17 September 2022 06:36 PM

පශු සම්පත් මණ්ඩලය ලාබ ලබපු ආයතනයක් නේද? කුණු කොල්ලෙට දෙන්න වගේ...

:       8       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 463 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 632 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site